|
කයිල් |
|
ගංගා |
සිකුරාදා (5) වන විට පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හය දෙනෙක් පැරිස් ඔලිම්පික් උළෙල සදහා නිර්දේශ ලබා සිටියහ.ඒ මලල ක්‍රීඩා, බැඩ්මින්ටන් හා පිහිනුම් යන ක්‍රීඩා ඉසව් තුනකිණි.
ප්‍රංශයේ පැරිස් නුවරදී 33 වැනි නූතන ගිම්හාන ඔලිම්පික් උළෙල ජූලි 26 වැනිදා නිල සමාරම්භක උත්සවයෙන් ආරම්භ වූවත් එහි ක්‍රීඩා ඉසව් කීපයක් ජූලි 23 වැනිදා සිට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.ක්‍රීඩා උළෙල අගෝස්තු 11 වැනිදා දක්වා පැරිස් ඇතුළුව එහි ආසන්නයේ හා දුරබැහැර නගර කීපයකදීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අඟහරුවාදා (2) මලල ක්‍රීඩාවෙන් ශ්‍ර්‍රේණිගත ලකුණු ක්‍රමයෙන් තරුෂි දිල්සරා කරුණාරත්න (මීටර් 800 - කාන්තා) හා නදීෂා දිල්හානි ලේකම්ගේ (හෙල්ල විසි කිරීම - කාන්තා) එසේ පැරිස් ඔලිම්පික් නිර්දේශ තහවුරු කර ගත්හ.බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් මෙවර ඔලිම්පික් නිර්දේශ ලබා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා විරේන් නෙත්තසිංහය.
ඔහු සුදුසුකම් ලේඛනයෙන් (තරග වැදීමෙන්) කෙළින්ම නිර්දේශ තහවුරු කර ගත් ක්‍රීඩකයෙකි.සුදුසුකම් නොලත් හෙවත් පංගු ක්‍රමයෙන් මෙවර ඔලිම්පික් උළෙල සදහාත් ශ්‍රී ලංකාවට පිහිනුම් ක්‍රීඩාවෙන් ඇයැදුම්පත් දෙකක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි විය.
ඒ අනුව ඒ සදහා නම් කර ඇත්තේ කයිල් අබේසිංහ හා ගංගා සෙනවිරත්නය. කයිල් අබේසිංහ ශ්‍රී ලංකාවේ ප්‍රකට පිහිනුම් ශූර මැතිව් අබේසිංහගේ බාල සොහොයුරාය.මොවුන්ගේ පියා වන ප්‍රකට පිහිනුම් පුහුණුකරු මනෝජ් අබේසිංහ මහතා පිහිනුම් කළමනාකරු ලෙස පැරිස් ඔලිම්පික් තරග සංචාරයට එක් වෙයි.
පසුගිය කාලය පුරා ආසියානු මලල ක්‍රීඩා පිටියේ පුවත් මැවූ 20 හැවිරිදි තරුෂි කරුණාරත්න මීටර් 800 ( කාන්තා) ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් නිර්දේශ කර ගැනීම කැපී පෙණෙන්නේ ඒ සදහා ඇය නිර්දේශ වූයේ අවසන් ක්‍රීඩිකාව ලෙසයි.
|
විරේන් |
එනම් මීටර් 800 කාන්තා ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් නිර්දේශ කර ගන්නා ක්‍රීඩිකාවන් 45 දෙනාගෙන් 45 වැනියා වෙමිණි.එහිදී සදහන් කළ හැක්කේ මෙම ඉසව්වට ලොව පුරා ක්‍රීඩිකාවන් 48 දෙනෙකු නිර්දේශ කර ගැනීමේදී පංගු ක්‍රමයෙන්ද තිදෙනකු එකතු කර ගැනේ.
|
තරුෂි |
ඒ සදහා ඒ වන විට ඉදිරියෙන්ම පසු වූයේ ඉතාලියේ සිට මේ වන විට දිවයිනට පැමිණ සිටින යුපුන් අබේකෝන්ය.එහෙත් ඔහු පාදයක මස් පිඩු ආබාධයකින් පෙළෙන බැවින් ඔහුට එම අවස්ථාව අවම වෙමින් තිබෙන තත්වයක් තුළ ඒ සදහා ජාතික තරගාවලියේ මීටර් 100 ශූරයා වන චමෝද් යෝධසිංහටද අවස්ථාවක් උදාවෙමින් තිබෙන බවද වාර්තාවේ.
වලල ඒ රත්නායක මධ්‍ය මහ විදුහලේ ශිෂ්‍යයාවක ලෙස කල් ගෙවමින් ළාබාල වියේදීම ආසියානු ශූරතා වාර්තාවක් පිහිටුවූ තරුෂි එවැනි දස්කමක් කළ මෙරට දෙවැනි පාසල් ශිෂ්‍යයාවයි.පළමු වැන්නා කොළඹ කාන්තා විදුහලේ ඉගෙනුම ලබමින් ආසියානු වාර්තාවක් පිහිටුවූ කේ.වී.දමයන්ති දර්ශායි.
තරුෂි ශ්‍ර්‍රේණිගත ක්‍රමයෙන් පැරිස් ඔලිම්පික් තහවුරු කර ගැනීම සදහා ඒ වෙනුවෙන්ම අන්තර්ජාතික තරගාවලි අටකට සහභාගිවී තිබේ. ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීමේ අවසන් දිනය වූ ජූනි 30 වැනිදා මෙරටදී සූදානම් කළ විශේෂ තේරිම් තරගයෙන් ලබා ගත් ලකුණු කීහිපය නොවන්නට තරුෂිගේ පැරිස් ඔලිම්පික් නිර්දේශයට දැඩි බලපෑමක් එල්ලවීමට ඉඩ තිබූ බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි.
දියගමදී පැවැති 102 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවීමේදී තරුෂි තරග වැදුණු මීටර් 800 (කාන්තා) ඉසව්ව වර්ෂාව මැද පැවැත්වීම පිළිබදව එහිදී ඇගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා මලල ක්‍රීඩා ආයතනය දෝෂ දර්ශනයට ලක් කිරීම මාධ්‍ය වාර්තා කර සිටියේය.
|
යුපුන් |
මේ අතර හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ ශ්‍රේණිගත ලකුණු ක්‍රමය ඔස්සේ ඉතා පැහැදිළිවම පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා ගත් මෙරට ක්‍රීඩිකාවයි.ඇය එහිදී නිර්දේශ ලද ක්‍රීඩිකාවන් 32 දෙනා අතරේ 26 වැනි ස්ථානයට ළගාවෙමින් එම දක්ෂතාවය දැක්වූවාය. මේ වන විට 37 වැනි වියේ පසු වන දිල්හානිගේ මෙතෙක් හෙල්ලයේ හොඳම එල්ලය මීටර් 61.57 කි.
ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේට පිරිමි ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීමට අවම වූයේ සෙන්ටිමීටර් පහක් හෙවත් අගල් දෙකක් පමණි. මේ නිසා මෙවර පැරිස් ඔලිම්පික් නිර්දේශයේදී වඩාත්ම අවාසනාවන්ත ශ්‍රී ලාංකිකයා වූයේ රුමේෂ් තරංගය.
වසරක ප්‍රමාදයකින් පසුව පැවැත්වූ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල හා සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා, බැඩ්මින්ටන් , තුරග තරග,
ජිම්නාස්ටික්, ජූඩෝ, ඉලක්කයට වෙඩි තැබීම, පිහිනුම් යන ක්‍රීඩා ඉසව් හතකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු සහභාගිවී තිබේ.
කෙසේවුවත් පැරිස් ඔලිම්පික් නිර්දේශ ශ්‍රී ලංකා සමස්ත ක්‍රීඩා කණ්ඩායම ක්‍රීඩා ඇමැති අනුමැතියට යොමු කිරීමට තව දින කීපයක් ගත විය හැකිය. ටෝකියෝ (2020) ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීමේදී එවර මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙන් හා නිමාලි ලියනආරච්චි මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් වයිල්ඩ් කාඩ් යටතේද එහිදී නිර්දේශ ලබා තිබේ. ශ්‍රී ලංකාව වැනි රටවලට ඔලිම්පික් පදක්කම් දිනා ගැනීම කෙසේවෙතත් ඒ සදහා නිර්දේශ ලබා ගැනීමම මහත් ගෞරවයක් ලෙස සැළකිය හැකිය.1948 දී ශ්‍රී ලංකාව පළමු ඔලිම්පික් පදක්කම දිනා ගැනීමෙන් පසුව ඊළග ඔලිම්පික් පදක්කම දිනා ගැනීමට තවත් වසර 52 ක් බලා සිටීමට සිදු විය.
එදා මෙදා තුර 1948 ආරම්භක ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සිට 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස ශ්‍රී ලාංකිකයෝ 121 දෙනෙකු ඔලිම්පික් තරග බිමට පිවිස තිබේ. එහිදී මෙතෙක් වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය සුසන්තිකා ජයසිංහ රිදී පදක්කම ( ලෝකඩ පදක්කම වෙනුවට පසුව ඇයට රිදී පදක්කම ප්‍රදානය වූවාය.) දිනා ගත් 2000 සිඩ්නි ඔලීම්පික් උළෙලදී වාර්තාවී තිබේ.එය ගණනින් 18 කි.
|
දිල්හානි |
ඔලිම්පික් උළෙලක නිර්දේශ ලැබීමත් ශ්‍රී ලාංකිකයන්ට දුර්ලභ අවස්ථාවක් බවට පත්ව ඇති බව පැහැදිළිය.ඒ 2020 දක්වා වසර 76 ක කාලය තුළදී ඊට අවස්ථාව හිමි කර ගෙන සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සීමිත ගණන දෙස බැලීමේදීය.
2016 රියෝ ඔලිම්පික් හා 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් නව දෙනෙකු බැගින් වන කණ්ඩායම් සහභාගිවී තිබේ.2012 ලන්ඩන් උළෙලට ශ්‍රී ලංකාව ක්‍රීඩකයන් 7 දෙනෙකුගේ කණ්ඩායමක් ඉදිරිපත් කර තිබේ.
- නාමල් පතිරගේ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd