IMG-LOGO

අපේක්ෂකයන් වැඩි වෙනවිට වියදම ඉහළට


චාමර සම්පත්


ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් වැඩි වෙනවිට මැතිවරණය පැවැත්වීම සඳහා වෙන වියදම වැල් පොලී ක්‍රමයට ඉහළ යන බව  “ඉරිදා ලංකාදීප”ය කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේය.

සැබෑ මතවාදයක් සහිතව එම මතවාදය ජනතාව අතරට ගෙනයාමේ අරමුණ ඇතිව සැබෑ ලෙසම ප්‍රජාතන්ත්‍රවාදීව අපේක්ෂකයන් ඉදිරිපත් වන්නේ නම් එය කිසිදු ගැටලු‍වක් නොවන බවත්, ගැටලු‍ව වන්නේ එසේ සිදුනොවීම බවත් හෙතෙම පැවසීය.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා ලැබෙන වරප්‍රසාද (ගුවන්විදුලි රූපවාහිනි අවකාශය, ඡන්ද පොළ නියෝජිතයන්  භාවිත කරමින් තවත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමට බොහෝවිට කටයුතු කර ඇති බව අතීත සිදුවීම්වලින් මනාව පිළිබිඹු වන බවත්, කෙසේ හෝ ජනතා මුදල් විනාශ කිරීමක් බවත් රත්නායක මහතා පෙන්වා දුන්නේය. පසුගිය 2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු ඉදිරිපත් වීම හේතුවෙන් ඡන්දය සලකුණු කිරීමේ පත්‍රිකාව අඟල් 26 ක දිගින් යුතුව මුද්‍රණය කිරීමට සිදුවිය. රජයේ මුද්‍රණාලයේ මෙම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ හැක්කේ උපරිම දිග ප්‍රමාණය අඟල් විසිහත හමාරක් බවත් අපේක්ෂකයන් මෙම ප්‍රමාණයටත් වඩා වැඩි වුවහොත් ඡන්ද පත්‍රිකාව වෙනස් කර මුද්‍රණය කිරීමට සිදුවන බවත් සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

එවිට මුද්‍රණ වියදම්, ඡන්ද පෙට්ටි ඇතුළු සියලු‍ වියදම් වැඩිවන බැවින් අපේක්ෂකයන් වැඩි​ ෙවනවිට මැතිවරණ වියදම් වැල්‌ පොලී ක්‍රමයට ඉහළ යන බවද හෙතෙම පෙන්වා දුන්නේය. මෙහිදී වැඩිම වියදම් ඇත්තේ තැපල් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණාලය හා සම්බන්ධව බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එමෙන්ම මීට දින කිහිපයකට ඉහතදී පාර්ලිමේන්තුවේ පැවති වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අහස් දක්වමින් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව ප්‍රකාශ කර තිබුණි. 

”‍ජනාධිපතිවරණයේ ඇප තැන්පත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. නමුත් නීතියක් වුණේ නැහැ. අපේක්ෂකයො වැඩිවීම හොඳයි. ඡන්ද පත්‍රිකාව දිගුවන සෑම අඟල් භාගයකටම වැල් පොලී ක්‍රමයට තමයි වියදම වැඩිවෙන්නේ. මුල දෙදෙනා හැර අනෙක් අය ඇප බේරාගෙන නැහැ. ඉදිරිපත් වෙන බොහෝ දෙනා තවත් අයෙක් නියෝජනය කරන්නේ. තමන්ගේ ප්‍රතිපත්තියක් වෙනුවෙන් තරග කරනවා නම් කමක් නැහැ. ස්වාධීන කණ්ඩායමක් සඳහා රුපියල් ලක්ෂ 31ක්. ඉන් ලක්ෂයක් නැවත නොදෙන තැන්පතු. පක්ෂයක් සම්බන්ධයෙන් ලක්ෂ 25ක්. මෙවර මැතිවරණයට පෙර සම්මත කර දෙන්න.”‍ යනුවෙන් ද හෙතෙම එහිදී ඉල්ලා සිටියේය.

මැතිවරණ කොමිෂන් සභාවේ 2019 වාර්ෂික වාර්තාව අනුව 2019 නොවැම්බර් 16 දා පැවති ජනාධිපතිවරණය සඳහා රුපියල් මිලියන 3217 ක් වැයවී තිබේ. මෙවර ජනාධිපතිවරණය සඳහා රුපියල් බිලියන 10 ක් අයවැය මගින් වෙන්කර ඇත. ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් ඇප මුදල් තැන්පත් කිරීමේදී අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරනු ලබන අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 50,000ක මුදලක් ද, අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 75,000ක මුදලක් ද, ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (26දා) නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් ය. ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

අපේක්ෂකයන් වැඩි වෙනවිට වියදම ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 931 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1320 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site