රංජන් කස්තුරි

ජාතික අධ්‍යාපන ආයතනය මගින් පිළියෙල කොට මුද්‍රණය කර තිබෙන ඉංග්‍රීසි  විෂයට අමතරව තවත්  විෂයන්වල මොඩියුල ගණනාවක වැඩිදුර  තොරතුරු අධ්‍යයනය කිරීම සඳහා යූ ටියුබ්  සහ  වෙබ් අඩවිවල ලිපින (ලින්ක්) සඳහන් කර ඒවාට  පිවිසෙන්නැයි සිසුන්ට උපදෙස් නිකුත්කර තිබෙන බවට ගුරු සංගම් චෝදනා කරයි.

එම වෙබ් අඩවි සහ යූ ටියුබ් රජයේ පාලනයෙන්  තොර අතර කිසිදු ආකාරයකින් නියාමනය   නොවන බවද එය ඉතා භයානක තත්ත්වයකැයිද එම සංගම් අනතුරු අඟවයි.

සිසුන්ට එම ලින්ක් ඔස්සේ තව තවත් වෙබ් ආදියට  පිවිසිය හැකි අතර ඉන් සිසුන් නොමග යෑමේ වැඩි  ප්‍රවණතාවක්  තිබෙන බවද ලංකා ගුරු සංගමයේ  ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන  ආයතනය කිසිදු වගකීමකින් තොරව එම  මොඩියුල සකස් කර තිබෙන බවද හෙතෙම  සදහන් කළේය.

දියුණු රටවල වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට එම මාධ්‍යයන්  තහනම් කරමින් යන ප්‍රවණතාවක්  තිබියදී ලංකාව හාත්පසින් වෙනස් ක්‍රියාමාර්ගයක් ගනිමින් සිටින බවද ස්ටාලින් මහතා කීවේය.