IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


2024 මැදදී වැට් බද්ද 24% කට නඟින පෙර නිමිති

• 18% වැට් බද්දෙන් උපයා ගැනීමට අපේක්ෂිත බදු ආදායම රුපියල්  බිලියන 1400ක්.
• 18%කින් උපයාගත හැක්කේ රුපියල් බිලියන 918ක් පමණයි
• ඉතිරි බිලියන 482ක් උපයා ගැනීමට බදු වැඩි කිරීමට සිදුවෙයි

ගුණසිංහ හේරත්

ජනවාරි පළමුවැනිදා සිට සියයට 18ක් දක්වා ඉහළ යන වැට් බද්ද 2024 වසර මැදදී සියයට 21 සිට 24 අතර මට්ටමකට ඉහළ යන පෙර නිමිති 2024 අයවැය යෝජනා තුළම අන්තර්ගත වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාත විද්‍යා මහාචාර්ය ආනන්ද ජයවික්‍රම හෙළිකරයි. 

මහාචාර්යවරයා සඳහන් කරන ආකාරයට 2024 දී සියයට 18ක අනුපාතයක් යටතේ වැට් බද්දෙන් රුපියල් බිලියන 1,400ක් රැස්කර ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙයි.
සියයට 18ක අනුපාතයක් යටතේ රුපියල් බිලියන 1,400ක් රැස්කර ගැනීමට නම් වැට් බදු පදනම රුපියල් බිලියන 7,778ක් දක්වා වැඩිවිය යුතුය. 2023 ට සා​පේක්ෂව එය සියයට 70ක වර්ධනයකි.


2024 දී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයේ නාමික අගය වැඩි වන්නේ සියයට 11.4කින් බව පෙන්වා දෙන මහාචාර්යවරයා දළ ජාතික නිෂ්පාදනය සියයට 11.4කින් වැඩි වෙද්දී වැට් බදු පදම සියයට 70කින් වැඩි නොවන බවද පෙන්වා දෙයි.


දළ ජාතික නිෂ්පාදිතය වැඩිවීමට සමානුපාතිකව වැට් බදු ආදායම ද වැඩිවන බව පෙන්වාදෙන මහාචාර්යවරයා 2024 දී වැට් බදු පදනම උපරිමයෙන් වැඩි වන්නේ රුපියල් බිලියන 5,102 ක් දක්වා බවද හෙළිකරයි. ඒ රුපියල් බිලියන 5,102 යටතේ සියයට 18කින් වැට් බදු අය කළහොත් ආණ්ඩුවට උපයා ගැනීමට හැකිවන වැට් බදු ආදායම රුපියල් බිලියන 1,400ක් නොව 918ක් බවද මහාචාර්ය ජයවික්‍රම හෙළි කරයි.


ඒ අනුව ඉතිරි බිලියන 482 උපයා ගැනීම සඳහා 2024 වසර මැදදී පමණ වැට් බදු අනුපාතය සියයට 18සිට සියයට 21 හා 24 අතර මට්ටමකට ඉහළ නැංවීමට සිදුවන බව මහාචාර්ය ජයවික්‍රම පෙන්වා දෙයි.

 



අදහස් (0)

2024 මැදදී වැට් බද්ද 24% කට නඟින පෙර නිමිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 57 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 133 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 933 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site