උපුල් වික්‍රමසිංහ
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු මෙරට ප්‍රධාන ගුවන්තොටුපළවල් තුනක පරිපාලන කටයුතු ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට අදාළව කිසිදු සාකච්ඡාවක් පවත්වා නැති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවල් තුනක කළමනාකරණ කටයුතු අදානි සමාගමට පැවරීම සඳහා එම සමාගම සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවට ඉන්දීය මාධ්‍යයකට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමක දී ලේකම්වරයා එසේ පැවසීය.
අදානි සමාගමෙන් ඊට අදාළව කිසිදු යෝජනාවක් මේ දක්වා ඉදිරිපත්ව නැති බව කී ඒ මහතා ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දැනට සූදානමක් නැතැයි ද සඳහන් කළේය.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ මුම්බායි නගරයේ සංචාරක වෙළෙඳ ප්‍රදර්ශනයකට සහභාගී වෙමින් සිටිය දී එරට මාධ්‍ය ආයතනයක් වෙත ලබා දුන් සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
84
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපේ ගුවන්තොටුපළවල් අදානිට දෙන්න සාකච්චා කළේ නෑ