
උපුල් වික්‍රමසිංහ
පසුගියදා හඳුන්වා දුන් ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය (UPI) යටතේ ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයන්ට LANKAQR පහසුකම සහිත ශ්‍රී ලංකාවේ පිහිටි ඕනෑම වෙළෙඳසැලකින් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ දෙකකට (200,000) සමාන අගයකින් යුත් ඉන්දීය රුපියල් ප්‍රමාණයක් දක්වා ගෙවීම් කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
අදාළ ගෙවීම් ක්‍රමය සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අංශයට යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දක්වමින් එම අංශය සඳහන් කරන්නේ එලෙස ගෙවීම් කිරීමේදී ඉන්දියානු සංචාරකයන්ගෙන් කිසිදු වෙනත් අය කිරීමක් නොකරන බවය.
මේ ක්‍රමය ඔස්සේ ගෙවීම් කිරීමේ දී, දේශීය ව්‍යාපාරිකයන් ගෙවීමෙහි වටිනාකමෙන් (Payment value) සියයට 1.8ක මුදලක් ගෙවිය යුතු අතර ගනුදෙනුව සිදු කරන අවස්ථාවේ දී එම මුදල අඩු කර ගනු ලබන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
2025 දෙසැම්බර් මස 04
563
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
upi වලින් ශ්‍රීලංකා රුපියල් ලක්ෂ 2 ක් දක්වා ගෙවීම් කිරීමට අවසර - මහ බැංකුව කියයි