IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඩොලර් බිලියන 2.5 ක ජපන් ණය ප්‍රතිව්‍යුහගත කෙරේ

විමුක්ති එස් රුද්‍රිගු
ජපාන රජය මෙරටට ලබාදී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙන ගිවිසුමට පසුගිය සිකුරාදා (07දා) ජපාන රජය සහ ශ්‍රී ලංකාව මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තැබුවේය. 
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය සමග හුවමාරු පත්‍ර අත්සන් කිරීම හා ශ්‍රී ලංකා රජය හා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය අතර සංශෝධිත ණය ගිවිසුම අත්සන් කිරීම සඳහා පැවැති උත්සවය එදින මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණ.

එහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන  ප්‍රකාශ කර සිටියේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබූ ගිවිසුමෙන් ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක මුදලක් ප්‍රතිව්‍යුහගතකරණය වන බවයි. ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය සම සභාපතිත්වය දරන නිල ණය හිමියන්ගේ කමිටුවේ තවත් රටවල් 16 ක් සමග ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සිදුවන බවත් එම සාකච්ඡා එක් එක් මට්ටමේ තිබෙන බවත් මහින්ද සිරිවර්ධන පැවැසුවේය. ඒ හේතුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසාන වන දිනයක් තවමත් ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු පැවැසුවේය.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ජපාන රජය වෙනුවෙන් මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමටා හුවමාරු පත්‍ර අත්සන් කරන ලදි. ද්වීපාර්ශ්වික ණය සංශෝධන ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ මෙරට ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යාමාඩා අත්සන් තැබූහ.
එහිදී හුවමාරු පත්‍ර අත්සන් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමටා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය අතර තිබෙන මෙන්ම මෙරට රජය සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය අතර තිබෙන ණයෙන් කොටසක් මෙම හුවමාරු පත්‍ර මගින් ප්‍රතිව්‍යුහගතකරණය වූ බවයි.
අත්සන් කරන ලද ගිවිසුම යටතේ මෙරට ආර්ථිකය නගා සිටුවීම සඳහා ජපන් ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතිවල ශ්‍රී ලංකාව ගෙවීමට තිබූ ණය නැවත ගෙවීමේ කොන්දේසි අලු‍ත් වූ බව ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය. ජපානය ශ්‍රී ලංකාවට ලබාදී තිබූ ණය මෙම ගිවිසුමත් සමග නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත වන බවත් මෙම අදියර දක්වා පැමිණීමට ශ්‍රී ලංකා රජය ගත් උත්සාහය පිළිබඳව තමන් ප්‍රශංසා කරන බවත් ජපාන තානාපති අකියෝ ඉසෝමටා පැවැසුවේය.
ශ්‍රී ලංකාව සහ නිල ණය හිමියන්ගේ කමිටුව පසුගිය ජූලි මාසයේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව නිල ණය හිමියන්ගේ කමිටුවේ සිටින රටක් සමග ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹි ප්‍රථම අවස්ථාව මෙය බවද ඉසෝමාටා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුව රටවල් 17 ක් සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සහ නිල ණය හිමියන්ගේ කමිටුව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පර්යන්තය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ඇතුළුව මෙරට ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතිවලට අරමුදල් මුදාහැරීම ජපානය ආරම්භ කළ බවද තානාපතිවරයා පැවැසුවේය.
ජපානය සහ ශ්‍රී ලංකාවේ ඊයේ (07දා) දින අත්සන් තැබූ ගිවිසුම මෙරට ආර්ථිකය පණ ගැන්වීම සඳහා කාලෝචිත මෙන්ම අත්‍යවශ්‍ය සහායක් ලබාදෙනු ඇතැයිද ජපාන තානාපති අකියෝ ඉසෝමටා ප්‍රකාශ කළේය. ඉතිරි රටවල් සමගද ශ්‍රී ලංකාව ඉතාමත් ඉක්මණින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම් අවසන් කරනු ඇති බවත් ශ්‍රී ලංකාව අඛණ්ඩව සංවර්ධන මාවතේ ඉදිරියට ගමන් කරනු ඇති බවත් ජපානය බලාපොරොත්තු වන බව තානාපතිවරයා පැවැසුවේය.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව ජපානය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමත් සමග මෙරට ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ගේ මෙන්ම මෙරට ණය හිමියන්ගේද ශ්‍රී ලංකාව කෙරෙහි තිබෙන විශ්වාසය ඉහළ යනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේය.



අදහස් (0)

ඩොලර් බිලියන 2.5 ක ජපන් ණය ප්‍රතිව්‍යුහගත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31317 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13525 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 941 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site