
උපුල් වික්‍රමසිංහ
රුසියා-යුක්රේන යුද්ධයේදී කුලී හේවායන් වශයෙන් කටයුතු කරමින් සිටියදී මියගිය ශ්‍රී ලාංකිකයන් ගැන ඒ රටවල තානාපති කාර්යාල ඔස්සේ ආරක්ෂක අමාත්‍යාංශයට මෙතෙක් කිසිදු නිල තොරතුරක් ලැබී නැතැයි එම අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත් මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය. එම යුද්ධයේදී රුසියාව වෙනුවෙන් සටන් කළ ශ්‍රී ලාංකික සොල්දාදුවන් දෙදෙනකු මියගොස් ඇති බවට පසුගියදා අල්ජසීරා පුවත් සේවය පළ කළ වාර්තාවක් සම්බන්ධයෙන් කළ විමසීමේදී ඒ මහතා ඒ බව සඳහන් කළේය.
රුසියාව සහ යුක්රේනය වෙනුවෙන් සටන් වැදීම සඳහා ශ්‍රී ලාංකිකයන් පිරිසක් යුද කුලී හේවායන් වශයෙන් එම රටවලට ගොස් ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමකින් තොරව බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා ඔවුන්ගෙන් වැඩි පිරිසක් හමුදා සේවයෙන් විශ්‍රාම ගත් අය බවට තොරතුරු ඇතැයි ද, සක්‍රීය හමුදා සේවයේ සිටියදී එයින් පලාගිය පිරිස් මේ ආකාරයට රුසියාවට හෝ යුක්රේනයට හෝ ගොස් ඇති බවට නිශ්චිත තොරතුරු නැති බව ද ප්‍රකාශ කළේය.
මේ ආකාරයට රුසියා - යුක්රේන යුද්ධයේදී එයින් කවර හෝ රටක් වෙනුවෙන් සටන් කිරීම සඳහා අනීතිකව ගිය ශ්‍රී ලාංකිකයන් විරැද්ධ පාර්ශ්වයේ හමුදා වෙත හසුවුවහොත් ඔවුන්ට යුද සිරකරුවන්ට හිමි වෙන වරප්‍රසාද හිමි නොවන බවත්, අදාළ රටේ නීතිය යටතේ අධිකරණයක් හමුවට ඉදිරිපත් කර දඩුවම් ලබාදෙන බවත් හේරත් මහතා වැඩිදුරටත් කීවේය. ශ්‍රී ලංකා හමුදා සොල්දාදුවන් යුද කුලී හේවායන් වශයෙන් රුසියාවේ හෝ යුක්රේනයේ හෝ හමුදා වෙනුවෙන් සටන් කිරීම සඳහා අදාළ රටවලට පිටත් කර හැරීම සම්බන්ධයෙන් ඒ රටවල් සමග කිසිදු ගිවිසුමක් ඇති කර ගෙන නැතැයි ද ප්‍රායෝගිකව ඒ ආකාරයේ ගිවිසුමකට එළැඹිය නොහැකි බවද හේරත් මහතා පැවසීය.
මේ වන විට රටවල් දෙකටම සහාය පළකිරීම සඳහා ශ්‍රී ලාංකිකකයන් සියයට වැඩි පිරිසක් එම රටවලට ගොස් ඇති බවත් තවත් සියයකට ආසන්න පිරිසක් යුද භූමිය වෙත යෑමේ බලාපොරොත්තුවෙන් සිටින බවත් වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 04
25
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
337
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රුසියන් - යුක්‍රේන යුද්ධයෙන් මියගිය ශ්‍රී ලංකීය කුලී හේවායන් ගැන තොරතුරු නෑ