IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රට විරු වාහන බලපත්‍රයෙන් කෝටි ගණනක වංචාවක් විගණනය මැතිසබයට වාර්තා කරයි

සුජිත් හේවාජුලිගේ 
විදේශයන්හි රැකියා කරන ශ්‍රී ලාංකිකයන් (රට විරුවන්) ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ, වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළිබඳව ජාතික විගණන කාර්යාලය පැවැත්වූ අලු‍ත්ම වෝහාරික විගණනයේ දී තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මේ විගණන විමර්ශනයට අදාළ විශේෂ වාර්තාවක් විගණකාධිපති  ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා භාර දී තිබේ. නව පාර්ලිමේන්තුව ස්ථාපනය කළ පසු එම වාර්තාව සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.
රට විරැවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදු වී ඇතැයි කියන දූෂණ, වංචා සහ අක්‍රමිකතා එකිනෙක පිළිබඳව මෙම වාර්තාවෙන් විස්තර කර ඇත. මේ සිද්ධිය පිළිබඳව ජාතික විගණන කාර්යාලය වෝහාරික විමර්ශන ආරම්භ කිරීමෙන් පසු පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රටවිරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීම දීර්ඝ කිරීමේ අදාළ ගැසට් නිවේදනය අත්හිටුවීමට නිර්දේශ කළේය.
විදේශගත ශ්‍රමිකයන්ට විදුලි වාහන ගෙන්වීමට දුන් අවස්ථාව අවභාවිත කරමින් රුපියල් කෝටි 120 කට ආසන්න වටිනාකමකින් යුත් විදුලි මෝටර් රථ 119ක් ගෙන්වා ඇතැයි පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී පසුගියදා තොරතුරැ අනාවරණය විය. ඉන් වාහන 75ක්ම ගෙන්වනු ලැබ ඇත්තේ එක් ආයතනයක් විසිනි යැයි එහිදී වැඩිදුරටත් හෙළි විය.



අදහස් (0)

රට විරු වාහන බලපත්‍රයෙන් කෝටි ගණනක වංචාවක් විගණනය මැතිසබයට වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site