උපුල් වික්‍රමසිංහ
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතෙහි ඇතුළත් ඇතැම් වගන්ති මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීම් සහ මාධ්‍ය නිදහස අවහිරවීම් වෙන්නේ ද යන්න ගැන අවධානය යොමු කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
ඒවා පිළිබඳ අධ්‍යයනය කර සිය නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බව එම කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා ඉරිදා ලංකාදීපයට සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව ඕනෑම පනත් කෙටුම්පතක් සම්බන්ධ කොමිසමේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත යොමු කළ හැකි බව කී හෙතෙම ඒ අනුව යමින් මෙම පනත් කෙටුම්පතෙහි මතභේදයට තුඩු දී ඇති වගන්ති අධ්‍යයනය කර කොමිසමේ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ලබාදෙන බව ද ඔහු කීවේ ය.
දැනට බලාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අහෝසි කර ඒ වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර එය මේ වෙනවිට මහජන අදහස් විමසීම සඳහා විවෘත කර තිබේ.
COMMENTS