IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


උඩරට දුම්රිය පාර හදන්න මාස දෙකකිනුත් බැරි වේවි - ප්‍රවාහන නියෝජ්‍ය ඇමති

සුජිත් හේවාජුලිගේ

ගංවතුර ආපදාවෙන් හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගය යථාවත් කිරීමට මාස දෙකකිනුත් බැරි වනු ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඉරිදා ලංකාදීපයට පැවසීය.

ගංවතුරින් පේරාදෙණිය පාලමට විශාල හානියක් වී ඇති බවත් පාලම පිළිසකර කිරීම අද විශාල අභියෝගයක් බවත් ඔහු සඳහන් කළේය. පේරාදෙණිය පාලම අලු‍ත්වැඩියා කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සහ ඉංජිනේරුවන් ඇතුළු පිරිසක් පේරාදෙණියට ගොස් ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පළමු පියවර ලෙස එම පාලමේ සිරවී ඇති විවිධ අපද්‍රව්‍ය නාවික හමුදාව යොදවා ඉවත් කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

දුම්රිය මාර්ගයේ ඉහළ ප්‍රදේශවල දුම්රිය අටක් පමණ සිරවී ඇති බවත් ඒවා නැවත රැගෙන ඒමට දුම්රිය මාර්ගය පිළිසකර කිරීම අත්‍යවශ්‍ය බවත් ප්‍රසන්න ගුණසේන පැවසීය.

කෙසේ වෙතත් එම අභියෝගය භාරගෙන සියලු‍ කටයුතු කරගෙන යන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා රඹුක්කන මහනුවර දක්වා දුම්රිය මාර්ගය කඩිනමින් පිළිසකර කිරීම ප්‍රධාන අරමුණ බවද ප්‍රකාශ කළේය.



අදහස් (0)

උඩරට දුම්රිය පාර හදන්න මාස දෙකකිනුත් බැරි වේවි - ප්‍රවාහන නියෝජ්‍ය ඇමති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 318 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 419 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 395 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site