IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කිලෝවොට් 100ට වැඩි සූර්යබල පද්ධති දින 11ක් නැවැත්වීම ගැන චෝදනා

ලවංගා මාධවී දෑරංගල

කිලෝ වොට් 100ට වැඩි විදුලිබල පරිහරණයක් සහිත සූර්යබල පද්ධති භාවිතය අප්‍රේල් 11 සිට 21 දක්වා තාවකාලික ව නැවැත්වීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර ඒ සඳහා ප්‍රාදේශීය මට්ටමෙන් ද උපදෙස් දී ඇති බව ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කරයි. 

මෙම කාලසීමාවෙහි ඉල්ලුම වැඩි වීම මත සැපයුම් අවහිරතා ඇතිවීම මීට හේතුව ලෙස ලංකා විදුලිබල මණ්ඩලය දක්වන නමුත් එය සම්පූර්ණයෙන් පදනම් විරහිත තර්කයක් වන බවත්, අධිකරණය අවුරුදු නිවාඩු සඳහා වසා ඇති බැවින් නඩු පැවරීමටවත් හැකියාවක් නොමැති අවස්ථාවක මෙසේ සිදු කිරීම සූර්යබල විදුලි පද්ධතිය අඩපණ කිරීම සඳහා වන නීතිවිරෝධී කුමන්ත්‍රණයක් වන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි. 

මේ පිළිබඳව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරියෙකුගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙන ඇති මෙම තීරණය පිළිබඳ අධිකාරියට ද තොරතුරු ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් වැඩිදුර තොරතුරු විමසීම සඳහා අප විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා හා මාධ්‍ය ප්‍රකාශකවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට කීපවරක්ම උත්සාහ දැරුව ද එය අසාර්ථක විය.

 



අදහස් (0)

කිලෝවොට් 100ට වැඩි සූර්යබල පද්ධති දින 11ක් නැවැත්වීම ගැන චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site