
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ පළමු මාස හය අවසන් වනවිට මෙරට මූල්‍ය සමාගම් වාහන ණය ලෙස ලබාදී ඇති සමස්ත මුදල රුපියල් බිලියන 1,161 ක් බව ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශ කළේය.
ඉන් වැඩිම ප්‍රතිශතය ලබාදී ඇත්තේ ලීසිං පහසුකම් යටතේ වාහන මිලදී ගැනීමට බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වන ජේ.පී.ආර් කරුණාරත්න මහතා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
දෙවනුවට වැඩියෙන්ම ලබාගෙන ඇත්තේ උකස් පදනම මත වාහන ණය බවද ඒ මහතා ප්‍රකාශ කළේය. මූල්‍ය ස්ථායිතා විවරණය 2025 පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී මෙරට පවුල් ඒකක වාහන සඳහා ලබාගෙන ඇති ණය බෙදී ගොස් ඇති ඇති ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මෙරට බලපත්‍රලාභී මූල්‍ය සමාගම් මෙම වසරේ පළමු මාස හයේදී ලබාදී ඇති සමස්ත දළ ණය සහ අත්තිකාරම් ප්‍රමාණය රුපියල් බිලියන 1,837 ක් බවත් ඉන් රුපියල් බිලියන 1,161 ක් ලබාදී ඇත්තේ වාහන ණය ලෙස බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. මෙම වසරේදී ලබාගෙන ඇති ණය වලින් සියයට 63.2 ක් ලබාගෙන ඇත්තේ වාහන ණය ලෙස බවත් තවත් සියයට 19.4 ක් ලබාගෙන ඇත්තේ රන් ණය ලෙස බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුත් කළ මූල්‍ය ස්ථායිතා විවරණ වාර්තාවට අනුව මෙම වසරේ පළමු මාස හයේදී මෙරට බැංකු අංශය පුද්ගලික අංශයට ලබාදී ඇති ණය මුදලින් සියයට 40.7 ක් ලබාදී ඇත්තේ මෙරට පවුල් ඒකක සඳහා වන අතර පවුල් ඒකක සඳහා ලබාදී ඇති ණය මුදලේ වටිනාකම රුපියල් බිලියන 1,010.3 කි.
පසුගිය වසරේ පළමු මාස හයේදී මෙරට බැංකු අංශය පවුල් ඒකක සඳහා රුපියල් බිලියන 736.4 ක ණය මුදලක් ලබාදී ඇති අතර එය මෙම වසරේදී රුපියල් බිලියන 1,010.3 දක්වා සියයට 14.8 කින් වර්ධනය වී තිබේ. එම වාර්තාවට අනුව මූල්‍ය අංශය වැඩිම ණය ප්‍රමාණයක් ලබාදී ඇත්තේ බස්නාහිර පළාතේ පවුල් ඒකක සඳහාය.
මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකශ කර සිටියේ පසුගිය පෙබරවාරි මාසයේදී වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව බලාපොරොත්තු වූවාට වඩා වැඩි වාහන ඉල්ලුමක් තිබූ බවත් එවන් තත්වයක් මත වාහන ණය ඉහළ යාම සාමාන්‍ය කරුණක් බවත්ය.
වසර 5 ක් තිස්සේ ගොඩ ගැසී ඇති ඉල්ලුම සැපිරීමත් සමග වාහන ඉල්ලුම ක්‍රමයෙන් පහළ යමින් තිබෙන බවත් විශාල ඉල්ලුම සැපිරීමෙන් පසුව ලබන වසරේදී වාහන වලට පෙර පැවැති සාමාන්‍ය ඉල්ලුම පවතිනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. එය රජයේ ආදායමට ගැටළුවක් නොවනු ඇති බවත් ශ්‍රී ලංකාවට එම තත්වය කළමනාකරණය කර ගැනීමට හැකි වෙනු ඇති බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය.
2025 ඔක්තෝබර් මස 08
1476
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1320
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අලුත් වාහන ගන්න කෝටි ලක්ෂ 100ක ණය අරන්
Sugathadasa Friday, 24 October 2025 10:20 AM
මෙය අපට වසර 3000කට පෙර ඉන්දියාවේ සමහර අය පැවසූ සංස්කෘත ගාථාවක් මතක් කර දෙයි. "Yawa jeewe sukhang jeewe, wrinan kruthvana gruthas peeve. Bhasmin bhuthassa dehassa, punaraagaman kruthah" අපි ජීවත් වන තාක් කල් සතුටින් ජීවත් වෙමු, ගිතෙල් පානය කිරීමට පවා ණය ගනිමු. මේ ශරීරය දැවී ගිය පසු, නැවත උපතක් සිදු නොවේ.
ඇන්ඩ්රු - තැම්බුත්තේvillage Friday, 24 October 2025 11:18 AM
බඩට නැති වුණත් ලුණු කැද....පයට ඕනමයි විල්ලුද....ලෝකෙට පරකාසේ ඕයි...
Neel Friday, 24 October 2025 12:09 PM
ඒ කියන්නේ ලබන වසර වන විට වාහන මිල පහත යන බව ද
ගුණරත්න Friday, 24 October 2025 08:18 PM
නෑ නීල් මහත්තයා, ඉල්ලුම බැස්සාට මිල බහින්නේ නැහැ. සේල් කරන අය ඒ අය අතරේ වාහන රවුමට හුවමාරු කරගන්නවා... කවුරුහරි හාවෙක් එනකම්...
බද්රානි Friday, 24 October 2025 07:05 PM
කවුරු ණය වෙලා වාහන ගත්තත්, මට නම් වැඩක් නැහැ... හැබැයි, වාහනයක් අතට ගත්තා කියලා ලොකුකම ඉහට ගහලා මහපාරේ කෙරුමෝ කියලා පියාඹන්න දඟලන්න එපා.. දියුණු රටවල මගියාට තමයි මාර්ගයේ ප්‍රමුඛත්වය හිමි වන්නේ.. ඒ කාලේ ලංකාවේ මෝටර් සයිකලයක් පවා පැද්දේ වැදගතෙක්.. අනික වාහනයක් තියනවා කියලා තමන්ගේ උජාරුව ලෝකෙට ප්‍රදර්ශනය කරන්න ගියේ නැහැ. පුදුම වාහන උණක් තමයි ලංකාවේ මිනිස්සුන්ට තියෙන්නේ..
රුවන් Friday, 24 October 2025 11:37 PM
කව්ද කියන්නේ ලංකාව දුප්පත් කියලා... ලංකාව දෙවැනි වන්නේ ලක්සම්බර්ග් වලට පමණයි.
tissa Saturday, 25 October 2025 02:41 AM
රටත් ණයයි, රටේ මිනිස්සුත් ණයයි.
අචලා Saturday, 25 October 2025 07:21 AM
අනේ දෙවියනේ මේ වාහන එළවන්න, ගාල් කරන්න මේ කුඩා දිවයිනේ කොහිද ඉඩ?
Saman Sunday, 26 October 2025 01:04 PM
කොච්චර ඩොලර් ප්‍රමාණයක් රටට අහිමි වුණාද කියලත් දාන්න. නැත්නම් ආයෙත් රට බංකොලොත් වුණොත් ලංකාවේ මිනිස්සු හිතයි ලපයා ඩොලර් මෝල්ටාවේ හංගලා කියලා...