සුජිත් හේවාජුලිගේ
බහුතරය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් පැනනැගීම හේතුවෙන් මැතිසබයේ ආණ්ඩුවේ කටයුතු කරගෙන යෑමේ ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.
මේ හේතුවෙන් විපක්ෂය ඡන්දය ඉල්ලා සිටිය හැකි පනත් කෙටුම්පත් විවාදයට ගැනීම පස්සට තැබීමට ආණ්ඩුව තීරණය කර ඇත.
විපක්ෂය ඡන්දය ඉල්ලා සිටිය හැකි පනත් කෙටුම්පත් විවාදයට ගැනීම මේ සතියේ දී නතර කෙරිණැයි දැනගන්නට ඇත.
මේ සතියේ වැඩි වශයෙන් තිබුණේ සභාව කල් තබන අවස්ථාවේ විවාදයන්ය. මැතිසබේ පෙරේදා (9) සිකුරාදා පැවැත්වුණේ දිවංගත අමාත්‍ය රොනීද මැල් මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදයයි.
ආණ්ඩුවට බහුතරය ඇති බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට සහාය නොදීමට තීරණය කිරීමත් සමග බහුතරය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.
බහුතරය තවමත් නිශ්චිත වශයෙන් තහවුරුවී නැතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණ්ඩුවේ බහුතරය අවිනිශ්චිත නිසා පනත් කෙටුම්පත් පස්සට