IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


අවුරුදු 20 ක්ම නිකන් බලාගෙන හිටියා

රට හැරගිය දර්ශා කියයි

මේ රටේ ‘සිස්ටම් චේන්ජ්’ එකක් ඉල්ලලා පසුගිය කාලයේ රටේ තරුණයෝ අරගලයක් කළා. රටේ කිසිම දෙයක මේ කියන සිස්ටම් චේන්ජ් එකක් අදටත් දකින්න නෑ. රටේ ක්‍රීඩාවේ තත්වයත් ඕකමයි’’


මේ අදහස් දැක්වූයේ සුසන්තිකා ජයසිංහට පමණක් දෙවැනි වූ ශ්‍රී ලංකාවේ මෙතෙක් පහළ වූ අනෙක් අද්විතීයම මලල ක්‍රීඩිකාව වූ කේ.ඩී. දමයන්ති දර්ශා මහත්මියයි. ඇය මේ වන විට ශ්‍රී ලංකාව හැරගොස්  ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් සිටියි.


 ‘මෙල්බන්’ නුවර සිට ඉරිදා ලංකාදීපයට අදහස් දැක්වූ 48 හැවිරිදි දමයන්ති දර්ශා මහත්මිය කෙදිනකවත් තමා ශ්‍රී ලංකාව අමතක  නොකරන බවත් ඉඩ ලැබෙන අවස්ථාවල දී ලංකාවට ඇවිත් යන බවත් පැවසුවාය.


සිය සැමියා, දියණිය හා පුතුන් දෙදෙනා සමග ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය දමයන්ති දර්ශා මහත්මිය ‘ඉරිදා ලංකාදීපය’ සමග මෙසේ අදහස් දැක්වූවාය.


?ඔබ රට හැර ගියේ කලකිරීමෙන් ද?


‘මගේ රට ගැන මට කලකිරීමක් නෑ. මට මගේ රට ගැන තිබෙන්නේ ආඩම්බරයක්. නමුත් මට තිබෙන්නේ රටේ නිලධාරීන් ගැන කලකිරීමක්. ඒ නිසා ඔබ අහපු ප්‍රශ්නයේ යම් ඇත්තක් තිබෙනවා. මම මෙල්බන් අවේ යම්කිසි කලකිරීමකින් තමයි. ඒකට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයත් වගකිව යුතුයි.


?ජාත්‍යන්තර පදක්කම් රැසක්ම දිනා දුන් ඔබට ශ්‍රී ලංකාවෙන් ඇගයීමක් ලැබුණේ නෑ කියන එක නිවැරදි ද?


මම කවදාවත් එහෙම කියන්නේ නෑ. මම ජාත්‍යන්තර පදක්කම් දිනාගත් අවස්ථාවල දී රටෙන් ඇගයීම් ලැබුණු අවස්ථා තිබෙනවා. මම කියන්න හදන්නේ එහෙම එකක් නොවෙයි. දැන් මම 2006 දී ක්‍රීඩිකාවක් හැටියට සමුදීලා අද වෙන තුරු සිදුවුණු දේවල් දිහා බලාගෙන හිටියා.


 එතනදී මම දැකපු දෙයක් තමයි මේ රටේ ජාත්‍යන්තර පදක්කම් දිනාගත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එයින් පසුව නිසි ඇගයීමක් ලැබුණේ නෑ. ඔවුන් බලධාරීන්ගේ අවධානයට යොමු නොවුණු තරම්. ඒකට හේතුව තමයි මේ රටේ ක්‍රීඩාවට විතරක් නෙමෙයි කිසිදු කටයුත්තකට නිසි ක්‍රමවේදයක් නෑ.


 මම මේ රටේ මලල ක්‍රීඩා පුහුණුකාරිනියක් වෙන්න කැමැත්තෙන් හිටියා. නමුත්, ඒකට යොමුවෙන්න රටේ කිසිම නිවැරදි ක්‍රමවේදයක් තිබුණේ නෑ. මම කියන්නේ ඔය දැන් කෙරෙන විදියට මලල ක්‍රීඩා පුහුණුකරුවන් බිහිවීම නොවෙයි. නිසි ක්‍රමවේදයකට එය සිද්ධ විය යුතුයි. රටෙන් ගුණාත්මක පුහුණුකරුවෙක් බිහිවෙන්නේ එහෙම උණොත් විතරයි.


?ඔබ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ උප සභාපතිනියක් ලෙසත් කටයුතු කළා. එතන දී ඔබට පරිපාලනයට දායක වෙන්න හොඳ අවස්ථාවක් ලැබුණා නොවේද?


‘ඔය කියන තැනේ පිළිගැනීමක් ඇති ක්‍රීඩකයෙකුට ක්‍රීඩිකාවකට කටයුතු කරන්න කවදාවත් ඉඩක් ලැබුණේ නෑ. මම උප සභාපති ධුරයකට නාමයෝජනා දුන්න අවස්ථාවේදී සමහර නිලධාරීන් මට ආශිර්වාද කළා. ඔයා වගේ අය තමයි එතැනට අවශ්‍ය වෙන්නේ කියලා.


එහෙම කියපු ඒ සමහර නිලධාරීන්ම මට ඡන්දය දෙන්න එපා කියලාත් ව්‍යාපාර ගෙනිච්චා කියලා මට ආරංචි වුණා. ඒ අය මම දිනනවාට වඩා පරදිනවා දකින්නයි හිත ඇතුළෙන් ප්‍රාර්ථනා කළේ.


?ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩකයන්ගේ සංගමයේ උප සභාපති ලෙසත් ඔබ කටයුතු කළා?


 අපේ සංගමය වැඩක් කළා. නමුත් මේ සංගමය පිහිටවපු වෙලාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්වරයා ඒක තහනම් කරන්න කියලා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලිව්වා. මෙහෙම දෙයක් පිහිටුවන්න අපිට තරම් රටේ අයිතියක් තිබෙන වෙනත් පාර්ශ්වයක් ඉන්නවද?


ඔලිම්පික් ක්‍රීඩකයන්ගේ සංගමය ගැන පැහැදිලිව කියනවා නම් ඒක අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට බද්ද වෙලා යන සංවිධානයක්. නමුත් ඒක තහනම් කරන්න කියපු අය ඔවුන්ගේ පැවැත්මට එහෙම ඉල්ලීමක් කරන්න ඇති කියලයි මට හිතෙන්නේ.


මම තව කාරණයක් කියන්නම්. ජාතික ඔලිම්පික් කමිටුවේ ශ්‍රවණාගාරය නම් කරලා තිබෙන්නේ කාගේ නමින්ද? නමුත් මම විශ්වාස කරන්නේ ඒක නම් කළ යුත්තේ මේ රටට මේ වෙනකොට එකම ඔලිම්පික් පදක්කම දිනා දුන් සුසන්තිකා ජයසිංහගේ නමින් කියලයි.

 

දමයන්දි දර්ශා මහත්මිය මෙල්බන් නුවර දී සැමියා වන එරන්ද සිරිවර්ධන, දියණිය එසඳි, පුතුන් දෙදෙනා වන දිසඳු හා විනුත් සමග. 

 


?ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය ශත සංවත්සර උත්සවය සංවිධානය කරන විට ඇය එහි උප සභාපතිනියක්.


ශත සංවත්සර උත්සවයට කොවිඩ් වසංගතය හේතුවෙන් බලපෑම් එල්ල වුණා. නමුත් උත්සවය පවත්වපු වෙලාවේ මේ රටේ පිළිගැනීමක් ඇති කිසිම මලල ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවකට අඩු තරමින් ඇගයීම් කෙසේ වෙතත් ඇරයුම් කරන්නවත් සංවිධායකයන් උනන්දු වෙලා තිබ්බේ නෑ.


දැන් ඔය ජාත්‍යන්තර තරග සංචාරවලට කියලා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් ඕන තරම් රට යනවා. මේ කිසි එකක කටයුත්තකට හිටපු ප්‍රවීණ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කියන පිරිස සම්බන්ධ කර ගන්න නිලධාරීන් උනන්දු වෙලා නෑ.


මේ නිලධාරීන් හිතාගෙන ඉන්නවා මේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නූගත් පිරිසක් කියලා. ඔවුන්ට පරිපාලනය බෑ කියලා. මම මේ කතා කරන හැම ක්‍රීඩකයෙක්ම ක්‍රීඩිකාවක්ම පරිපාලනයට සම්බන්ධ කරගත යුතුයි කියලා මම කියන්නේ නෑ.


නමුත් මේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නූගත් වෙලා ඉන්න තරමට මේ රටේ නිලධාරීන් කැමතියි. මොකද ඒ අය එහෙම වුණාම ක්‍රීඩා පරිපාලනයෙන් හැමදාමත් ඈත් කරලා තියන්න ඒක ඒ අයට අවස්ථාවක් කර ගන්න පුළුවන් හින්දා.


?ශත සංවත්සර මලල ක්‍රීඩා ග්‍රන්ථය ගැන දමයන්ති දර්ශා මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.


ඒකේ අඩුපාඩු ගොඩක් මම දැක්කා. ඇතුළත් විය යුතු සමහර කාරණා ඒකේ ඇතුළත් වෙලා තිබ්බේ නැහැ. මම ගැන උනත් ඒකේ සඳහන් විය යුතු සමහර වැදගත් කාරණා අඩංගු වෙලා තිබ්බේ නෑ.


මේ රටේ කිසිම දෙයකට ජාතික ප්‍රතිපත්තියක් නෑ. ඒක රටේ ක්‍රීඩාවටත් නෑ. එහෙම රටක රටේ ක්‍රීඩාවට මෙහෙම වෙලා තිබෙන එක පුදුම වෙන්න බෑ. එදා අපි පදක්කම් දිනා ගන්න එක කොතරම් සුලභ උනාද කිව්වොත් අද වගේ ඒවාට උපහාර උත්සව තිබ්බෙත් නෑ. මුදල් තෑගි දුන්නෙත් නෑ.


නමුත් අද පදක්කමක් දිනා ගත්ත හැටියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර උත්සව තියනවා. සල්ලි දෙනවා. ඒකට හේතුව තමයි, එදා අපි පදක්කම් දිනා ගැනීම සුලභ වීමෙන්ම බලධාරීන්ට ඒකේ අගයත් අඩු වුණා. අද පදක්කම් එදා වගේ නැති හින්දා දිනන එකට දෙකටත් උපහාර උත්සව සංවිධානය කරන්න බලධාරීන් උනන්දු වෙලා ඉන්නවා.

 

 

■ නාමල් පතිරගේ



අදහස් (0)

අවුරුදු 20 ක්ම නිකන් බලාගෙන හිටියා

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3798 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 48 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1477 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 463 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 276 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 373 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1767 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1599 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site