පන්නිපිටිය, මොරකැටිය පරමධම්ම විහාරය සහ දෙපානම ශ්‍රී දේවාධාර විහාරය යන උභය විහාරාධිපති සල්පිටි කෝරළයේ ප්‍රධාන සංඝනායක ප්‍රවචන කීර්ති ශ්‍රී ශාස්ත්‍රපති පණ්ඩිත  කොට්ටාවේ පේමරතන නායක මාහිමිපානන් වහන්සේ අපවත් වූහ.

මහරගම සමථ මූලමණ්ඩලයේ හිටපු සභාපති මෙන්ම පන්නිපිටිය ශාසනාරක්ෂක බලමන්ඩලයේ ආරම්භක සභාපති ලෙස උන්වහන්සේ ශාසනික හා සාමාජීය වශයෙන් සුවිශේෂ සේවාවන් රැසක් ඉටුකළ හිමිනමකි. අපවත්වනවිට 84 වියේ පසුවූහ.

ආදාහන පූජෝත්සවය 21 වැනි දා සෙනසුරාදා සවස 3.00ට ඇරැව්වල දූව විජයසිරිවර්ධනාරාමස්ථ ක්‍රීඩාංගණයේදී සිදුකෙරේ.