ජේ. ඉඳුරුවගේ
වාහන අංක තහඩු මුද්‍රණය සීමා කිරීම හේතුවෙන් වාහන නව ලියාපදිංචියේදී හා වාහන හිමිකම් පැවරීමේදී අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවා ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව මෙලෙස අංක තහඩු නිකුත් නොකිරීම පිළිබඳව ලිපියක් වාහන නව ලියාපදිංචියේදී හා හිමිකම් පැවරීමේදී වාහන හිමිකරුවන් වෙත නිකුත් කරනු ලබන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම ලිපිය අනුව අංක තහඩු නිකුත් කිරීම යාවත්කාලීන කර නැවත දැනුම් දෙන තුරු එම වාහන හිමියන් අපහසුතාවට පත් නොවන සේ කටයුතු කරන ලෙස ඉල්ලා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ විසින් පොලිස්පතිවරයා වෙත ලිපියකින් දැනුම් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd