
(කේ බුද්ධික කුමාරසිරි)
ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සාමාජිකයකු ලෙස ලංකා මෙට්‍රො බස් සමාගම ලබන ඔක්තෝබර් 08 දින පිහිටු වන බව ප්‍රවාහන මහා මාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
සම්පූර්ණයෙන්ම සියයට සියයක් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සමාගමක් ලෙස මෙම සමාගම පිහිටවන බවත් නමුත් එහි ක්‍රියාකාරීත්වය පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වයට සමාන වන බවද අමාත්‍යවරයා පැවසීය.
ලබන 2026 වර්ෂයේ ජනවාරි පළමු වන දින සිට දුර ගමන් ධාවනයේ නිරත සාමාන්‍ය බස් රථවල ගමන් ගන්නා මගීන්ට ද ආරක්ෂක බඳ පටි පැළඳවීම අනිවාර්ය කරන බව ප්‍රවාහන මහා මාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය.
"පුනරුදයට මග" තේමාව යටතේ බස් ඩිපෝ 25 ක් නවීකරණය කිරීම ආරම්භ කිරීම නිමිත්තෙන් තලංගම ඩිපෝ පරිශ්‍රයේදී පැවැති වැඩසටහන අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් පැරණි ලේලන්ඩ් සහ ටාටා බස් රථ වල ආරක්ෂිත බද පටි සවි කර නැති නිසා අලුතින් එයට බද පටියක් සකස් කරන ලෙස ගමනාගමන මණ්ඩලයේ කාර්මික අංශවලට දැනුම් දී ඇතැයි ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රයෝගික වන්න... බස් රථවල ආසන අතර පරතරය අනුව බදපටි පැළදිය හැකිද? ප්‍රමිතියෙන් තොර බස්රථවලට ප්‍රමිතියක් ඇතිකරමින් පසු ඔය වැඩේ පටන් ගත්තා නම් නරකද? අනික දියුණු රටවල කෙටිදුර බස් රථවල බදපටි ඇති දැයි අධ්‍යයනයක් කරන්න.
හුම්, බඳ පටි දමන එක හොඳයි, ඒත් හිටගෙන යන මගීන්ට? අපි කවුරුත් දන්නවා දුරගමන් කියලා වෙනසක් නැහැ බස්වල හිටගෙනත් යනවා. හයිවේ එකෙත් හිටගෙන යනවා. එහෙම මිනිස්සුන්ට හිටගෙන යන එක නැවත්තුවොත් බස් හිමිකරුවන්ට ලැබෙන ආදායම අඩුවෙනවා. ඉතින් සහනාධාරයක් ගෙවන්න හෝ ටිකට්පතේ මිල ඉහළ දමන්න වෙනවා...
ලංගමත් ඉවරයි...
දැනට පාඩු ලබන ලබන ලංගම ඩිපෝ, බස් ආදිය දියුණු කර, ලාබ ලබන ලංගමයක් හදන්නේ නැතුව, තවත් මගුලක් අටවන්නෙ කාගේ උවමනාවකටද?
මා පදිංචිව සිටින මෙ රටේ, දුර ගමන් සහ සංචාරක බස්රථ වල හැරුණු විට අනෙකුත් බස් රථ වල ආසන පටි නැත. දැන් ක්‍රමයෙන් පාසල් දරුවන් වෙනුවෙන් තිබෙන බස් රථ වල ආසන පටි තිබේ. ලංකාවේ බස් රථවල ආසන පටි නිශ්පාදනය සදහා බාරදීමෙන් කාගේ සාක්කුවට කුට්ටියක් වැටෙයිද කියා ජනතාව බලා සිටී...!