IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මූල්‍ය අපරාධ පිලිබඳ නඩු විභාග කිරීමේ විශේෂ උසාවියක්

උපුල් වික්‍රමසිංහ

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධ මූල්‍ය අපරාධවලට අදාළව පවරන නඩු විභාග කිරීම සඳහා වෙනම අධිකරණයක් පිහිටුවිය යුතු බවට, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් නිකුත් කරනු ලැබ ඇති වසර 2021 – 2022 සඳහා වන මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ ජාතික අවදානම ඇගයීමේ වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ සිදු වන මුදල් විශුද්ධිකරණ කටයුතු සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධව නිර්මාණය වී ඇති අවදානම් පිළිබඳ විශ්ලේෂණය කර ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකා රේගුව ආශ්‍රිත මුදල් විශුද්ධිකරණ කටයුතුවල අවදානම ඉහළ මධ්‍යම මට්ටමක පවතින බවද වාර්තාව කියයි.


මුදල් විශුද්ධිකරණයට අදාළ අපරාධ විමර්ශනය කරන විමර්ශන ආයතනවලට ඊට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව ඇති තොරතුරු වෙත ප්‍රවේශ වීම සඳහා ප්‍රමාණවත් තරම් බලතල නොමැති බවද මෙම වාර්තාවෙන් හෙළි කර ඇත. මුදල් විශුද්ධිකරණ කටයුතු පිළිබඳ විමර්ශන පැවැත්වීමට ඒ සම්බන්ධ විශේෂඥ දැනුමක් සහිත විශේෂ ඒකකයක් ශ්‍රී ලංකා පොලීසියේ පිහිටුවිය යුතු යැයි ද මේ වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

 



අදහස් (0)

මූල්‍ය අපරාධ පිලිබඳ නඩු විභාග කිරීමේ විශේෂ උසාවියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site