සුජිත් හේවාජුලිගේ
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල පහළ යාමේ වාසිය පූර්ණ වශයෙන් මේ රටේ ජනතාවට නොලැබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය. භාණ්ඩ හා සේවා මගී ප්‍රවාහන වියදම් මෙන්ම පොදුවේ ජීවන වියදම පහළ නොයන්නේ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් රටේ සැලකිය යුතු ආකාරයට පහළ නොයන නිසා බවද ඔහු සඳහන් කළේය.
ලංකාවේ පෙට්‍රල් 95 ලීටරයක මිල 2023 සැප්තැම්බර් රුපියල් 420 ක් පමණ වූ අතර, දැනටත් පවතින්නේ එම මිලම බව ඔහු කීවේය.
මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මෙසේද පැවසීය.
පසුගිය වසරේ සැප්තැම්බර් වනවිට බොරතෙල් බැරලයක මිල වාර්තා වන්නේ ඩොලර් අනූ හතරක් ලෙසයි. එය පසුගිය වසරේ දෙසැම්බර් වනවිට බැරලයක මිල ඩොලර් 68ක් දක්වා අඩුවෙනවා. මේ අවුරුද්දේ මාර්තු වෙනකොට ඩොලර් 83 දක්වා වැඩි වී නැවත පසුගිය ජුනි වනවිට ඩොලර් 74 ක් දක්වා පහළ යනවා. ඒ කියන්නේ 2023 සැප්තැම්බර් සිට මේ දක්වා බොරතෙල් බැරලයක මිල සියයට විසි හතකින් පහළ ගිහින් තියෙනවා.
එහෙත් ලංකාවේ පෙට්‍රල් 95 ලීටරයක මිල තවමත් එහෙමමයි. පෙට්‍රල් 92 ලීටර් එකක මිල 2023 සැප්තැම්බර් වනවිට රුපියල් 365ක් ලෙස පැවැති අතර අද වන විට එය රුපියල් 355ක් ලෙස රුපියල් 10 කින් පහළ ගොස් තියෙනවා. එනම් මිල අඩු වී ඇත්තේ සියයට 2කින් පමණයි. ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල පසුගිය වසරේ සැප්තැම්බර් වනවිට රුපියල් 351 ලෙස තිබූ අතර අද වනවිට එය රුපියල් 317 දක්වා සියයට 11කින් පමණ පහළ ගිහින් තියෙනවා.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් වනවිට පැවැතියේ රුපියල් 421 ක් ලෙසයි. එහෙත් අද වනවිට ලීටරයක මිල වන්නේ රුපියල් 377 යි. එය
පහළ ගොස් ඇත්තේ සියයට
12 කින් පමණයි.
2025 දෙසැම්බර් මස 04
37
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
339
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තෙල් මිල අඩු වීමේ වාසිය පිල්ලි ගිහින් උද්ධමනයට හේතුව එයයි මහාචාර්ය වසන්ත අතුකෝරළ