IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දුම්රියෙහි ගැටී අලින් මියයෑම වැලක්වීමට අධිකරණ ක්‍රියාමාර්ග - පරිසර යුක්ති කේන්ද්‍රය මේ වසරේ දැනට අලි මරණ 8 ක් - වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව

ඉන්දික හේවාවිතාරණ‍ - සුදර්ශනී කෝණාර
දුම්රියෙහි වන අලින් ගැටී මිය යෑම දිගින් දිගටම වාර්තාවීම නිසා එය වළක්වා ගැනීමේ ස්ථිර වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට තීරණය කළ බව පරිසර යුක්ති කේන්ද්‍රයෙහි සභාපති හේමන්ත විතානගේ පවසයි.
කොළඹ සිට මඩකළපුව දක්වා ධාවනය වූ මීනගයා දුම්රියෙහි ගැටී අලිපැටවුන් තිදෙනෙකු ද ඇතුළුව අලින් කිහිප දෙනෙකු මියගොස් කිහිප දෙනෙකු තුවාල ලැබීමේ සිදුවීමෙන් පසුව මේ තීන්දුව ගෙන තිබේ.

දැන්වීම් පුවරුද සවිකර වේග සීමා පනවා තිබුණත් එම සීමා අනුව දුම්රිය ගමන් කරනවාද යන්න සොයා බැලීමේ වැඩපිළිවෙළක් නොමැති බවද සිල්පර කොටන් අතර පවතින හිඩැස් නිසා අදාළ ස්ථානවලින් අලි ඇතුන්ට වේගයෙන් ගමන් කළ නොහැකි බවද හේමන්ත විතානගේ සඳහන් කළේය.
වේග සීමාවලට අනුව රියැදුරන් දුම්රිය ධාවනය කරනවා ද යන්න සොයා බැලීම හා සිල්පර කොටන් අතර තිබෙන හිඩැස් නිසි ලෙස කළුගල් දමා සකස් කිරීම සොයා බැලීමේ වගකීම දුම්රිය දෙපාර්තමේන්තුව සතු බව ඔහු පවසයි. 
දුම්රිය මාර්ග දෙපස අනවසර ඉදිකිරීම් නිසා අලි ඇතුන්ට පහසුවෙන් දුම්රිය මාර්ගය හරහා ගමන් කළ හැකි ස්ථාන අහිමි වී  තිබෙන බැවින් මේ පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සොයා බලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගතයුතු බවද හෙතෙම සඳහන් කළේය.
දිනෙන් දින දුම්රියෙහි ගැටී අලි මියයාම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් රංජන් මාරසිංහගෙන් විමසූ විට ඔහු පැවසුවේ අපරීක්ෂාකාරී බව මෙන්ම අනතුරු වළක්වා ගැනීමට ඇති නොහැකියාව නිසා මෙම අනතුරු සිදුවන බවය. ඔහු මෙසේ ද පැවසීය.
“මෙම වසරේ දී දුම්රියෙහි ගැටී අලි 8 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 2024 වර්ෂයෙහි එසේ මියගොස් ඇත්තේ 11ක් පමණයි.
දුම්රියෙහි අලි ගැටීම් වළක්වා ගැනීම සඳහා දුම්රිය මාර්ග දෙපස යටි කැලෑව ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුට සහය දැක්වීමට බලාපොරොත්තු වෙනවා. මාර්ගවල අනතුරු ඇඟවීම් සලකුණු කිරීම්, අවදානම් අධික ස්ථානවල දුම්රිය වේග සීමා අඩු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර පියවර ගෙන තිබෙනවා. 
දුම්රියෙහි ගැටී වැඩිම අලි මරණ සංඛ්‍යාව වූ 24ක් වාර්තා වන්නේ 2023 වසරේ දී. මෙම අනතුරු වළක්වා ගැනීමට උත්සාහ කරන නමුත් සියයට සීයක්ම එය සිදු කළ නොහැකියි. පසුගියදා ගැටීම සිදු වූ ස්ථානයේ මාර්ගය දෙපසම කඳු සහිතයි. දුම්රිය පැමිණීමත් සමඟ අලින්ට ඉවත් වන්නට අවස්ථාවක් නොමැති වුණා. ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් සිදු කරනවා.
මීට පෙර හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ මැදිහත් වීමෙන් අලි අනතුරු සම්බන්ධ ඊයේ පර්‌යේෂණයක් සිදු කළා. එහි දී සෙන්සර් මගින් එය විසඳන ක්‍රමයක් සාකච්ඡා කළා. මෙම සතියේ දී දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ එකතු වී අවදානම් ස්ථාන නිරීක්ෂණය කොට අදාළ පියවර ගන්නවා. තාක්ෂණය යොදාගෙන මේ ගැටලුව විසඳන ආකාරය ඉදිරි සතියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.”
දුම්රියේ අලි ගැටීම් වළක්වා ගැනීමේ ප්‍රධාන වගකීම දුම්රිය රියැදුරන් සතු කටයුත්තක් බවද දුම්රිය දෙපාර්තමේන්තුවට හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එහි වගකීමක් තිබෙන බව ද පරිසර සංවිධාන සඳහන් කරයි. උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ දී අලින්ට හුවමාරු විය හැකි ස්ථාන සකස් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කර නොමැති බවටද චෝදනා එල්ල වේ.
පසුගිය කාලයේ දී රජයේ මූලිකත්වයෙන් සිදු කළ සොයා බැලීමක දී අලි ඇතුන් දුම්රිය මාර්ග හරහා ගමන් කරන්නේ කිලෝ මීටර් 140ක දුරැති ප්‍රදේශයක පමණක් බවට සොයාගෙන හඳුනාගත් ප්‍රදේශවල අලි ඇතුන් ගමන් කරන පුවරු පවා සවි කළ බවත් ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්‌යේෂණ කවය සඳහන් කරයි.
වේග සීමා පනවා තිබෙන පුවරු පවා සවි කළ ද අලි ඇතුන් දුම්රියේ ගැටීම දිගටම සිදුවන බවත් අනතුරක් සිදුවූ විට බොහෝ පිරිස් සතියක් දෙකක් යන තෙක් විවිධ විසඳුම් යෝජනා ඉදිරිපත් කර ඉන් පසුව එය අමතක කර දමන බවත් එම සංවිධානයෙහි පරිසරවේ දී සුපුන් ලහිරු ප්‍රකාශ් පවසයි.
දුම්රිය මාර්ග මැදින් පිහිටි අලිමංකඩවල ආරුක්කු පාලම් ඉදිකිරීම හා එබඳු ස්ථානවල රාත්‍රී මුර සංචාර සිදුකිරීමේ යෝජනා තවමත් ක්‍රියාත්මක නොවන බවද පරිසර සංවිධාන චෝදනා කරයි.
පසුගිය දශකයෙහි අනතුරුවලින් මියගිය අලින් සංඛ්‍යාව 3,477ක් බවද දැනට ලංකාවේ අලිගහනය 5,880ක් බවද පරිසර සංවිධාන පවසයි. වෙඩි තැබීම, හක්කා පටස්, විදුලි සැර සහ දුම්රියේ ගැටීම මරණවලට හේතුවයි. දුම්රියෙහි ගැටී මියයන සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යමින් පවතී.

 



අදහස් (0)

දුම්රියෙහි ගැටී අලින් මියයෑම වැලක්වීමට අධිකරණ ක්‍රියාමාර්ග - පරිසර යුක්ති කේන්ද්‍රය මේ වසරේ දැනට අලි මරණ 8 ක් - වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site