IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


ටෝනර් සොරා ගත් පොලිස් කොමිෂන් කාකාසට ඇප

(රෝෂන් තුෂාර)

ජාතික පොලිස් කොමිෂන් සභා කාර්යාලයේ තිබූ රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමන් යුත් ප්‍රින්ටර් ටෝනර් 12 ක් සොරා ගත් බව කියන  කාර්යාල සහායකයකට එරෙහිව චෝදනා ගොනුකරන  ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය  කුරුඳුවත්ත පොලිසියට අද (4)නියෝග කළාය.

මාතර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එස්.ආර් චතුරංග සැකකරුට එරෙහිව මෙසේ චෝදනා පත්‍රයක් ගොනු කිරීමට නියම කළාය.

සැකකරු සතුව තිබී පොලිස් භාරයට ගත් එම භාණ්ඩ නැවත පොලිස් කොමිසම් කාර්යාලය වෙත මුදාහරිණ ලෙසටද මහේත්‍රාත්වරිය කුරුඳුවත්ත පොලිසියට නියෝග කළාය.

අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා කුරුඳුවත්ත පොලිසිය මගින්  අධිකරණයට ඉදිරිපත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් තමන් වරද පිළිගන්නා බව සැකකරු සිය නීතිඥවරයා මගින්  අධිකරණයට ප්‍රකාශ කළේය.

ජාතික පොලිස් කොමිෂන් සභා කාර්යාලයේ තිබූ රුපියල් 5,66400 ක් වටිනා ප්‍රින්ටර් ටෝනර් 12 ක් කිසියම් අයෙකු විසින් සොරාගෙන ඇති බවට එම කාර්යාලයේ සහකාර කළමනාකාරවරියක් කුරුඳුවත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප මත මුදා හරින ලෙසට නියෝග කළාය.සැකකරුට එරෙහිව චෝදනා ගොනු කරමින් නඩු පවරන ලෙසටද නියෝග කෙරිණි. 



අදහස් (2)

ටෝනර් සොරා ගත් පොලිස් කොමිෂන් කාකාසට ඇප

Champika Monday, 04 August 2025 07:26 PM

එතකොට පොලිස් කොමිසමෙන් විනය පරීක්ෂණයක් පවත්වන්නේ නැද්ද?

:       0       4

Jayasekara Tuesday, 05 August 2025 09:38 AM

බෙන්තාර ගඟෙන් එහානේ..? පොලිසියේ කනෙනුත් රිංගයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site