IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය දිගටම

ලිහිණි ලියන​ෙග්


දින 68ක් ගතවී ඇති විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩවර්ජනයට විසඳුම් නොලැබීමෙන් එය අඛණ්ඩව පවත්වන බව වෘත්තීය සංගම් පවසයි. 
සියලු‍ම විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන් පසුගිය මැයි 15 වැනිදා සිට අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත් වී පවත්වාගෙන යන වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඉකුත් 2 වැනිදා පැවති සාකච්ඡාවෙන් පසු විසඳුම් ලබා දීමට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා එකඟතාව පළ කර තිබුණ ද මේ වන තෙක්ම ඔවුන්ගේ එම ගැටලු‍වට විසඳුම් ලබා නොදුන් හෙයින් වැඩ වර්ජනය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුවේ සම සභාපතිවරයා වන ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කර සිටියේය.

ඉකුත් 2 වැනිදා  උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා, විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා ඇතුළු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා විසඳුම් ලබා දීමට පොරොන්දු වූ දිනයේ දී එනම් ජූලි මස තුන් වැනිදා විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුව කළ විමසීමකදී, ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යාංශයෙන් මේ වන තෙක්ම තමන්ට අවස්ථාවක් ලබා නොදුන් බව ද මේ සියලු කරුණු පිළිබඳ ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇති බව ද, අමාත්‍යවරයා  සඳහන් කළැයි ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසුවේය. මේ පිළිබඳව අප උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කර සිටියේ වැටුප් ගැටලු‍ව ලබන වසර තෙක් විසඳිය නොහැකි බවයි. වැටුප් ගැටලු‍ව විසඳීමට ප්‍රමාණවත් තරම් මුදල් මේ වන විට මුදල් අමාත්‍යංශය සතුව නොමැති බවද ඔහු සඳහන් කළේය. මෙම වැඩවර්ජනයට විසඳුම් ලබා දීම ප්‍රමාද කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ යම් යම් පුද්ගලයන් විවිධ අවස්ථාවලදී ලිපි 3ක් අමාත්‍යවරයා වෙත එවා ඇති බවද ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.   
මෙම මාසික දීමනාව ලබා දීමට රජයෙන් මුදල් අවශ්‍ය නොවන අතර ඒ සඳහා දැනට විශ්වවිද්‍යාල පද්ධතියේ තිබෙන මුදල් ප්‍රමාණවත් බව ද ඒ මහතා පැවසීය. මෙම වැඩ වර්ජනය අරමුණු කිහිපයක් මුල් කරගෙන ආරම්භ වුවත් මේ මොහොතේ රජයට ඒ සියලු ගැටලු‍වලට විසඳුම් ලබා දිය නොහැකි හෙයින් මාසික දීමනාව ලබා දෙන ලෙස පමණක් ඉල්ලීම් කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුවේ සම සභාපතිවරයා වන ධම්මික එස්. ප්‍රියන්ත මහතා තවදුරටත් සඳහන් කර සිටියේය.

 



අදහස් (0)

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය දිගටම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site