IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඩොලර් ණයට අරන් හැදූ කොන්ක්‍රීට් සුදු අලි

 

  • හම්බන්තොට වරාය ,ගුවන් තොටුපොළ, සූරියවැව ක්‍රීඩාංගණය, නෙළුම් කුලුනට සියයට විස්සක කොමිස් ගෙවලා

 

හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, සූරියවැව ක්‍රීඩාංගණය සහ කොළඹ නෙළුම් කුලුන ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2000 කට ආසන්න මුදලක් වැය කර ඇති අතර වැය කළ යුතු වටිනාකමට වඩා සියයට 20ක පමණ ප්‍රමාණයක් කොමිස් වශයෙන් වැඩිපුර මුදල් ගෙවා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී හම්බන්තොට වරාය හා ගුවන් තොටුපොළ දීර්ඝ කාලීනව රටට වැදගත් විය හැකි නමුත් නෙළුම් කුලුන ව්‍යාපෘතිය මුළුමනින්ම අනවශ්‍ය වියදමක් වශයෙන් සැලකිය හැකිය. මෙහි විශේෂත්වය වන්නේ මෙම කුලුන සඳහා වැය කරන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 104ට අමතරව රුපියල් බිලියන 2ක මුදලක් හඳුනා නොගත් ආයතනයකට ගෙවා තිබීමයි.


වසර ගණනාවකට පෙර මෙම ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු සිදු වුවත් ඒවායේ බර පැටවී ඇත්තේ ජනතාවටය.
මේ රටේ බංකොලොත් බව එකවර ඇතිවූවක් ලෙස සැලකිය නොහැකිය. කාලයක් තිස්සේ ඉවක් බවක් නොතකා කරන ලද වැඩපිළිවෙලක අවසාන ප්‍රතිඵලය දැන් උදාවී තිබේ. විදේශ ණය වශයෙන් ඩොලර් බිලියන ගණනින් ලබා ගෙන කජු කන්නන් ලෙසට වියදම් කළත් රටට ඩොලර් මිලිනයකවත් ආදායමක් සොයා ගැනීමට නොහැකි වී ඇත. රට බංකොලොත් වී ඇති අතර ලබා ගත් ණයක් ගෙවා ගැනීමට නොහැකි වී ඇත.
මේ ව්‍යපෘති සඳහා ලබා ඇති මුදල් හා ඒ වටා පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලීමක් කළෙමු.


හම්බන්තොට වරාය ගොඩබිම තුළ ඉදිකළ දකුණු ආසියාවේ විශාලතම වරාය වශයෙන් සලකනු ලබයි. අක්කර 4000 ක භූමියක පිහිටි මෙම වරාය පළමු අදියර ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 360 ක් වශයෙන් සඳහන් වේ. රුහුණු මාගම්පුර ජාත්‍යන්තර වරාය ලෙසට මෙම වරාය හඳුන්වනු ලබයි.


වරායේ බංකර් පර්යන්තය සඳහා පමණක් ඩොලර් මිලියන 76.5ක මුදලක් වැයවී ඇතැයි ගණන් බලා ඇත. ගොඩබිම ගොඩනගා ඇති ලොව විශාලතම වරාය ලෙස මෙය සැලකේ. කොළඹ වරායේ නෞකා තදබදය අවම කිරීම සඳහා මෙම වරාය ඉදි කළ බව සඳහන් කරයි. වසරකට නැව් 6000ක් හැසිරවීමට අවස්ථාව සැලසේ.


හම්බන්තොට පිහිටා ඇත්තේ ආසියානු සහ යුරෝපීය ජාත්‍යන්තර නැව් මාර්ග සූවස් ඇළ සහ මලක්කා සමුද්‍ර සන්ධිය අතරමැදිවය. තෙල් නැව් 4500ක් ඇතුළුව නැව් 36,000 ක් පමණ වසරකට හම්බන්තොට මුහුදු සීමාවෙන් යාත්‍රා කරයි.


හම්බන්තොට වරායේ පිහිටීම හා ඒ වටා පිහිටි පරිසරය ආශ්‍රිතව ශ්‍රී ලංකාව සුරපුරයක් කිරීමට හැකි ආකාරයට සැළසුම් අතිවිශාල ප්‍රමාණයක් සකස් කර තිබුණි. අපූරු සුරංගනා ලෝකයක් මවා ජනතාවට ඉදිරිපත් කර තිබුණ ඒ සැළසුම් වලින් කීපයක්ද මෙහිදී සාකච්ඡා කළ යුතුව ඇත.


නැව් අලුත්වැඩියාව, බංකරින් ආහාර වෛද්‍ය හා ජල සැපයුම් ලබාදීම මගින් මෙම වරාය ඉදිකිරීමෙන් විශාල ආදායමක් ලබා ගැනීමට සැළසුම් කර තිබුණි. නැව් තැනීමේ කටයුතු පළමු අදියරේ සිටම ආරම්භ කිරීමට නියමිතව තිබුණි.


මේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ද සපයා දී තිබුණි. දිය කඩන දෙකක් මීටර් 210 ක පළලින් යුතු පිවිසුම් මාර්ගයක් මීටර් 600ක හැරවුම් කවයක් මීටර් 17ක් ගැඹුරට කැනීම මීටර් 600ක පොදු කාර්ය නැංගුරම් පොළක්, මීටර් 610 ක තොටුපොළක් මීටර් 105 ක සේවා නැංගුරම් පොළක් යන මේ අංශ සඳහා අවශ්‍ය ගොඩනැගිලි ඉදි කිරීමට නියමිතව තිබුණි.


මූලික සැලැස්මකින් තොරව අතිවිශාල මුදලක් මේ මහා පරිමාණ ඉදිකිරීම සඳහා වැය කර ඇත. චීනයේ එක්සීම් බැංකුව ඇමරිකන් ඩොලර් මිලියන 360 ක මුදලක් සියයට 6.3ක පොලියට ණයට ලබා දී ඇත. පළමු අදියරේ විවෘත කිරීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 188 ක මුදලක් වැය කර තිබුණි.
දෙවැනි අදියර සඳහා ඩොලර් මිලියන 810 ක මුදලක් ණයට ගෙන ඇත. චීනයේ ආනයන හා අපනයන බැංකුව මුදල් ලබාදී ඇත. ඉදිකිරීම්වලට බාධාවක් වූ වරාය පිවිසුමේ තිබූ දැවැන්ත ගල් පර්වතයක් පිපිරවීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 40ක මුදලක් වැය කිරීමට සිදුවිය.


දේශපාලනඥයන් දෙතුන් දෙනකු පිනවීම සඳහා ඉදිකරන ලද මෙම වරායේ ණය ආපසු ගෙවීමට නොහැකිවීම නිසා 2017 දී හම්බන්තොට වරාය අවුරුදු 198 කට චීනයට බදු වශයෙන් ලබා දීමට පසුව තීරණය කෙරිණි.
’’නැටූ නැටුමකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ’’ කීවාක් මෙන් හම්බන්තොට වරාය ඉදිකිරීමේ පූර්ණ වාසිය චීන රජයට හිමි වී තිබේ. අද එය නිල නොවන මට්ටමින් චීනයේ කොලණියක් වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. වරාය ඉදිකිරීමට ගත් ණය ගෙවා ගැනීමට නොහැකිව චීනයට බද්දට දීමට සිදු විය.
මෙයින් රටට අත්වූ වාසියක් නැත. නිත්‍ය හා සෘජු රැකියා 50,000ක පමණ ප්‍රමාණයක් හම්බන්තොට වරාය ආශ්‍රිතව ලබාදීමට සැළසුම් කර තිබුණි. දැන් මේ චීන කොලණියේ චීන ජාතිකයන්ට වෙන් වූ ජීවන රටාවක් පවත්වා ගෙන යන බව කියති. රටේ ජනතාවට ඔහේ බලා සිටීමට සිදු වී ඇත්තේ පුස්ස බින්දක් මෙනි.
හම්බන්තොට වරායේ තුන් වැනි අදියරත් 2023 දී අවසන් කිරීමට නියමිතය.


අනෙක් සුදු අලියා මත්තල රාජපක්ෂ අන්තර් ජාතික ගුවන් තොටුපොළ. මේ සඳහා සම්පූර්ණ වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 2010 ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇත.


ශ්‍රී ලංකාවේ තුන්වැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වශයෙන් සලකන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම 2009 දී ආරම්භ කළ අතර 2013 දී නිල වශයෙන් විවෘත කිරීම සිදු විය. මෙම ගුවන් තොටුපොළ තෙක්ම යාර 2000ක භූමි ප්‍රදේශයක පිහිටුවා ඇත. විදේශිකයන් 800කට ගොඩනැගිල්ලේ ඉඩකඩ පහසුකම් සලසා ඇත.


ගුවන්තොටුපලට සැතපුම් 15ක් පමණ දුරින් පිහිටි හම්බන්තොට වරාය හා එක්ව බඩු බාහිරාදිය හුවමාරුව හා ප්‍රවාහනය කිරීමට ද පහසුකම් සපයා ඇත. මගීන් මිලියනයක් වසරකට හැසිරවීමට හැකි පහසුකම් මෙම ගුවන්තොටුපලේ ඉදිකර ඇතත් ගුවන්තොටුපල ඉදිකර වසර 15ක කාලයටවත් එයින් මිලියනයක් එහි පැමිණ නැත.


පසුගිය කාලයක දී හම්බන්තොට ගුවන්තොටුපළ ගොඩනැගිලි වී ගබඩා කිරීමට යොදා ගත් ආකාරය ද සිහියට නැගේ.


තවත් සුදු අලියකු වන්නේ නෙළුම් කුලුනයි.


දකුණු ආසියාවේ උසම කුලුන ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබෙන බවට ආඩම්බරයෙන් ප්‍රකාශ කළත් එය ඉදිකරන ලද්දේ ඇමෙරිකානු ඩොලර් මිලියන 104.3 ක චීන රජයේ ණය ආධාර වලිනි. ණය ආපසු ගෙවීමේ වසර 10ක් සඳහා වසරකට බිලියන 2.4 බැගින් ගෙවීමට නියමිතව ඇත.


අදටත් සොයා ගැනීමට නොහැකි සමාගමකට නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 2ක මුදලක් ගෙවා ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනාවරණය කළේය. ඒවා මේ රටේ ජනතාවගේ මුදල්ය. එම සමාගමේ ලිපිනය සොයා යන ලෙස එරට ශ්‍රී ලංකා තානාපතිවරයාට උපදෙස් දී තිබූ අතර එවැනි ආයතනයක් එම ලිපිනයේ නොමැති බව අනාවරණය වී තිබුණි. මුදල් ලබා ගත් සමාගම අතුරුදන්ය. මුදල් ගෙව්වේ කවුදැයි මේ ගනුදෙනුවට සම්බන්ධ කවුරුන් ද? ඒ සියල්ලක් පිළිබඳව කිසිම තොරතුරක් නැත.
චීනයේ හෝ වෙනත් කිසිදු රටක ක්‍රියාත්මක නොවන සමාගමකට මෙම මුදල් ගෙවීමේ සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස විවිධ පාර්ශව වලින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇතත් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත.


ප්‍රභාකරන් සැඟවී සිටින ස්ථානය සොයා ගැනීමට පුළුවන් වූ බුද්ධි අංශ නිලධාරීන්ට මෙම බිලියන දෙකක මුදල ගෙව්වේ කාට ද යන්න සොයා ගැනීමට අදටත් නොහැකි වී ඇත. එය අදහා ගැනීමට නොහැකි කරුණක් බවට පත් වී ඇත.


කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ ඉදිකර තිබෙන නෙළුම් කුලුන අගනුවර අලංකාරයට හේතු වුවත් අප වැනි රටකට ඔරොත්තු නොදීම ප්‍රධාන ගැටලුවය. මුදල් වැය කළ යුතු දුප්පත්කම තුරන් කිරීම අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහන ප්‍රමුඛතා ලැයිස්තුවේ පවතින අංශවල වෙන් කළ හැකිව තිබූ මුදල් නොදන්න සමාගමකට ලබා දී ඇත.


මේ නෙළුම් කුලුන අද රටට බරක්. අද වනතුරුත් එය විවෘත කර ගැනීමට නොහැකි වී ඇත. වෙල මැද හිට වූ පඹයකුගෙන් සිදු වන සේවයක්වත් මේ නෙළුම් කුලුනෙන් ලබා ගැනීමට නොහැකි වී ඇත. රටට අත්කර දෙන වාසියට වඩා පවත්වා ගෙනයාමේ බර ජනතාව මත පැටවී ඇත.


මෙමගින් වංචා කළ කෝටි 200 ක මුදලින් රුපියල් 2500 බැගින් පවුල් ලක්ෂ 8කට සමෘද්ධි සහනාධාරය ලබා දිය හැකි බව නිරීක්ෂණය කර ඇත.


මුදල් අතුරුදන්වීමේ සිද්ධියෙන් පසු මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් චීනයේ එක්සිම් බැංකුව ලබා දීමට පොරොන්දුව තිබූ රුපියල් බිලියන 19 අත්හිටුවා ණය දීම බිලියන 12කට සීමා කර තිබුණි. නෙළුම් කුලුන අදටත් රටට ශත පහක මුදලක් උපයා දී නැත. එහෙත් ශ්‍රී ලාංකික ජනතාව අදටත් නෙළුම් කුලුනේ ණය ගෙවමින් සිටිති. කොළඹ මැද සිටගෙන එය අහස දෙස බලා ගෙන සිටියි.


ඉදිරි මාස 12 ක කාලය සඳහා ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක ණය වාරික හා පොලී ගෙවිය යුතුව ඇත. මෙවැනි තවත් නාස්තිකාර වියදමක් ලෙසට හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණය සඳහන් කළ හැකිය එය මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වශයෙන් හඳුන්වනු ලබයි. 2011 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඉදි කරනු ලැබීය. නරඹන්නන් 35,000 කට පහසුකම් සහිතව ඉදි කරන ලද මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ හැකි කොටස් පමණක් දිග මීටර් 100ක් හා පළල මීටර් 100 ක් වෙයි.


මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ලබා ඇති ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 300කි. මේ දක්වා මෙම ක්‍රීඩාංගනයේ පවත්වා ඇත්තේ අතේ ඇඟලි ගණනටවත් අඩු තරඟ කීපයකි.


විදේශ ණය ආධාර මත රටේ සංවර්ධනයට යැයි කියමින් මුදල් ලබා ගන්නා ලද තවත් කරුණක් වන්නේ මාර්ග ඉදිකිරීමයි. හොඳම උදාහරණය බෙලිඅත්ත නගරයට යාම සඳහා මාර්ග තුනක් සංවර්ධනය කර තිබීමය. මිද්දෙණිය තංගල්ල හම්බන්තොට සිට බෙලිඅත්ත නගරයට ඒමට මාර්ග 3ක් පුළුල් කර ඇත. ඒ සියල්ල ණය මුදල්ය. ජනතාව ගෙවනු ලබන්නේ ඒ නාස්තිකාර වියදම්වල හැටිය.

 

සටහන :
දයාසීලි ලියනගේ

 



අදහස් (6)

ඩොලර් ණයට අරන් හැදූ කොන්ක්‍රීට් සුදු අලි

රස්සාවක් Saturday, 23 April 2022 07:15 PM

ලංකාවේ දේශපාලනය කියන්නේ රස්සාවක්...! අවංකවම සේවය කරන අය බොහොම අඩුයි..! ඉතින් රට හැදෙයිද? හැබැයි කාගේ හරි වැරදි හොයන්න නම් ඒ තරම් මොලකාරයින් ලෝකෙ කොහේවත් නැහැ..! කෙටිම උදාහරණය බලන්න හිටපු අපේ මැති ඇමතිලගේ ඡන්ද ලැබුණු ගම්... අදටත් තාමත් සුද්දා රට බාර දෙනකොට දුන්නා හා සමානයි... තාම ඒ පැතිවල පාසල් යන ළමයින්ට යන්න හරි පාරක් නැහැ. වතුර නැහැ ... මැටි ගෙවල්වල ඉටිරෙදි වටේට දාගෙන ඉන්නේ.. ඒත් ඒ මැති ඇමතියගේ ඩ්‍රයිවරයාගේ ඉඳලා මැති ඇමතියා බලාගන්න අය විඳින සැප..! හොරකම ලේ නහරවල උඩු දුවලා තියෙන්නේ...! ඔවුන්ගේ වයස 21 කොල්ල කෙල්ල පදින වාහන දැක්කාම හිතාගන්න පුළුවනි... ගමට දුන්නු සල්ලි ලින් ගමට වුණූ සෙත..! හැබැයි ඇමැතිකමේ වැඩ පටන් ගන්නේ හාමුදුරුවරු ගෙනැල්ලා සුදුනූල් බැඳගෙන නැකතකට අත්සන ගහලා... කිසිම රටක නොකරන දෙයක් ඒක..! ඒ වුණාට අපේ අය සමාජයෙන් ලකුණු දාගන්න පේන්න ඒ දේ කරනවා..! ඔය කිසි කෙනෙක් රටට කළ දෙය ගැන මාසිකව වාර්ෂිකව දැනුවත් කරනවද? හැබැයි බින්දු පහේ මාසික පඩිය නොකඩවා අරගෙන බැට් පිත්ත වගේ තිබුණ ඇඟවල් රා මදින කිතුල් ගසක් බඩ දරුවුණා වගේ බඩගෙඩියක් දාලා හදා රටටම පෙන්වනවා..!

:       2       57

swene Monday, 25 April 2022 07:31 AM

තව තියෙනවා හම්බන්තොටම.. ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව සහ ඒ අනුබද්ධ මාර්ග සහ අනෙකුත් සංවර්ධනය. සම්මන්ත්‍රණ තියන්නේම නැහැ. මෙම සියලුම දේවල් නඩත්තු කිරීම සඳහා අදටත් වියදම් කරන්න සිදුවී තිබෙනවා නේද?

:       3       23

fairoos Monday, 25 April 2022 05:26 PM

හැම එකකටම රාජපක්ෂ කියලා නමත් දාගෙන තියෙන්නේ ලස්සනට. ඒකෙ විපාකය තමයි දැන් විඳවන්නේ...!

:       4       25

රසික Wednesday, 27 April 2022 06:55 AM

රාජපක්ෂලා ඔය කියන අසාර්ථක ව්‍යාපෘති සියල්ල කලේ 2015 ට ඉස්සෙල්ලා. ඒ බව දැන දැන ආයේ පත්කර ගත්තා. එළවපු අයව ආයේ ගෙන්න ගත්තාට හොඳ වැඩේ.

:       1       8

Jason Wednesday, 27 April 2022 11:04 AM

TRC එකෙන් පඩි කකා ඉන්න ජෙනරල් කාරයා සහ ගොලයෝ සෙට් එක කීයක් නෙලුම් කුලුනින් රටට ගෙනාවද?අහලා බලන්න එයාලගෙන් මොනාද කරන්නේ ?

:       1       2

රනිත Wednesday, 27 April 2022 12:58 PM

2014 වෙනකල් ණයගෙවා ගෙන අවුලක් නැතුව රට ඉදිරියට ගියා. රේටින් වලින් අපි හොඳ මට්ටමක හිටියා. රටට කණකොකා හඬන්න ගත්තේ 2015න් පස්සේ. රේටින් වලින් පහළට වැටුණා. ආර්ථික වර්ධනය අඩුවුණා. ණය ගත්තා එදාවේල කන්න. ණයබර වැඩි කළා. කරපු කිසිම සංවර්ධනයක් නැහැ. නෙළුම් කුළුණ පරක්කු කරලා විනාශ මුඛයට ගෙනගියා. අගාධයට ගියා. ජාතික ආරක්ෂාව නැතිව ගියා. ඩොලර් නැති නිසා තමයි හම්බන්තොට චීනෙට දුන්නේ. ඒක චීනයම කිව්වා. රුපියල බාල්දු වෙන්න පටන් ගත්තේත් 2015න් පස්සේ. හොඳට තිබුණු රටක් යටටම ඇදලා දැම්මා. මහ බැංකු හොරකම වගේ මහපරිමාණ වංචා කරලා මිනිස්සුන්ගේ සල්ලි හොරා කෑවා...

:       15       9

ඔබේ අදහස් එවන්න

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 7 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 14 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 26 28 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා
2024 අප්‍රේල් මස 23 11 0

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි
2024 අප්‍රේල් මස 23 5 0

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ


ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 22 4 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site