IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


ලොව ප්‍රථම වායු මෝටර් සයිකලය


අලු‍ත් වර්ගයේ මෝටර් සයිකලයක් කරළියට පැමිණ ඇත. ඒ, මෝටර් සයිකල් සහ ත්‍රී රෝදරථ නිෂ්පාදනයේ ප්‍රමුඛයකු වෙන ‘බජාජ් ඔටෝ‘ සමාගමේ, ‘බජාජ් ෆ්‍රීඩම් 125‘ මෝටර් සයිකලයයි. ‘බජාජ්‘ මෝටර් සයිකල් අපට අලු‍ත් දෙයක් නොවෙයි. ඒත්, මෙම මෝටර් සයිකලය අලු‍ත්ය. සුවිශේෂීය. මෙහි මිල ඇමෙරිකන් ඩොලර් 1,150 කට අඩුය. ඉන්දීය රුපියල්වලින් නම් ඉන්දීය රුපියල් 95,000 ක් යැයි පැවැසෙයි. ‍මෙය සුවිශේෂී වෙන්නේ ඇයි? මිල නිසාද? නැත. එය සුවිශේෂී වෙන්නේ මෙය පරිසරහිතකාමී මෝටර් සයිකලයක් නිසාය. මෙය ලොව පළමු එල්එන්ජී (LNG) මෝටර් සයිකලයයි. සරලව කීවොත් ලොව පළමු ස්වභාවික වායුවලින් පණ ගැන්වෙන මෝටර් සයිකලයයි.

ස්වාභාවික වායු යනු පොළොව ගැඹුරේ එක්රැස් වී තැන්පත් වී ඇති වායු ය. ප්‍රධාන වශයෙන් මේවායේ ඇති සංඝටකය වෙන්නේ, අප බොහොම හොඳින් දන්නා මීතේන් ය.

ස්වාභාවික වායු යනු ගඳක් සුවඳක් හෝ පැහැයක් හේ නොමැති දෙයකි. එහෙත්, මෙම වායු භාවිතයට ගැනීමේදී ඒවාට කෘත්‍රිම රසායනයක් එක් කරමින් ගඳක් නිර්මාණය කරයි. ඒ, වායු කාන්දුවකදී ඒ බව පහසුවෙන් දැනගැනීමට හැකි වෙන ආකාරයටය. එසේ රසායනයක් එක් කළ විට ස්වභාවික වායුවලින් නිකුත් වෙන්නේ කුණු බිත්තර ගඳකි.

ස්වාභාවික වායු ස්වාභාවික ආයුරින්ම වායුවක් ලෙස පවතී. ස්වභාවික වායු ලබාගැනීම පහසු ක්‍රියාවලියක් නොවෙයි. පොළොව අභ්‍යන්තරයේ ස්වභාවික වාතය එක්රැස්වීම සිදුවෙන්නේ අධික තාපය සහ පීඩනය හේතුවෙන් කාබනික ද්‍රව්‍ය ජීර්ණයත් සමඟ ස්වභාවික ක්‍රියාවලීන් හරහාය. එසේ ස්වභාවික වායු එක්රැස්වීමට වසර මිලියන ගණනක් ගතවෙයි. 

මෙම වායු පෘථිවි අභ්‍යන්තරයෙන් උරා ගැනීම සිදුවෙන්නේ ‘හයිඩ්‍රොලික් ෆ්‍රැක්ෂනින්  ‘Hydraulic fracturing’ හෙවත් ‘ෆ්‍රැකින්’ යනුවෙන් හැඳින්වෙන කැණීම් ක්‍රමය භාවිතයෙනි. අද රටවල් බොහොමයක් ඔවුන්ගේ ඉදිරි දශකයේ බලශක්ති අවශ්‍යතා සපුරාගැනීමට ස්වාභාවික වායු එක් රැස් කර ගන්නේ මෙම ‘ෆ්‍රැකින්‘ කැණීම් හරහාය.

මෙම  නව මෝටර් සයිකලය සහ එය බල ගැන්වෙන එල්එන්ජී (LNG) ගැන කතා කිරීමට පෙර, එල්එන්ජී (LNG) ගැන ද කතා කළ යුතුය. සීඑන්ජී (LNG) සහ එල්එන්ජී (LNG) ඉන්ධනයන්ය. ස්වාභාවික වායුවලින් නිපදවාගන්නා පරිසරයට හානියක් නොවන පරිසර හිතකාමී ඉන්ධන වර්ග දෙකකි. එකක් වායුවකි. අනෙක ද්‍රවයකි. 

අප කාටත් හොඳින් හුරුපුරුදු එල්එන්ජී LNG – Liquefied Natural Gas යනු ස්වාභාවික වායු ද්‍රවමය තත්ත්වයකට පත් කිරීමය. සීඑන්ජී Compresed Natural Gas යනු සම්පීඩිත ස්වාභාවික වායුව යන්නය. ස්වාභාවික වායු සම්පීඩනය කරමින් ගබඩා කර ගැනෙන අතර, ඒවා ඉන්ධන වශයෙන් භාවිතයට ගැනෙයි. 

මෙම මෝටර් සයිකලය බල ගැන්වීම සිදුවෙන සීඑන්ජී ,ප්‍රධාන වශයෙන් මීතේන්වලින් සමන්විත ඉන්ධන වායුවකි, මෙය සම්මත වායුගෝලීය පීඩනයේදී එය දරන පරිමාවෙන් සියයට 1 ට වඩා අඩුවෙන් සම්පීඩිත වෙයි. එය සාමාන්‍යයෙන් සිලින්ඩරාකාර හෝ ගෝලාකාර හැඩයෙන් මෙගාපැස්කල් 20-25 (2,900-3,600 පී.එස්.අයි.) පීඩනයක දී තද බහාලු‍ම්වල ගබඩා කිරීම සහ බෙදා හැරීම සිදුකරයි.

සී.එන්.ජී  භාවිත කරනු ලබන්නේ, වෙනස් කරන ලද සම්ප්‍රදායක පෙට්රල් / අභ්‍යන්තර දහන යන්ත්‍ර සහිත මෝටර් රථවලට හෝ සී.එන්.ජී භාවිතය සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද මෝටර් රථවලටය. සී.එන්.ජී භාවිතය, පෙට්රල්, ඩීසල් ඉන්ධන සහ ද්‍රව පෙට්රෝලියම් වායුව හෙවත් එල්.පී.ජී. වෙනුවට යොදා ගත හැකිය. සී.එන්.ජී  දහනයේ දී, ඉහත සඳහන් කළ අනෙක් ඉන්ධනවලට වඩා අඩු අහිතකර වායු නිපදවීමක් සහ මුදා හැරීමක් සිදුවෙයි. එය පරිසර හිතකාමී වෙන්නේ ඒ නිසාය. අද වෙන විට ත්‍රී රෝද රථ, කැබ් සහ ට්‍රක් රථ, පාසල් බස් රථ සහ දුම්රිය සඳහා ද සී.එන්.ජී. ඉන්ධන භාවිතයට ගැනෙයි. එසේ වුවත් LaNG මෝටර් සයිකලයක් කරළියට ආ පළමු අවස්ථාව මෙයයි.

මෙම වායු සයිකලය ඉන්ධන ටැංකි දෙකකින් සමන්විත වෙන අතර, ප්‍රධාන ඉන්ධන ටැංකිය LaNG සඳහාය. ඊට අමතරව පෙට්‍රල් ටැංකියක් ද ඇත. ඒ මෝටර් සයිකලයකින් බලාපොරොත්තු වෙන වේගය සහ ජවය සඳහා යැයි කීවොත් නිවැරදිය. ‘බජාජ් ෆ්‍රීඩම් 125‘ මෝටර් සයිකලයට ඇත්තේ 124.58 සීසී ඇන්ජිමකි. එහි උපරිම බලය 9.5 පී.එස්. වෙන අතර, වේග 5 ක ගියර් බොක්ස් එකක් අන්තර්ගතය. මෝටර් සයිකලයේ ඉදිරිපසට යොදා ඇත්තේ මිමි 240 තැටි තිරිංගයක් (Disc Brake) වෙන අතර පසුපසට යොදා ඇත්තේ මිමි 130ක තිරිංග බෙරයකි (Drum Brake). 

මෙම සමාගම පවසන ආකාරයට, සී.එන්.ජී යතුරුපැදියට, සමාන ඉන්ධන ප්‍රමාණයකින් පැට්‍රල්වලට වඩා දෙගුණයක තරම් දුරක් ධාවනය කළ හැකිය. ඒ අනුව සී.එන්.ජී හා පෙට්‍රල් මාදිලි දෙකම ඇති විට, එනම් එහි ඉන්ධන ධාරිතාව සම්පූර්ණයෙන් පුරවා ඇති විට, යා හැකි මුළු දුර ප්‍රමාණය කි.මී. 334කි. 

ඉන්දියානුවන් ඔවුන්ගේ මෝටර් සයිකලවලට දේවත්වයෙන් සලකයි. ඇත්තෙන්ම ඒවා ඔවුන්ගේ ජීවිත පහසු කරයි. මෝටර් සයිකල් වැඩියෙන්ම භාවිතයට ගන්නා රටක් වෙන්නේ ද ඉන්දියාවය. එවැනි තත්ත්වයක් යටතේ පරිසර හිතකාමී, ‘බජාජ් ෆ්‍රීඩම් 125‘ මෝටර් සයිකලය, විදුලි බලැති බැටරියෙන් ක්‍රියාත්මක වෙන මෝටර් සයිකලයක් නොවෙයි. ඒත් වේගය ජවය පිරුණු, ‘බජාජ් ෆ්‍රීඩම් 125‘ සැබැවින්ම අපූරු නව නිෂ්පාදනයකි. 

දහනයේදී පරිසර හිතකාමී වුවත්, ස්වභාවික වායු කැණීමේදී මෙන්ම වායු කාන්දුවකදී සිදුවෙන පරිසර හානිය අතිමහත් බව කිව යුතුය. 2015 ඔක්තෝබර් 23 වැනිදා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා සුසානා කඳුකරයේ ඇලිසෝ කැනියොන් ස්වාභාවික වායු කාන්දුව ඊට හොඳම උදාහරණයකි. 

මෙම කාන්දුව නතර කිරීමට දින 112 ගතවූ අතර ඒ අතරතුර පිටවූ වායු ප්‍රමාණය ටොන් 97,100ක් බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙය සමාන කළ හැකිවෙන්නේ මෝටර් රථ ලක්ෂ 6 ක් අවුරුද්දක් පුරා සිදු කරන පරිසර දූෂණයට යැයි පරිසරවේදීහු පෙන්වා දෙති. 

LNG භාවිතයට ගැනීමේ දී ඊට ප්‍රමාණවත් යටිතල පහසුකම් තිබිය යුතුය. විදේශවල LNG භාවිතය සිදුවෙන්නේ, විදුලි බලය නිපදවීමට පමණක් නොවෙයි. 

විදුලි බලය නිපදවීමට සමගාමීව, වෙනත් ක්ෂේත්‍රවල LNG භාවිතය සුදුසු ලෙස වැඩි දියුණු කර ඇත. ඒ, දිගු කාලීන සැලසුම්වලට අනුවය. හොඳම උදාහරණය දකුණු කොරියාවය. දකුණු කොරියාවේ බස් රථවලින් 86% ධාවනය සිදු කෙරෙන්නේ LNG භාවිතයට ගනිමිනි.


‘ද හින්දු’ ඇසුරිනි.
ලු‍සිත ජයමාන්න


 



අදහස් (0)

ලොව ප්‍රථම වායු මෝටර් සයිකලය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 83 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 918 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2538 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site