IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඕස්ට්‍රේලියානු තෙල් සමාගම මෙහෙයුම් නතර කරයි - වසර 20 ගිවිසුමට වසරකින් තිත

ලවංගා මාධවී දෑරංගල
මෑතකදී ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළට ඇතුළු වූ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ආයතනයට අනුබද්ධ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම මෙරටින් ඉවත් වෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර නැතත් ජනවාරි මස සිට එම සමාගමට අයත් සියලු‍ ඉන්ධනහල්වල මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත භාර දී ඇති බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ ය.

යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම මෙරටට ඉන්ධන සැපයීම හා අලෙවිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සමග වසර 20ක් සඳහා ගිවිසුම් ගත වුව ද, ගිවිසුම ප්‍රකාරව ක්‍රියාත්මක වීමේ ඇති අපහසුතා හේතුවෙන් වසරක් ගත වීමට ද පෙර මෙසේ මෙහෙයුම්වලින් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ලැබී ඇති තොරතුරුවලට අනුව, සමාගමට අයත් සියලු‍ දේපළ නැවත භාර දෙන ලෙස යුන්යිටඩ් පෙට්‍රෝලියම්හි ප්‍රධාන විධායක නිලධාරී නයිජර් සිමන්ස්, සමාගමේ සියලු‍ සේවකයන්ට ලිපියක් මඟින් දැනුම් දී ඇත. 
සමාගමේ මේ තීරණය සම්බන්ධයෙන්, ආණ්ඩුව හා එම සමාගම අතර සාකච්ඡා පැවැත්වෙන්නේ ද යන්න ගැන විමසීමට අප බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.
මේ අතර සමාගමේ මෙම තීරණයට එරෙහිව එහි සේවකයන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ සලකා බලමින් සිටින බවට ඉකුත් දා මාධ්‍ය වාර්තා කර තිබිණි.

 



අදහස් (0)

ඕස්ට්‍රේලියානු තෙල් සමාගම මෙහෙයුම් නතර කරයි - වසර 20 ගිවිසුමට වසරකින් තිත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 37 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 125 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site