
(ඩී.ජී.සුගතපාල)
නවකවදය නමින් කවදා හෝ දවසක ඔබේ දරුවන්ටත් මෙවැනි අමානුෂික වද දුන්නොත් ඔබට දැනෙන හැඟිම් කෙසේවිය හැකි දැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා රුහුණු විශ්ව විද්‍යාලයේ හපුගල ඉංජිනේරු පිඨයේ සිසුන් පස් දෙනෙකුගෙන් විවෘත අධිකරණයේදී අද ප්‍රශ්න කළේය.
රුහුණු විශ්ව විද්‍යාලයේ හපුගල ඉංජිනේරු පිඨයේ විනය බාර කථිකාචාර්යවරයාට අයුතු බලපෑම් කිරිම,සාපරාධි බලහත්කාරය පෑම,අයුතු අවහිර කිරිම ,අයුතු ජන රාශියක සාමාජිකයින් විම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලද එම පිඨයේ සිසුන් පස් දෙනකුට එරෙහි නඩුව විභාගයට ගත් අවස්ථවේදී මහේස්ත්‍රාත්වරයා එසේ ප්‍රශ්න කර සිටියේය.ෙ
නඩුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ විත්තිකාර සිසුහු විවෘත අධිකරණයේදි පැමිණිලිකාර කථිකාචාර්වරයාට වැඳ සමාව ගෙන නඩුව සමථයට පත් කරගත්හ.
මෙහිදි මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී විත්තිකාර සිසුන්ට දැඩිලෙස අවවාද කරමින් මෙසේ විමසා සිටියේය. නවක වදය දිමෙන් බලාපොරොත්තුවන්නේ කුමක්ද . ඔබේ දරුවන්ට මෙවැනි අමානුෂික වද දෙනවිට ඔබට දැනෙන හැඟිම් කෙසේවිය හැකිය ද?. නවක වදය සිමාව ඉක්මවා සිදු කිරිම බලවත් වරදක් බවද පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා නවක වදය දෙන්නේ නම් ඒවාට ඇතුලත් විය යුත්තේ අමානුෂික වද නොව විනෝදාත්මක වැඩ සටහන් බවද මහේස්ත්‍රාත්වරයා වැඩි දුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවක වදය සීමාව ඉක්මවා නොයන, විනෝදාත්මක දෙයක් විය යුතු බවට අවවාද කර ඇත. වරදට නිසි දඬුවම් නොදී මෙවැනි ලිහිල් අවවාද කිරීම් නිසා තමයි අද මේ වසංගතය සරසවි වලින් තුරන් කරගන්ට බැරි වෙලා තියෙන්නේ.
අවවාද දෙන්න ඕනේ ඔවුන් අහක බලන් ඉන්නවා. දඬුවම් දෙන අය අවවාද දෙනවා. රටේ දරුවන්, මියයනවා. මහේස්ත්‍රාත් වැරැදි කරුවන්ට දඬුවම් කරන්න. අවවාද ගෙදරින්, ඉස්කෝලෙන් දීලා තියෙන්නේ...
විනිසුරුතුමනි, විනෝදාත්මක වැඩසටහන් අවශ්‍යත් නැහැ, කවුද දන්නේ කෙනෙක් නිර්වස්ත්‍රව පාරේ ඇවිදවන එක තව කෙනකුට විනොදයක්ද කියලා, ඔය සිසුන්ට අත්හිටවූ සිර දඬුවමක්වත් දුන්නා නම් හොඳ බව මගේ අදහසයි..
මියගිය ශිෂ්‍යයාට දීපු නවක වදයම ඔය මැරවරයින් 5 දෙනාගේ මහලොකු අම්මයි, තාත්තයි කියන අයයි, සහෝදර, සහෝදරියෝ කියන අයයි ඔක්කොම ලබන වින්දනය කොහොමදැයි කියලා සමාජය හමුවේ ප්‍රකාශ කරන්න කියන්න.
මෙම නඩුව හා නවක වදය අතර කිසිම සම්බන්ධයක් නැති බව අවධාරණය කරමි. මෙම නඩුවට සම්බන්ධ සිසුන් පස්දෙනාගෙන් කිසිවකු නවකවදය අනුමත නොකරන අතර ඒ සම්බන්ධව ඍජු හෝ වක්‍ර සම්බන්ධතාවක් නැත. යම් කිසිවකුගේ අවශ්‍යතාව මත ඔහුගේ අභිමතයන් සපුරා ගැනීම සඳහා විශ්ව විද්‍යාලයේ කීර්තිනාමයට හානි කරමින් ඔහුගේ වරද වසා නවක වදයක් ඉස්මතුකරමින් පළවූ සාවධ්‍ය පුවතක් බව හැඟී යයි.