
දරුවකුගේ අතට මුලින්ම පොතක් පත්වන මොහොත කියන්නේ, ඔහුගේ හෝ ඇයගේ ලෝකයට අලුත් දොරක් විවර වන මොහොතක්. ඒ පොතේ ඇති එක අකුරක්, එක ශබ්දයක්, එක පුංචි කතාවක් පවා හෙට දවසේ දරුවකුගේ ඉගෙනුම් ලෝකය හැඩගස්වන්නට පුළුවන්. ඒ පුංචි මනසට ඉංග්‍රීසි භාෂාව බරක් නොවී, සතුටක් කරමින් ඉගෙන ගන්නට මඟ කියන පොත් ලියන නදීකා ටීචර්ගේ කතාවත් එවැනි පුංචි අකුරකින් ඇරඹුණු ලොකු මෙහෙවරක්.
දරුවකුට ඉංග්‍රීසි කියන්නේ විභාගයකට ලකුණු එකතු කරගැනීමට පමණක් ඉගෙන ගත යුතු විෂයක් නොවේ. එය ඔහුගේ ඉදිරි ලෝකය සමග සන්නිවේදනය වීමට විවෘත වන තවත් එක් කවුළුවක්. ඒ කවුළුව පුංචි දරුවාට බියකින් නොව, සෙල්ලමකින්, කතාවකින්, රූපයකින් සහ හුරුපුරුදු ශබ්දයකින් විවර කරදීම නදීකා ටීචර්ගේ පොත්වල විශේෂත්වයයි. ඇය නදීකා මධුවන්තියි.
අද වනවිට Phonics, Story සහ Brain Boosting Activity වැනි විවිධ ආකාරයේ පොත් 24ක් හරහා ඇය පුංචි දරුවන්ගේ ඉගෙනුම් ලෝකයට ළඟා වී සිටින්නීය. ඒ අතරින් ඇගේ Phonics ශබ්දානුකූල අකුරු උච්චාරණය පොත් පමණක් ශ්‍රී ලංකාවේ දරුවන් 15,000කට අධික පිරිසක් අතට පත්ව තිබීම, දරුවන්ගේ මුල් ඉංග්‍රීසි ඉගෙනුම වෙනුවෙන් ඇය ගොඩනඟා ඇති මේ පුංචි ලෝකයේ විශාලත්වය කියාපාන සංඛ්‍යාවකි.
“මම මේ වනවිට දරුවන්ගේ වයස අනුව සහ ඔවුන්ගේ Learning Needs අනුව විවිධ වර්ගයේ පොත් නිර්මාණය කරලා තියෙනවා.
ඒ අතර Phonics පොත්, Story පොත්, මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන ක්‍රියාකාරකම් පොත්, ඇතුළු පොඩි දරුවන් වෙනුවෙන් ම පොත් 24ක් අද වෙනකොට දරුවන් අතරට පත් කරලා තියෙනවා. විශේෂයෙන්ම මගේ Phonics පොත් වලින් දරුවන්ට letters, sounds සහ early reading skills සරල ක්‍රම වලින් ඉගෙන ගන්න අවස්ථාව හදලා තියෙනවා. ඒ වගේම මගේ සෑම පොතක්ම best seller බවට පත්වෙලා තියෙනවා.”
මෙවර සාහිත්‍ය මාසයට පුංචි දරැවන්ට ටීචර්ගෙන් තවත් පොත් තුනක්
“Coco Story Book, Princess Fairy Story Book, Spot the difference
කියන මේ පොත් තුනම එකිනෙකට වෙනස් අත්දැකීම් තුනක් දරුවන්ට ලැබෙන විදිහට තමයි මම නිර්මාණය කළේ. මගේ එකම අරමුණ වුණේ දරුවන්ට ඉගෙනීම සතුටක් කරලා ඔවුන්ගේ නිර්මාණශිලිත්වය, සංකල්පනාරූපණය සහ සිතිමේ හැකියාව වර්ධනය කිරීමයි.”
“මෙවර ලියපු පොත් තුනෙන් Coco Story Book පොත හරිම විශේෂයි. අද ගත්තම දරුවෙකුට කම්මැලි වුණාම අපි බොහෝ වෙලාවට ජංගම දුරකථනය දෙන එක සාමාන්‍ය වෙලානේ. ඉතින් මම Coco පොත නිර්මාණය කළේ 'මට කම්මැලියි' කියන හැඟීම නිර්මාණශීලී අත්දැකීමක් බවට පත් කරගන්න පුළුවන් විදිය ගැන හිතන්න පොළඹවන කතාවක් විදිහට. 'මම තනියම මොනවා හරි නිර්මාණය කරන්නේ කොහොමද?' කියලා දරුවාට හිතන්න අවස්ථාවක් ලබා දෙන්න තමයි මම මේ පොත නිර්මාණය කළේ.”
“එතකොට Princess Fairy පොතේ විශේෂත්වය තමයි මේ කතාවේ අවසානය වෙනකොට දරුවන් තමන්ට කොයි තරම්ම ආදරේ කරන්න ඕනිද යන්න දරුවන්ට කියලා දෙනවා. මේ කතාවේදී දරුවන් කොයිතරම් ආදරණීයද, කොයිතරම් කරුණාවන්තද, කොයිතරම් දේවල් ගවේෂණය කරනවද, කොයිතරම් විශේෂයිද කියන එක දරුවන්ට ඒත්තු ගන්වනවා. ඒ වගේම Spot the Difference පොතේ විශේෂත්වය තමයි, මේක දරුවන්ට විනෝදෙන් කරන්න පුළුවන් මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය වනවෙන ක්‍රියාකාරකම් පොතක් . පින්තූර දෙකක් බලලා ඒවා අතර තියෙන වෙනස්කම් හඳුනා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ හරහා දරුවන්ගේ අවධානය, නිරීක්ෂණ හැකියාව, ඒකාග්‍රතාව, සහ සිතිමේ හැකියාව වර්ධනය කරගන්න පුළුවන්. ඒ නිසා මේ පොත නිකම්ම වෙනස්කම් සොයන ගේම් එකක් නෙවෙයි. ගේම් එකක් කරන අතරතුර ඉගෙන ගන්න පුළුවන් ආධාරකයක්.”

අකුරු හඳුනාගැනීමේ සිට ශබ්දය හඳුනාගැනීම දක්වාත්, එතැනින් මුල් කියවීමේ හැකියාව දක්වාත් දරුවාගේ අත අල්ලාගෙන යන මේ පොත් පිටුපස සිටින නදීකා ටීචර් කවුද?
“ඒක ටිකක් දිග කතාවක්. මගේ දුව ඔමායා පෙර පාසල් යන එක ප්‍රතික්ෂේප කළා. ඒකත් එක්ක මම එයාට නිවසේදීම උගන්වන ක්‍රමවේද ගැන අධ්‍යයනය කරමින් දරුවාට ඒවා කරන්න පටන් ගත්තා. ඒ vedios මම ෆේස්බුක් දැම්මා. හිතපු නැති විදිහට ඒවා ජනතාව ආදරෙන් වැළඳ ගත්තා. ඒ ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම තේරුම් ගත්තා පෙර පාසල් යන නොයන දරුවන් දෙගොල්ලන්ටම නිවසේදී උගන්නවන ක්‍රමවේද වැදගත් බව. එතැන ඉඳන් මම දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න, දරුවන්ගේ මනෝ සංවර්ධනය ගැන කතා කරන්න, පුර්ව ළමා විය සංවර්ධනය කිරීමට අවශ්‍ය කරන දැනුම සහ සුදුසුකම් සපුරලන්න පටන් ගත්තා.මේ වන විට මම Graduate Dip in TESOL, Diploma in Psychology, National Diploma in Preschool Teacher Training, Pearson UK Assured Diploma in Montessori Method and Primary Education, Bachelor of Early Childhood Education අවසාන වසරේ අධ්‍යයන කටයුතු කරමින් ඉන්නවා.
නදී ටීචර්ගේ මේ ගමනේ දී ශක්තියක් වුණ අය මතක් කරමු ?
“මගේ කතාවේ ගැහැණියක් වුණු මගේ සාර්ථකත්වය පිටුපස ඉන්නේ මගේ සැමියා. මේ අධ්‍යාපනයට ආදරය එකතු කරන්න හේතුව වුණේ මගේ දුවල දෙන්නා ඔමායා සහ ඔනලි. එයාලා දෙන්නවත් ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මගේ ආදරණීය අම්මා. ඇය මම වෙනුවෙන් පොඩි කාලේ ඉඳන් කරපු කැප කිරීම් බොහොමයි. ඒ වගේම තමයි මගේකාර්ය මණ්ඩලය. මේ ගමනෙදි මගේ වත්කම මාව ආදරෙන් වැළඳ ගන්න සියලුම දෙමව්පියන් සහ දරුවන්. ඔවුන්ගෙන් ලැබෙන ආදරය මාව බොහෝම ශක්තිමත් කරනවා.ඉතින් මගේ දරුවන් දෙදෙනාට වගේම ලංකාවේ ඉන්න සියලුම දරුවන්ට පීඩනයකින් තොරව සතුටින් ඉගෙන ඉගෙනගන්න ඕන කියන සංකල්පය යටතේ තමයි මම මේ සියලු දේවල් වලට යොමු වුණේ. මට අපේ දෙමාපියන්ට කියන්නේ අපේ දරුවන්ට හැමවෙලේම තිරයක් එකක් අවශ්‍ය නෑ. ඔවුන්ට පොතක් දෙන්න, චිත්‍රයක් අඳින්න ඉඩ දෙන්න, කතාවක් කියවන්න ,ප්‍රශ්නයක් අහන්න, ඔවුන්ට තමන්ගේම විදිහට හිතන්න ඉඩ දෙන්න.”
නදීශා අතුකෝරළ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd