IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මාලිමාවට බහුතර බලය ස්ථිරයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

පද්මිණී මාතරගේ 
ජාතික ජනබලවේගයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහතික ලෙස ලබාගැනීමට හැකි බවත් ඒ වෙනුවෙන් වංචා දූෂණ කිසිවකට සම්බන්ධ නැති පටු පෞද්ගලික අරමුණු නැති විශිෂ්ටතම කණ්ඩායමක් ඉදිරිපත් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා “ඉරිදා ලංකාදීපය”‍ට පැවසීය.
මේ ​ෙවන විටත් එසේ ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන කණ්ඩායම් ලැයිස්තුව සකස් කර අවසන් වෙමින් පවතින බව ද ඒ මහතා කීය. දෙමළ, මුස්ලිම් නියෝජනය හා කාන්තා නියෝජනය ගැන ජාතික ජනබලවේගය විසින් විශාල සැලකිල්ලකට ලක්කරමින් මෙම ලැයිස්තුව සකස් කරන බව ද ඔහු කීය.
ජාතික ජනබලවේගය ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අවසන් බවත්, විපක්ෂය දුර්වලව පවතින බවත් පැවසූ ඒ මහතා ජනතාව ජාතික ජනබලවේගය විශ්වාස කර තිබෙන අතර එම විශ්වාස කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් අවශ්‍ය බව ද කීය.
ජනතාව එම බලය, ජාතික ජනබලවේගයට සහතික ලෙසම ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බව ද ඔහු පැවසීය. මේ ​ෙවන විට පාර්ලිමේන්තුව විසුරුවා තිබෙන අතර, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් 04 වැනිදා ආරම්භකර 11වැනිදායින් අවසන් කිරීමට නියමිතව ඇත.



අදහස් (0)

මාලිමාවට බහුතර බලය ස්ථිරයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site