IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අකුණු අනතුරුවලින් පරෙස්සම් වෙන්න

ඉන්දික හේවාවිතාරණ
මේ දිනවල සවස් කාලයේදී ඇතිවන වැසි සමග අකුණු ඇතිවිය හැකි නිසා අකුණු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් 
ඉල්ලා සිටියි.

මේ වන විට අන්තර් මෝසම්  තත්ත්වය ඇති වී තිබෙන බවත් මේ නිසා සවස් කාලයේදී  ඉදිරි දින කිහිපය පුරාම ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. අදාළ උපදෙස් මෙසේය. 
අකුණු ගැසීම් සිදුවන අවස්ථාවල එළිමහනේ හෝ ගස් යට වැනි විවෘත ස්ථානවල රැඳී නොසිටිය යුතුය. ආරක්ෂිත ගොඩනැගිල්ලක් තුළ හෝ  සංවෘත වාහනයක් තුළ රැඳී සිටිය යුතුය.
අකුණු ඇතිවන අවස්ථාවෙහිදී ජලමූලාශ්‍රවල දිය නෑම, එළිමහනේ ක්‍රීඩා කිරීම, විවෘත වාහන භාවිත කිරීම සිදුනොකළ යුතුය. නිවෙස්වල විදුලි පරිපථ විසන්ධි කිරීම සුදුසුය. තද සුළං හේතුවෙන් ගස් හෝ  විදුලි රැහැන් බිම ඇද වැටීම සිදුවිය හැකි නිසා  ඒ පිළිබඳව  සැලකිලිමත් විය යුතුය. අකුණු අනතුරු නිසා මේ වසරේ ගෙවීගිය කාලයෙහිදී පුද්ගල මරණ  හයක් සිදුවී පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පසුගිය වසරෙහි දී  අකුණු අනතුරු නිසා පුද්ගල මරණ දහසයක්  සිදුවී පුද්ගලයන් නවයක් තුවාල ලබා තිබේ. සවස් කාලයේදී වැසි සමග අකුණු ඇති විය හැකි නිසා අකුණු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

අකුණු අනතුරුවලින් පරෙස්සම් වෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site