IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


අලුත් නීතියෙන් බදු ගෙවන පිරිස ලක්ෂ 10 කින් වැඩිවෙයි

උපුල් වික්‍රමසිංහ

මේ වසරේ ජූනි මස පළමු වැනි දින සිට වෛද්‍ය, නීතිඥ, ගණකාධිකාරී ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන් සහ තවත් අංශ කිහිපයක අය දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බවට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් උපයන විට ගෙවීමේ බද්ද ඇතුළුව පුද්ගල ආදායම් බදු ගෙවන පිරිස අමතර ලක්ෂ 10 කින් පමණ ඉහළ යනු ඇතැයි පැවසේ.

රුපියල් ලක්ෂය ඉක්මවා ආදායම් උපයන්නන් ආදායම් බදු ගෙවිය යුතු බවට වත්මන් ආණ්ඩුව පසුගිය කාලයේ ඉදිරිපත් කළ යෝජනාව අනුව මේ වන විට පුද්ගල ආදායම් බදු ගෙවන පිරිස ලක්ෂ 20 දක්වා වැඩි වී ඇතැයි සිතිය හැකි අතර ඊට අමතරව මෙම ලක්ෂ 10 ක පිරිස එකතු වීමත් සමග ආදායම් බදු ගෙවන මුළු පිරිස ලක්ෂ 30 ක් බවට පත් වෙමින් රජයේ බදු පදනම පුළුල් වනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ඉරිදා ලංකාදීපයට සඳහන් කළේය.


ආදායම් බදු ගෙවිය හැකි යැයි විශ්වාස කරන පිරිස් නිවැරදිව හඳුනා ගැනීමේ අරමුණින් ආණ්ඩුව මේ තීරණය ගෙන ඇති බවත් ඒ අනුව යමින් අදාළ වෘත්තිකයන් හා අනෙකුත් පාර්ශ්ව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ පමණින් බදු ගෙවීම අවශ්‍ය නැති බවත් මහාචාර්යවරයා පැවසීය.


මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා නිකුත් කළ මේ ගැසට් නිවේදනය අනුව පහත සඳහන් වෘත්තිකයන් හා අනිකුත් අංශ‌වල පුද්ගලයන් මේ මස පළමු වැනි දින සිට බලපැවැත්වෙන පරිදි දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය.


• ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදංචි වෛද්‍යවරු
• ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ ලියාපදංචි සාමාජිකයන්
• ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයන්
• ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන්
• වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයන්
• ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සංගමයේ සාමාජිකයන්
• ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයන්ගේ සංගමයේ සාමාජිකයන්
• ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයන්
• ප්‍රාදේශීය ලේකම්වරු යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයන්
• මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයන් (ත්‍රී රෝද රථ යතුරැ පැදි සහ අත්ට්‍රැක්ටර් හැර)
• වසර 2018 අප්‍රේල් මස පළමු වැනි දින හෝ ඊට පසු ශ්‍රී ලංකාවේ නිශ්චිත දේපළක් මිල දී ගෙන ඇති හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කරගෙන ඇති පුද්ගලයන්
• සේව්‍ය - සේවක දෙපාර්ශ්වයෙන්ම මාසිකව රුපියල් 20,000 කට වැඩි දායකත්ව මුදලක් ඕනෑම පාරිතෝෂික අරමුදලකට හිමිකම් කියන පුද්ගලයන්
• දේශීය අධිකාරයකින් ගොඩනැගිලි සැලසුමක් සඳහා අනුමතය හිමි කර ගත් ඕනෑම පුද්ගලයන්
• සපයන ඕනෑම සේවාවන් සඳහා මාසිකව රුපියල් ලක්ෂයක් හෝ වාර්ෂිකව රුපියල් ලක්ෂ 12 ක ගෙවීමක් ලබන ඕනෑම පුද්ගලයන් මෙම කොටසට අයත් වේ.

 



අදහස් (0)

අලුත් නීතියෙන් බදු ගෙවන පිරිස ලක්ෂ 10 කින් වැඩිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 142 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 989 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site