(නිශාන්ත කුමාර බණ්ඩාර)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම, සාර්ථක ආර්ථික ප්‍රගතියක් ඇති කිරීමට පූර්ව අවශ්‍යතාවක් බව විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.
එසේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට හැකි වුවහොත් ඒ තුළින් ස්ථාවර බව, තිරසාර සාමය, ජනතාව අතර එකඟතාව යනාදිය ස්ථාපනය කර විශාල ආර්ථික සංවර්ධනයක් අපට ලබා ගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.
ඒ තුළින් දේශීය හා විදේශීය වශයෙන්ද සතටුදායක පිළිගැනීමක් ද ලැබෙනු ඇතැයි පෙන්වා දෙන විපක්ෂ නායකවරයා, එසේ නොවුණහොත් සියලු අපේක්ෂාවන් භංග වී දුක්ඛිත තත්ත්වයක් උද්ගත වීම වළක්වා ගත නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් අපට විසංවාදී අදහස් ඇසීමටත්, ඒවා ඉදිරිපත් කරන්නේ මේ පිළිබඳ හොඳින්ම දන්නා පුද්ගලයන් වීමත් කනගාටුවට කරුණකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දැන් දරන ස්ථාවරය රටේ ජනතාව අතර අසමගිය ප්‍රවර්ධනය වීමට හේතු වී ඇතැයි සම්බන්ධන් මහතා පෙන්වා දෙයි. බලය බෙදීමට එතුමා විරුද්ධ වෙන්නේ නම් 18 වැනි සංශෝධනය යටතේ එතුමන් අපේක්ෂා කළ පරිදි බලය ක්‍රියාත්මක කළ යුත්තේ කොළඹ සිට පමණක් බව එතුමාත් අවංකව ප්‍රකාශ කළ යුතුයි. බලය බෙදීමක් සිදු කළ හොත් එමගින් රට බෙදීමක් කිසිසේත්ම සිදු නොකෙරෙන බවත්, මෙය සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවට ද පොදු වන අතර, සිංහල, දෙමළ, මුස්ලිම් හා අනිකුත් ජාතීන් සියල්ලටම පොදු කරුණකි.
මනා ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීම සඳහා අන්‍යොන්‍ය එකඟතාවකින් යුත් බලය බෙදාහැරීමක් මගින් සුළු ජන කොටස්වල ගැටලුවලට ද එය පිළිතුරක් වනු ඇත.
ඒ නිසා මේ සත් ක්‍රියාවලියේදී සියලු දෙනා පටු දේශපාලන වාසි නොතකා ක්‍රියා කළ යුතුව ඇතැයි විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
707
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නව ව්‍යවස්ථා සම්පාදනයේදී පටු වාසි අතහරින්න