
අංජුල මහික වීරරත්න
විදෙස් ආයෝජන කර්මාන්ත ශාලා ආයෝජන සැකසුම් කලාප ඇතුළත පමණක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. විදෙස් ආයෝජකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගන්නා එක් පියවරක් වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණයට එළැඹ තිබේ.
කටාන හල්පේ කෝපියාවත්ත ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක හිමිකරුවකු වන ඕමාන් ජාතිකයකුට පහරදීම වැනි සිද්ධි නැවත ඇති නොවීම පිණිස රජය මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව රටේ ස්ථාන කිහිපයක අලුතින් ආයෝජන සැකසුම් කලාප කිහිපයක් පිහිටුවීමට නියමිත අතර මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මෙවැනි ආයෝජන කලාප කිහිපයක් පිහිටුවීම සඳහා දැනටමත් ස්ථානීය පරීක්ෂණ කටයුතු සිදු කර ඇති බව රජය පවසයි.
විදෙස් ආයෝජන කර්මාන්ත ශාලා මෙරටට පැමිණි මුල් සමයේ දී ආයෝජන සැකසුම් කලාපවල පමණක් ඒවා ස්ථාපිත කෙරුණු නමුත් රණසිංහ ප්‍රේමදාස පාලන සමයේ ඇඟලුම් කම්හල් 200 වැඩසටහන යටතේ එම කම්හල් පිටස්තර ස්ථානවලත් ස්ථාපිත කෙරිණි.
2025 දෙසැම්බර් මස 04
516
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
476
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදෙස් කර්මාන්ත ශාලා කලාප ඇතුළේ පමණයි