IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


ඛනිජ තෙල් දත්ත මකා දමන්න උසස් නිලධාරියෙක් සම්බන්ධයි

- වෘත්තිය සමිති කියති

යොහාන් භාසුර

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ඊආර්පී පරිගණක පද්ධතියක් හරහා ‘සැප්’ මෘදුකාංගයක් භාවිත කරමින් තොරතුරු දත්ත පවත්වාගෙන යන බවත්, එම දත්ත පද්ධතියේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා පසුගිය වසරේ සේවයෙන් ඉවත්ව යෑමේ සූදානමක් ද පැවැති බවත් තොග ගබඩා පර්යන්තයේ වෘත්තීය සමිති නියෝජිතයෙක් ’ලංකාදීප’යට පැවසීය. 

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ පරිගණක තොරතුරැ දත්ත ලක්ෂ 13 ක් පමණ ප්‍රධාන පද්ධති යෙදුමෙන් මකා ඇතැයි වෝහාරික විගණනයකින් හෙළි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පසුගිය බ්‍රහස්පතින්දා (15 වැනිදා) හෙළි කළ කරුණු සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී මේ බව අනාවරණය විය. 
ඉන්ධන හිඟය හේතුවෙන් 2022 වසරේ රට තුළ ඉන්ධන අර්බුදය ඇති වූ සමයේ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයෙන් රැපියල් කෝටි ගණනක් වටිනා ඉන්ධන බවුසර් හොර රහසේ පිට කළේ යැයි හෙළි වූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් එම ආයතනය අභ්‍යන්තර පරීක්‍ෂණයක් ආරම්භ කළ ද පසු කාලයකදී එය යටගැසූ බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ කියති.


මෙම දත්ත මකා දැමීමේදී 2022 වසරේ ඉන්ධන අර්බුදය පැවැති කාලයේ බොහෝ තොරතුරැ මකා ඇති බවත්, බොහෝ ඉන්ධන සැපයුම්වලට අදාළ බිල්පත් සහ වාර්තා පරීක්‍ෂා කිරීමේදී ඒවා මකා ඇතැයි හෙළි වී ඇති බවත් වෘත්තීය සමිති කියයි. 


ඉන්ධන බවුසර් හොර රහසේ පිටකළේ යැයි කියන වංචාව එම පර්යන්තයේ හිටපු උසස්ම නිලධාරියෙක් සමඟ තොරතුරැ තාක්‍ෂණ අංශයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් එකතුව කළ වංචාවක් බව කී එහි වෘත්තීය සමිති නියෝජිතයෙක් එයට සම්බන්ධ ඇතැමුන් මේ වන විටත් සේවය අතහැර ගොස් ඇති බව වැඩි දුරටත් සඳහන් කළේය. 
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා 2022 වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලට අනුව මෙම විගණනය කර ඇති අතර එම පැමිණිල්ල කිරීමෙන් පසුව 2023 වසර වන විට එම දත්ත මකා දැමීම් අඩුවී තිබේ.



අදහස් (0)

ඛනිජ තෙල් දත්ත මකා දමන්න උසස් නිලධාරියෙක් සම්බන්ධයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 125 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 206 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1069 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site