උපුල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විදේශීය බැංකු කිහිපයක් මූල්‍ය වෙළෙඳපොළෙන් ද ශ්‍රී ලංකා මහ බැංකුව බැංකු පද්ධතියෙන් ද ඩොලර් එකතු කිරීම ආරම්භ කර ඇති බැවින් මේ දිනවල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක රුපියල් අගය වේගයෙන් ඉහළ යමින් තිබෙන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.
මෙපරිදි මහ බැංකුව සහ විදේශීය බැංකු ඩොලර් රැස් කිරීම වේගවත් කිරීමෙන් ඉදිරියේදී රුපියල තවදුරටත් අවප්‍රමාණ වීමට ඉඩ ඇති බව ද එම වෙළෙඳපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
ඩොලරය ශක්තිමත් වීමත් සමග ආනයන වෙළෙඳ කටයුතුවලට බලපෑම් එල්ල විය හැකි බවත්, ආනයනකරුවන් කල්තියා ඩොලර් හෝ භාණ්ඩ හෝ රැස් කිරීමට ඉඩ ඇති බවත් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd