IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


කොටස් වෙළඳපොල හොරුන්ට වැට බදියි

(රෝෂන් තුෂාර)

කොටස් වෙළඳපොලේ මුදල් ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බවට අඟවන ව්‍යාජ පෝස්ට් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ  උඩුගත කර මුදල් වංචා කිරීමට තැත් කළ සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා රහස් පොලිසියට නියෝග කළේය.

අදාළ සැකකරුවන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මෙටා (ෆෙස්බුක්) සමාගමට නියෝගයක් ද නිකුත් කළේය.

මුහුණු පොත පෙන්වා කොටස් වෙළඳපොළ ආයෝජකයන්ගේ මුදල් වංචා කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.

රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ කොටස් වෙළඳපොළ මඟින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවය.

රහස් පොලීසිය මෙසේද පැවසීය.

කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමෙන් ප්‍රතිලාභ ලබාගත හැකි බවට ෆේස්බුක් මගින් ප්‍රචාරයන් සිදුවන බවට අනාවරණය කරගෙන ඇති කොටස් වෙළඳපළ බලධාරීන් එම ප්‍රචාරයන් සිදු කරන්නේ ප්‍රාථමික ගැනුම්කාර සමාගම් හෝ කොටස් වෙළඳ පලට සම්බන්ධ  නීත්‍යානුකූල සමාගම් නොවන කණ්ඩායමක් බවට  නිරීක්‍ෂණය කර ඇත.

ඒ අනුව කොටස් වෙළඳපල බලධාරීන් විසින් අදාළ සමාජ මාධ්‍යවල පළවන ප්‍රචාර අනුව  ඒවායේ ආයෝජනයන් සිදු කර ඇති අතර මෙසේ මුදල් භාර භාරගත් පුද්ගලයින්ගේ තොරතුරුද සමග රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

වංචනික ලෙස මුදල් ලබාගත් පුද්ගලයින් අනාවරණය කර ගැනීම සඳහා අදාළ නියෝග නිකුත් කරන ලෙසද රහස් පොලිසිය ඉල්ලා සිටියේය.

ඉදිරිපත් කළ සලකා බැලූ  ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සමාජ මාධ්‍ය ගිණුම් අනාවරණය කර ගැනීමට නියෝග නිකුත් කරමින් සැකකරුවන් වෙතොත් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.



අදහස් (0)

කොටස් වෙළඳපොල හොරුන්ට වැට බදියි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6142 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 318 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 347 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1280 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site