IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රය ලෙඩ වෙයි අපේක්ෂා රෝහලේ පරීක්ෂණ සීමා වෙයි

ඉන්දික හේවාවිතාරණ
කොළඹ ජාතික රෝහලේ තිබෙන පෙට්ස්කෑන් යන්ත්‍රය කාර්මික දෝෂයකට ලක්වීම හා අපේක්ෂා රෝහලේ තිබෙන යන්ත්‍රයෙන් පරීක්ෂණ සිදුකිරීම සීමා වීම නිසා පිළිකා රෝගීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
පෙට් ස්කෑන් පරීක්ෂණ මගින් පිළිකාව වර්ධනය වී ඇති ප්‍රමාණය, පිළිකා සෛලවල ක්‍රියාකාරිත්වය හා පිළිකා ප්‍රතිකාරයකින් අනතුරුව නැවත එම පිළිකාවේ වර්ධනය වීමක් තිබේද එය කෙතරම් දුරට පැතිරී ඇති ප්‍රමාණය පිළිබඳ සොයාගැනීමට හැකි බවද පෙන්වා දෙයි.

රජයේ රෝහල් පද්ධතිය සතුව තිබෙන්නේ මෙවැනි යන්ත්‍ර දෙකක් පමණක් බවත්, කොළඹ ජාතික රෝහලේ පෙට් කෑන් පරීක්ෂණ ඒකකයෙන් අවසන් වරට පරීක්ෂණ සිදු කර තිබෙන්නේ පසුගිය වසරේ  ඔක්තෝබර් 13  වැනි දින බවත්, එම යන්ත්‍රය එදිනෙන් පසු කාර්මික දෝෂයකට ලක් වී තිබෙන බවත් සංගමය සඳහන් කරයි.
තවමත් එම යන්ත්‍රය යථාතත්වයට පත් කර ගැනීමට නොහැකි වී තිබේ. එම ස්ථානයේ සේවය කළ නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනෙක් මේ ​ෙවන විට විශ්‍රාම ගොස් සිටිති.
මෙම යන්ත්‍රයෙන්, හම්බන්තොට මහ රෝහල, බදුල්ල පළාත් මහ රෝහල, මහනුවර ජාතික රෝහල, කරාපිටිය, අනුරාධපුර, කුරුණෑගල, යාපනය, රත්නපුර, මඩකලපුව යන ශික්ෂණ රෝහල්වලින් යොමු කරන රෝගීන් හා කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු සිදුකෙරේ.
මහරගම අපේක්ෂා රෝහලට පැමිණෙන රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු එම රෝහලෙහි පිහිටි යන්ත්‍රය මගින් සිදුකළද එම යන්ත්‍රයෙන් සතියකට පරීක්ෂණ සිදුකරනු ලබන්නේ එක් දිනක් පමණක් බවත්, එම දිනයේදී සිදුකරන්නේ පරීක්ෂණ10ක ප්‍රමාණයක් බවත් සංගමය පෙන්වා දෙයි.
මෙම පරීක්ෂණයට අදාළ වන රසායනික ද්‍රව්‍ය සතියකට එක් වතාවක් ඉන්දියාවෙන් ගෙන්වන නිසා සතියකට දින 03 ක් ඉන්දියාවෙන් රසායනික ද්‍රව්‍ය ගෙන්වා පරීක්ෂණ කටයුතු සතියකට දින 03 ක් සිදුකරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවද පෙන්වා දෙයි.


මෙම යන්ත්‍රයෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා නිලධාරීන් තිදෙනෙකු සිටිය යුතු වුවත් කොළඹ ජාතික රෝහලෙහි සිටින්නේ එක් නිලධාරියෙකු නිසා අදාළ යන්ත්‍රය අලු‍ත්වැඩියා සිදුකළත් පරීක්ෂණ සිදුකිරීම ආරම්භ කිරීමට යම් කාලයක් ගත වන බවද සංගමය පෙන්වා දෙයි.
මෙම යන්ත්‍රය මගින් සිදුකරන පරීක්ෂණයක් පුද්ගලික අංශයෙන් සිදුකර ගැනීමට රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවන බවත්, මේ නිසා දුප්පත් ජනතාවට පුද්ගලික අංශයෙන් මෙම පරීක්ෂණ සිදුකර ගැනීම දැඩි දුෂ්කර කටයුත්තක් වී තිබෙන බවත් සඳහන් කරයි.

 



අදහස් (0)

කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රය ලෙඩ වෙයි අපේක්ෂා රෝහලේ පරීක්ෂණ සීමා වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site