IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රටෙන් බාගයක්ම බොන්නේ අපිරිසිදු ජලය අධ්‍යයනයකින් හෙළි වේ

සුජිත් හේවාජුලිගේ 
රටේ ජනගහනයෙන් එක් කෝටි හතළිස් හත් ලක්ෂ පනස් පන්දහසකට ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය යුනිසෙෆ් සංවිධානය සමග ඒකාබද්ධව කළ අධ්‍යයනයකදී තොරතුරු අනාවරණය වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.


එය ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 66.1 ක් බව ද ඔහු සඳහන් කළේය. ඉහත ආයතන මෙම අධ්‍යයනය කර ඇත්තේ රට පුරා නිවාස ඒකක 3,210ක්  යොදාගෙනය. එම අධ්‍යයනය අනුව නාගරික ජනගහනයෙන් සියයට 31.4ක් අනාරක්ෂිත පානීය ජල පහසුකම් සහිතව ජීවත්වන බව පෙනී ගොස් ඇතැයි ද මහාචාර්යවරයා පැවසුවේය.
නාගරික ජනගහනය ලක්ෂ 37ක් බවත්, ඉන් ලක්ෂ දොළහක් අනාරක්ෂිත පානීය ජල පහසුකම් සහිතව ජීවත් වන බවත් ඔහු කීවේය. එසේම ග්‍රාමීය ජනගහනයෙන් සියයට 71.8ක් අනාරක්ෂිත පානීය ජල පහසුකම් සහිතව ජීවත් වන බව පැවසූ වසන්ත අතුකෝරළ මහතා මේ අනුව එක් කෝටි හැත්තෑ හතර ලක්ෂයක් වන ග්‍රාමීය ජනගහනයෙන් එක්කෝටි  විසිපන් ලක්ෂයක් අනාරක්ෂිත පානීය ජල පහසුකම් සහිතව ජීවත් වන බවද  ප්‍රකාශ කළේය.
වතු ආශ්‍රිත ජනතාවගෙන් සියයට 96.8ක් අනාරක්ෂිත පානීය ජල පහසුකම් සහිතව ජීවත් වන බව මහාචාර්යවරයා පැවසීය. වතු ආශ්‍රිතව ජීවත් වන ජනගහනය දස ලක්ෂ හතළිස් දහසක් බවත් ඉන් ලක්ෂ දහයකට පමණ ආරක්ෂිත පානීය ජල පහසුකම් නැති බවත් හෙතෙම සඳහන් කළේය.
ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 45 කට ( සියයට 20.3 කට) මූලික ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වී ඇතැයි එම අධ්‍යයනයේදී පෙනී ගොස් ඇති බව පැවසූ අතුකෝරළ මහතා රටේ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ළිංවලින් ජලය ගන්නා  සංඛ්‍යාව ලක්ෂ තිස්පහක් බවද ප්‍රකාශ කළේය.



අදහස් (0)

රටෙන් බාගයක්ම බොන්නේ අපිරිසිදු ජලය අධ්‍යයනයකින් හෙළි වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site