IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


අධික උෂ්ණත්වයේ වැඩ කරන්න සීතල ඇඳුමක්

 

  • වර්තමානයේ ශරීරය සිසිල් කරන පද්ධතියක් සහිතව නිර්මාණය වන ඇඳුම් මේ වන විට රටවල් 30 ක සිටින පුද්ගලයන් සහ සමාගම් වෙත අලෙවි කිරීම සිදු කරනු ලබයි. 2014 වසරේදී මෙම තාක්ෂණය සහිත ඇඳුම් අලෙවි කිරීමෙන් ටෙක්නිෂ් සමාගම යුරෝ 150000 ක ආදායමක් ලබා ඇති අතර, එම අදායම 2022 වසරේදී යුරෝ මිලියන 7.7 දක්වා වැඩි වී ඇත.

 

සෑම දිනකම උදෑසන කටාර්හි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රුකියාවේ නිරත වන පුද්ගලයෝ දහස් ගණනක් තම නිල ඇඳුම ජලයේ පොඟවා ගනිමින් දවසේ වැඩ ආරම්භ කරති. මෙය සෑම දිනකම උදෑසන කටාර් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන් පිළිපදින ඉතාමත් සරල චාරිත්‍රයකි.


ගිම්හාන කාලයේ සාමාන්‍ය දිනක උෂ්ණත්වය සෙලිසියස් අංශක 48 ට වඩා වැඩි වන අතර, අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන බලපෑම් අවම කිරීම සඳහා කටාර් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවේ නිරත වන පුද්ගලයන්ට විශේෂිත නිල ඇඳුමක් ලබා දෙනු ලබයි. එම නිල ඇඳුමට ශරීරයේ උෂ්ණත්වය අවම කිරීමට හැකියාව තිබෙන අතර, ඒ සඳහා එම නිල ඇඳුම ජලයේ පොඟවා ගැනීම අත්‍යවශ්‍ය වේ. එමගින් පැය 7 ක් යනතුරු ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 8 කින් අඩු කිරීමට එම නිල ඇඳුමේ ඇති සිසිල් කිරීමේ තාක්ෂණයට හැකියාව ලැබේ.


මෙම නව තාක්ෂණයෙන් යුත් නිල ඇඳුම් බ්‍රිතාන්‍යයේ ටෙක්නීෂ් සමාගම නිර්මාණය කර ඇත. ටෙක්නීෂ් සමාගම මෙම සිසිල් කිරීමේ තාක්ෂණය සහිත ඇඳුම් ස්ටේ කූල් සූට්ස් ලෙස නම් කර තිබේ. මෙම ඇඳුමේ පිටත විශේෂිත දැලකින් නිර්මාණය වී ඇති අතර ඇතුළත ජලය කාන්දු නොවන අයුරින් නිර්මාණය වී තිබේ. ඒ හේතුවෙන් නිල ඇඳුම් ජලයෙන් පොඟවා ගත්තත් තෙත ගතිය සේවකයන්ගේ ශරීරයට දැනෙන්නේ නැත. මෙම ඇඳුම් උෂ්ණත්වය උරා ගනිමින් වාෂ්පීකරණය මගින් ඇඳ සිටින්නාගේ ශරීරය සිසිල් කිරීම සිදු කරනු ලබයි.


උෂ්ණත්වය පරාජය කිරීම සඳහා ඇඳුම් නිර්මාණය විය යුතු යැයි සිතන එකම සමාගම ටෙක්නීෂ් නොවන අතර, 2023 ඉතිහාසයේ අධිකම උෂ්ණත්වය තිබූ වසර ලෙස වාර්තා අතරට එක්වීම හේතුවෙන් අනෙක් සමාගම්ද ශරීරය සිසිල් කරවන ඇඳුම් නිර්මාණය කිරීම සඳහා උනන්දුවක් දක්වයි. ඉදිරි වසරවලදී අධික උෂ්ණත්වයක් වාර්තා වීමට ඉඩ තිබීම හේතුවෙන් එක්සත් ජනපදය ශරීරය සිසිල් කරවන ඇඟලු‍ම් වාණිජකරණය කිරීම සඳහා දැනටමත් කටයුතු ආරම්භ කර ඇත. චීනයද අධික උෂ්ණත්වයට පිළිතුරු සොයමින් සිටින අතර, ඔවුහු උෂ්ණත්වය පරාවර්තනය වන රෙද්දක් අත්හදා බලමින් සිටිති. මේ වන විට ශරීර උෂ්ණත්වය සිසිල් කළ හැකි අයුරින් ඇඳුම් නිර්මාණය කිරීම ඇඟලු‍ම් ක්ෂේත්‍රයේ උණුසුම්ම මාතෘකාවක් වී තිබේ.


දේශගුණික විපර්යාස උෂ්ණත්වය අධිඅවදානම් කලාපයට තල්ලු‍ කරන බවත්, ඒ හේතුවෙන් ශරීරය සිසිල් කරන තාක්ෂණය සහිත ඇඳුම්වලට තිබෙන ඉල්ලු‍ම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවත්, දේශගුණයට හිතකර ඇඳුම් නිෂ්පාදනය කරනු ලබන සමාගම්වල මුදල් ආයෝජනය කරනු ලබන සමාගමක හවුල්කරුවකු වන සෝෆි බකාලර් පවසා ඇත.
අධික උෂ්ණත්වය අප අපහසුතාවට පත් කරනවා සේම අප ලෙඩ කරවයි. අධික උෂ්ණත්වය රටක නිෂ්පාදන ධාරිතාවටද බලපෑමක් එල්ල කරයි. 2021 වසරේදී ලෝකයේ කෘෂිකර්මය, ඉදිකිරීම්, නිෂ්පාදන සහ සේවා ක්ෂේත්‍රය යන ක්ෂේත්‍රයන්හි වැඩ කරන පැය මිලියන 470 කට, අධික උෂ්ණත්වය බලපෑමක් එල්ල කර තිබේ. එළඹෙන දශකවලදී උෂ්ණත්වය තවත් ඉහළ යා හැකි බවට සාක්ෂි තිබෙන බවත්, එය ටෙක්නිෂ් වැනි සමාගම්වලට වැඩීමට හේතුවක් වනු ඇති බවත් පැවැසෙයි.

 

නව තාක්ෂණයට අනුව නිර්මාණය කළ සිසිල රඳන ජැකට්ටුව


වර්තමානයේ ශරීරය සිසිල් කරන පද්ධතියක් සහිතව නිර්මාණය වන ඇඳුම් මේ වන විට රටවල් 30 ක සිටින පුද්ගලයන් සහ සමාගම් වෙත අලෙවි කිරීම සිදු කරනු ලබයි. 2014 වසරේදී මෙම තාක්ෂණය සහිත ඇඳුම් අලෙවි කිරීමෙන් ටෙක්නිෂ් සමාගම යුරෝ 150000 ක ආදායමක් ලබා ඇති අතර, එම අාදායම 2022 වසරේදී යුරෝ මිලියන 7.7 දක්වා වැඩි වී ඇත.


එසේම මේ වන විට ශරීරය සිසිල් කරන ඇඳුම් සඳහා තිබෙන වෙෙළඳපොළ ඉල්ලු‍ම ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව එම සමාගමේ සම නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ජේම්ස් රසල් මහතා පවසා තිබේ. වර්තමානයේ ටෙක්නිෂ් සමාගම ශරීරය සිසිල් කළ හැකි කබායක් නිර්මාණය කරන බවත්, එම කබාය ඇඳ සිටින්නාගේ හදවත නිරීක්ෂණය කළ හැකි සංවේදක එහි තිබෙන බවත්, ජේම්ස් රසල් පෙන්වා දී තිබේ. එසේම උෂ්ණත්වය උරා ගත හැකි ඇඳුමක්ද ටෙක්නිෂ් සමාගම නිර්මාණය කරමින් සිටින බව රසල් ප්‍රකාශ කර ඇත.


එක්සත් රාජධානි ශාඛාවේ සිටින කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රෙනුකෙන් චෙන් වායු සමීකරණය කළ හැකි ඇඳුමක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටින බව ද ජේම්ස් රසල් සඳහන් කර ඇත. ඇඳුම ඇඳ සිටින්නාට කැමති උෂ්ණත්වයක් පවත්වා ගත හැකි උපකරණයක් මේ වනවිට  නිර්මාණය කිරීමට මහාචාර්ය චෙන් සමත් වී ඇත. එම උපකරණය ලිතියම් අයන් බැටරියක් මගින් ක්‍රියා කරන බවත්, එම උපකරණය ප්‍රමාණයෙන් කුඩා වීම හේතුවෙන් පහසුවෙන් ඇඳුමකට සවි කිරීමට හැකි බවත් මහාචාර්ය චෙන් පවසා තිබේ. එමගින් ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 කින් අඩු කිරීමේ හැකියාව තිබෙන බවත් මහාචාර්ය චෙන් ප්‍රකාශ කර ඇත.


ලෝකයේ දේශගුණය වෙනස් වෙමින් පවතින බවත් එය ආපසු හැරවීම සිදු කළ නොහැකි බවත් මහාචාර්ය චෙන් පවසයි. පරිසරයට නිකුත් වන අහිතකර කාබන් ඩයොක්සයිඩ් වායුව අඩු කිරීම අත්‍යවශ්‍ය වුවත් අධික උෂ්ණත්වය යටතේ ජීවත් විය හැකි ක්‍රම සොයාගැනීමද ඉතා වැදගත් බව මහාචාර්ය චෙන් පවසා තිබේ.


මෙම වන විටත් තම පර්ෙ‌ය්ෂණ කණ්ඩායම කැලිෆෝනියාව පදනම් කරගත් සමාගමක් සමඟ වායු සමීකරණ උපකරණය මහා පරිමාණයෙන් නිපදවීම සඳහා ගිවිසුම්ගත වී ඇති බවත්, එමගින් වායු සමීකරණ උපකරණය සහිත ෂර්ට් එකක් ඇමෙරිකානු ඩොලර් 200 ක් වැනි මුදලකට නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබෙන බවත් මහාචාර්ය චෙන් ප්‍රකාශ කර ඇත.


චීනයේ ෂීජියෑන් විශ්ව විද්‍යාලය, හෝසොන්ග් විශ්ව විද්‍යාලය සහ තවත් ආයතන කිහිපයක් එකතු වී උෂ්ණත්වය පරාවර්තනය වන රෙද්දක් නිර්මාණය කිරීමට පර්ෙ‌ය්ෂණ සිදු කරයි. එහිදී නැනෝ ද්‍රව්‍ය භාවිතයෙන් පොලියෙස්ටර්වල ව්‍යුහය වෙනස් කිරීමක් සිදුකරන බවත්, එමගින් ආසන්න වශයෙන් සූර්ය කිරණ සියයට 90 ක් පරාවර්තනය වීමක් සිදුවන බවත් එම පර්ෙ‌ය්ෂණ කණ්ඩායම පවසයි. මෙම රෙද්දෙන් නිර්මාණය වූ ඇඳුමක් ඇඳ සිටින්නෙකුට දහවල් කාලයේ වායුගෝල උෂ්ණත්වයෙන් සෙල්සියස් අංශක 5 ක්ද, රාත්‍රියේදී සෙල්සියස් අංශක 10 ක්ද  උෂ්ණත්වයෙන් අඩුකර ගැනීමේ අවස්ථාව ලැබෙන බව පර්ෙ‌ය්ෂණ කණ්ඩායම පෙන්වා දී ඇත.
නමුත් මෙම නිර්මාණවල වාසි මෙන්ම අවාසිද තිබේ. මහාචාර්ය චෙන්ගේ වායු සමීකරණ උපකරණය කිලෝ ග්‍රෑම් 1.5 ක් බර අතර වායු සමීකරණ පද්ධතියක් සහිත ඇඳුමක් අඳින්නෙකුට අමතර කිලෝ ග්‍රෑම් 1.5 ක බරක් දැරීමට සිදුවේ. එසේම මෙම නිර්මාණ නවීන විලාසිතාවලින් නිර්මාණය නොවේ. ටෙක්නිෂ් සමාගමේ ශරීරය සිසිල් කළ හැකි විශේෂිත නිල ඇඳුමද සාමාන්‍ය නිල ඇඳුමකට වඩා සියයට 20 ක් බරින් වැඩිය.

 

 

■ විමුක්ති එස්. රුද්‍රිගු

 

South China Morning Post ඇසුරෙනි

 



අදහස් (0)

අධික උෂ්ණත්වයේ වැඩ කරන්න සීතල ඇඳුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

තක්සලාව

බෙරගල කන්දේ වැඩසිටින රහතන් වහන්සේලා
2025 මැයි මස 08 29 0

ඒ උතුම් පංච අභිඤ්ඤාලාභී උතුමන් පස්නමම වැඩ සිටින්නේ එකට. උන්වහන්සේලාගෙන් දෙනමක් ලංකාවාසි වන අතර, තුන් නමක් ඉන්දියාවේ වාසය කරන අයයි.


ඉදිරි දහ අට මාසයේ පෙරළි බහුලයි
2025 මැයි මස 08 21 0

ලෝකය සහ සොබා දහමේ හට ගන්නා වෙනස්වීම් පුරෝකථනය කිරීම සඳහා වූ පැරණිතම විද්‍යාව වන්නේ Mundane Astrology හෙවත් ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව ය. යටත් පිරිසෙයින් එහි භාවිත


සූර්යවංශි, ක්‍රිකට් වංශකතාවේ යෝධයෙක් වෙයිද
2025 මැයි මස 08 21 0

මේ දිනවල ක්‍රිකට් හිතැති හැමදෙනාම කතා කරන්නේ වෛභව් සූර්යවංශි ඉන්දියානු යෞවනයා ගැන. ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම ශතක ලැයිස්තුවේ දෙවැනි තැ


වෙසක් මස ග්‍රහ ගමන ඔබේ ලග්නයට කෙරෙන බලපෑම
2025 මැයි මස 08 30 0

මෙම මස ග්‍රහ ගමන් සිදුවෙන ආකාරය අනුව ඔබ උපන් ලග්නයට අදාළව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය පිළිබඳව කෙරෙන විග්‍රහය


සඳු කේන්දරයේ පිහිටන ආකාරය අනුව ඔබේ අනාගතය ගැන කියවෙන රහස්
2025 මැයි මස 08 10 0

කේන්ද්‍ර සටහන යනු අපගේ අනාගතය පිළිබඳව කියැවෙන ග්‍රහ පිහිටීම් සහිත ලේඛනයකි. මෙකී කේන්දරය තුළ විවිධ ග්‍රහ ස්ථානයන්හි විවිධ ග්‍රහයන් පිහිටා තිබීම මත එම


රජෝදර්ශන කාලයේදී ස්නානය සුදුසු ද
2025 මැයි මස 08 16 0

ගැහැනු ළමයකු ගේ දෙවන උපත ලෙස මල්වර වීම හඳුන්වන්න පුළුවන්. එය නව දිවියකට පා තබන සංක්‍රමණික අවධියක් වන්නා සේම, එහිදී දරුවකු ශාරීරිකව මෙන්ම මානසිකව ද යම් ය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 5 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1287 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site