උපුල් වික්‍රමසිංහ

ගත වූ 2025 වසරේ දී සෑම දින තුනකට වතාවක් දිවයිනේ කුමන හෝ ස්ථානයක වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන පරිදි එම වසරේ දී වෙඩි තැබීම් 114 ක් වාර්තා වී ඇති අතර වසරේ දින 365 න් එම සංඛ්‍යාව බෙදූ විට ආසන්න වශයෙන් සෑම දින තුනකට වරක් වෙඩි තැබීමක් සිදුව ඇත.

දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ 2025 වසර ඇතුළත වාර්තා වී ඇති වෙඩි තැබීම් සිද්ධි 114 න් පුද්ගලයන් 60කට දිවි අහිමි වී ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. ඒ අනුව වෙඩිතැබීම් හේතුවෙන් සෑම දින හයකට වරක් එක් මරණයක් වාර්තා වී ඇත.

මේ අතර 2024 වසරේ දී වෙඩිතැබීම් 103 ක් ද මරණ 67 ක් ද වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.