
(නිමල කොඩිතුවක්කු)
පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කරන තෙක් රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සෑම බදාදා දිනයකම පොදු ප්‍රවාහන සේවා සීමා සහිතව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අනෙකුත් දිනවලත් රජයේ ආයතනවල සමස්ත කාර්යය මණ්ඩල කැඳවිමට අපේක්ෂා නොකරන බවත් සේවා අවශ්‍යතාවය මත අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ අභිමතය පරිදි එම කටයුතු සිදුකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදින් කළ විමසිමක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd