සුජිත් හේවාජුලිගේ
පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
එලෙස විමර්ශන පවත්වා නිකරුණේ නාස්ති කෙරුණු මුදල් එම කොමිෂන් සභා සාමාජිකයන්ගෙන් හෝ එවකට රජයන්හි ප්‍රධානීන්ගෙන් අය කර ගැනීමට ද රජයේ විශේෂ අවධානය යොමුවී ඇත.
පසුගිය කාලයේ දී විවිධ කරුණු සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභා 14 ක් පත්කර ඇති බවත් නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්තේ ඉන් කොමිෂන් සභා දෙකක් පමණක් බවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාව ජනතාවගේ මුදල් රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයකට වැඩි මුදලක් කාබාසිනියා කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.
මේ මුදල් එම කොමිෂන් සභාව පිහිටුවනු ලැබූ ගෝඨාභය රාජපක්ෂ ගෙන් හෝ උපාලි අබේරත්න ඇතුළු කොමිෂන් සභා සාමාජිකයන් තිදෙනාගෙන් අයකර ගත යුතු බව ද ඔහු සඳහන් කළේය.
උපාලි අබේරත්න කොමිෂන් සභාවේ නිර්දේශ සියල්ල නීති විරෝධී බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ නිර්දේශ සියල්ල ඉන් පසුව අහෝසි කළ බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
598
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
507
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනාධිපති කොමිෂන් සභා පිළිබඳ විශේෂ පරීක්ෂණයක්