IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අලුත් පාස්පෝට් එකේ මුදල් හුවමාරු දැක්වීමට තැනක් නැතිව ප්‍රශ්නයක්

 


යොහාන් බාසුර 


අලුතින් නිකුත් කළ විදේශ ගමන් බලපත්‍රයේ ගමන් වියදම් සඳහා විදේශ විනිමය (විදේශ මුදල් හුවමාරුව) සම්බන්ධ පිටු නොමැතිවීම නිසා විදේශ ගතවීමේ දී මුදල් මාරු කිරීමට බැංකු වෙත යන පුද්ගලයන් හා බැංකු නිලධාරීන් අපහසුතාවට පත්වී ඇති බව වාර්තාවෙයි. 

  • නව විදෙස් ගමන් බලපත්‍රය ICAO ප්‍රමිතීන් අනුව
  • අලුත් තත්වය ගැන වාණිජ බැංකු දැනුම්වත් නොකිරීමෙන් බැංකු සහ විදෙස් ගතවෙන්නන්ට කරදර  

මීට පෙර පැවති පිටු 64 කින් යුතු විදේශ ගමන් බලපත්‍රයේ විදේශ රැකියා ලියාපදිංචි කිරීමේ සටහන් සහ ගමන් වියදම් සඳහා විදේශ විනිමය සම්බන්ධ පිටු කිහිපයක් තිබුණද අලුත් ගමන් බලපත්‍රයේ එම කොටස ඉවත් කර තිබේ. 

මේ සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විමසූ විට එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) ප්‍රමිතීන්ට අනුව එම කොටස් නව විදේශ ගමන් බලපත්‍රයට ඇතුළත් කර නොමැති බවයි. 

කෙසේ වුවද මේ නිසා විදේශ ගතවීම සඳහා විදෙස් මුදල් මාරු කිරීමට යෑමේ දී මෙන්ම විදෙස් මුදල් සන්තකයේ තබා ගැනීමේ දී ගැටලු පැන නැගී ඇති බව අප කළ සොයා බැලීමකදී තහවුරු විය. පසුගිය දින කිහිපයේ දීම මෙසේ මුදල් මාරු කළ අයට ඒ බව තහවුරු කිරීමට ඇතැම් බැංකු විදේශ ගමන් බලපත්‍රයේ රෙගුලාසි කොටස යොදා ගෙන තිබුණි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාණිජ බැංකු දැනුම්වත් කිරීමක් සිදු නොවී ඇති බව වාණිජ බැංකු තහවුරු කරයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමක් කළද ඒ සඳහා පිළිතුරු නොලැබුණි.  



අදහස් (0)

අලුත් පාස්පෝට් එකේ මුදල් හුවමාරු දැක්වීමට තැනක් නැතිව ප්‍රශ්නයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 528 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site