IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලංවිම විදුලිය ගාස්තු වැඩි කරන්න ඉල්ලයි

නිමන්ති රණසිංහ

විදුලිය ගාස්තු ඉහළ දැමීම සඳහා ලංකා විදුලියබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් කළ ඉල්ලීම සලකා බැලීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. 

මේ වසරේ ජල විදුලිය නිෂ්පාදනය අපේක්ෂිත ඉලක්ක සම්පූර්ණ නොකළ හෙයින් විදුලිය නිෂ්පාදනයට අතිරේක පිරිවැයක් දැරීමට සිදුවූ බවත්, මෙය පියවා ගැනීම සඳහා විදුලිය ගාස්තු වැඩි කිරීමේ ඉල්ලීම සිදු කළ බවත් විදුලියබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා අප කළ විමසීමකදී පැවසීය.


ගාස්තු සංශෝධන ක්‍රමවේදය අනුව ජනවාරි මාසයේදී සිදුවීමට නියමිතව ඇති විදුලිය ගාස්තු  සංශෝධනය ඔක්තෝබර් මාසයේ කිරීමට අවසර දෙන ලෙසට මේ අනුව ඉල්ලීම් කළ බවද ඔහු සඳහන් කළේය.


මේ පිළිබඳ සවිස්තරාත්මක දත්ත මහජන උපයෝගීතා කොමිෂන් සභාවට අනිද්දා (2) ලබාදීමට විදුලියබල මණ්ඩලය තීරණය කර ඇත. 
මේ අතර විදුලිය මිල වැඩි කිරීම සඳහා විදුලිය බල මණ්ඩලය කර ඇති මෙම ඉල්ලීම කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද පසුගියදා දීර්ඝව සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.
විදුලිය නිෂ්පාදනයට අතිරේකව වැයවූ පිරිවැය හේතුවෙන් රුපියල් කෝටි 5400ක් උපයා ගැනීමට සිදුවෙන හෙයින් විදුලිය බිල වැඩි කිරීමට විදුලියබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් මීට පෙරද  ඉල්ලීම් කළත් ඊට අවසර ලැබුණේ නැත.

 



අදහස් (0)

ලංවිම විදුලිය ගාස්තු වැඩි කරන්න ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site