සුජිත් හේවාජුලිගේ
විවිධ ආණ්ඩු විසින් පසුගිය වසර දහයක පමණ කාලයේදී වරින් වර පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභා විස්සක පමණ වාර්තා තවමත් ක්‍රියාත්මක නොවී හමස් පෙට්ටියේ පවතින බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා ඉරිදා ලංකාදීපයට පැවසීය. මෙම කොමිෂන් සභා වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට වැඩි මුදලක් වැය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
උදුලාගම කොමිෂන් සභා වාර්තාව, මැක්ස්වෙල් පරණගම කොමිෂන් සභා වාර්තාව, ලලිත් ඇතුලත්මුදලි ඝාතන කොමිෂන් සභා වාර්තාව, විජය කුමාරතුංග ඝාතන කොමිෂන් සභා වාර්තාව, ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතන කොමිෂන් සභා වාර්තාව එසේ ක්‍රියාත්මක නොවුණු වාර්තා කිහිපයක් බවද මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා සඳහන් කළේය.
ප්‍රමාණවත් සාක්ෂි පවතී නම් මෙම කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවද මහාචාර්ය මහානාම හේවා පැවසීය.
පාර්ලිමේන්තුවට ඉකුත්දා ඉදිරිපත් කෙරුණු බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් දෙදින විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. මේ අනුව එම වාර්තාව පිළිබඳ පළමු විවාදය අප්‍රේල් මස 10 වැනිදා පැවැත්වීමට නියමිතය. දෙවැනි විවාදය ඊට පසු මැයි මාසයේ දිනයක පැවැත්වීමට තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd