
(රෝෂන් තුෂාර)
ජාතික පොලිස් කොමිෂන් සභා කාර්යාලයේ තිබූ රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමන් යුත් ප්‍රින්ටර් ටෝනර් 12 ක් සොරා ගත් බව කියන කාර්යාල සහායකයකට එරෙහිව චෝදනා ගොනුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය කුරුඳුවත්ත පොලිසියට අද (4)නියෝග කළාය.
මාතර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එස්.ආර් චතුරංග සැකකරුට එරෙහිව මෙසේ චෝදනා පත්‍රයක් ගොනු කිරීමට නියම කළාය.
සැකකරු සතුව තිබී පොලිස් භාරයට ගත් එම භාණ්ඩ නැවත පොලිස් කොමිසම් කාර්යාලය වෙත මුදාහරිණ ලෙසටද මහේත්‍රාත්වරිය කුරුඳුවත්ත පොලිසියට නියෝග කළාය.
අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා කුරුඳුවත්ත පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් තමන් වරද පිළිගන්නා බව සැකකරු සිය නීතිඥවරයා මගින් අධිකරණයට ප්‍රකාශ කළේය.
ජාතික පොලිස් කොමිෂන් සභා කාර්යාලයේ තිබූ රුපියල් 5,66400 ක් වටිනා ප්‍රින්ටර් ටෝනර් 12 ක් කිසියම් අයෙකු විසින් සොරාගෙන ඇති බවට එම කාර්යාලයේ සහකාර කළමනාකාරවරියක් කුරුඳුවත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප මත මුදා හරින ලෙසට නියෝග කළාය.සැකකරුට එරෙහිව චෝදනා ගොනු කරමින් නඩු පවරන ලෙසටද නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පොලිස් කොමිසමෙන් විනය පරීක්ෂණයක් පවත්වන්නේ නැද්ද?
බෙන්තාර ගඟෙන් එහානේ..? පොලිසියේ කනෙනුත් රිංගයි...