අංජුල මහික වීරරත්න
ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘත කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කර තිබේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඇති ආදායම් එකතු කිරීමේ අංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
ඒ අනුව සියලුම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට කැඳවා ඔවුන්ට බදු ලිපිගොනු සකස් කිරීම සිදු කෙරෙයි. දෙසැම්බර් 01 වෙනිදාට පෙර මෙම බදු ලිපිගොනු පුරවා අවසන් කරන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.
මෙතෙක් බදු ලිපිගොනු විවෘත කර නොතිබූ මන්ත්‍රීවරුන් තිස් දෙනකු පමණ මේ වැඩසටහන යටතේ අලුතින් බදු ලිපිගොනු විවෘත කර තිබෙන බව පාර්ලිමේන්තු ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
එමෙන්ම මේ වන විටත් බදු ලිපිගොනු පවත්වාගෙන යන අය ඔවුන්ට පවතින ප්‍රශ්න ඉදිරිපත් කොට ඒවා නිරාකරණය කරගෙන ඇත. ආණ්ඩු පක්ෂ සියලුම මන්ත්‍රීවරුන් නිසි පරිදි වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම සහ බදු ලිපිගොනුවක් නඩත්තු කිරීම මෙම වැඩසටහනේ බලාපොරොත්තුව බව ද පාර්ලිමේන්තු ජනාධිපති කාර්යාලය කියයි.
මෙම ක්‍රමය මගින් සියලු මන්ත්‍රීවරුන්ගේ සැබෑ ආදායම් එළිදරව් වන අතර ඔවුන් නිසි පරිදි ආදායම් බදු ගෙවන පුරවැසියන් බවට පත් කිරීමට හැකි වනු ඇතැයි ද පාර්ලිමේන්තු ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
මන්ත්‍රීවරුන් බදු නොගෙවන පිරිසක් බවට සමාජයෙන් ද චෝදනා එල්ල වී ඇති හෙයින් අදාළ බදු ලිපිගොනු විවෘත කිරීමෙන් පසු එම චෝදනාවෙන් මන්ත්‍රීවරුන් නිදහස් කිරීම මෙම වැඩසටහනේ තවත් එක් අරමුණක් වී තිබේ.
2025 දෙසැම්බර් මස 04
608
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
515
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
430
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘර්ත කෙරේ