කොඳු ඇටපෙ​ෙළ් ඇදය සුවකළ විස්මිත ප්‍රතිකාරය


  • ලංකාවේ ප්‍රධාන පෙළේ  රෝහල්වලින්වත් හොඳ කර ගන්න බැරි වුණා අන්තිමට ජීවිතේ නැතිකරගන්නත් හැදුවා
  • ඇඟලු‍ම්, රියදුරු පරිගණක,දුරකථන, බර වැඩ රැකියා  ලෙස කරන අයට, දිගු වේලාවක් ලෙස කරන අයට, දිගු වේලාවක් ස්නායු තෙරපීම් එනවා.  
  • දිගුකල් පවතින කොන්දේ අමාරුව,  කොඳු ඇටපෙළේ සිට බෙල්ලට එන වේදනාව හිස දක්වා තියේනම් කකුල්   හිරි වැටෙනවා නම් නොසලකා හරින්න එපා 
  • මුලින් කුදු වුණා කොඳු ඇට පෙළ ඇද වුණා  ඉදගන්නත් බෑ ඇවිදින්නත් බෑ
  • ඔපරේෂන් කළත්  හොඳ වෙන එක ෂුවර් නෑ. තුනටියෙන් පහළ පණ නැති වෙනවා කිව්වා 

 

 

 

කේ. අනුර සම්පත් අම්පාර හිඟුරාණ ප්‍රදේශයේ ජීවත් වෙන වයස අවුරුදු 40ක අයෙක්. දරුවන් තිදෙනෙකුගේ පියෙක් වෙන අනුර රැකියාව කළේ විදුලිබල මණ්ඩලයේය. තරුණ කල සිටම මහන්සි වී වැඩකළ අනුර කිසි විටෙකත් කම්මැලියෙකු නොවීය. අනුරට කාලයක සිට කොන්දේ අමාරුවක් තිබුණි. එය ගණන් නොගෙන වැඩ කළත් කාලයත් සමග එකතැන හිටගෙන සිටින විට වාඩිවෙලා ඉන්න විට අනුරගේ කකුල් දෙක හිරි වැටෙන්නට පටන් ගත්තේ නොසිතු ලෙසිනි. මේ සමගම වැඩක් කළ විට කොන්දේ අමාරුව ද වැඩි වූයේ කවුරුත් නොසිතූ ලෙසිනි.  

සිය අමාරුව දිනෙන් දින වැඩි වෙන විට අනුර කළේ මහනුවර පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් මාස හයක් පමණ එක දිගට ප්‍රතිකාර ගැනීමය. එහෙත් තම අසනීපය හොඳ නොවෙන තැන මහනුවර මහ රෝහලෙන් සහ පේරාදෙණිය මහ රෝහලෙන් ප්‍රතිකාර කළේ අසනීපය එන්න එන්නම දරුණු වු බැවිනි. වසර දෙකක් පමණ එක දිගට ප්‍රතිකාර කළ ද සුව වෙනවා වෙනුවට අනුරට වූයේ අසනීපයෙන් තව තවත් පීඩා විඳීමය. හොඳට සිටි අනුර එකවර කුදුවෙන්න පටන් ගත්තේ මේ අසනීපයේ දරුණුකම තව තවත් කියා පාමිනි. ඒ සමගම වම් පාදය පණ නැති විය. අමාරුවෙන් හෝ ඇවිද ගියත් එසේ ගියේ ශරීරයේ බර දකුණු කකුලට දෙමිනි. කුදු වී දකුණු අතින් දකුණු පාදයට බර වී දිගින් දිගටම සිටීම නිසා අනුරගේ කොඳු ඇට පෙළ ඇද වෙන්නට ද පටන් ගැණුනි. මෙතෙක් කල් කළ රැකියාව මෙන්ම ගොවිතැන ද කරගත නොහැකි විය. පසුව අනුරාධපුර ප්‍රදේශයේ සිංහල වෛද්‍යවරයෙකු වෙත ගොස් මාස දෙකක් පමණ ප්‍රතිකාර කළත් ඉන් ද අනුරට සුවයක් නැති විය.  


කවරකු හෝ කරන ලද කොඩිවිනයක් නිසා මෙලෙස අනුරට බලපෑම් එල්ල වූ බව නෑදෑයින්ගේ අදහස විය. දේවාල ගානේ ගොස් බලි තොවිල් කළේද එවැනි දෙයක් කර ඇත්නම් සහනයක් අපේක්ෂාවෙනි. නමුත් මේ සියලු‍ දේටම අනුරගේ අසනීපය හොඳ කරගත නොහැකි විය. අසනීපය නිසා අනුර මානසිකව පීඩා විඳීම එන්න එන්නම වැඩි විය. තව තවත් බිරියට දරුවන්ට සහ නෑදෑයන්ට තම අසනීපය වදයක් වෙනවා දකින්නට කැමැති නැතිව අනුර සියදිවි නසා ගැනීමට තීරණය කළේ එහෙයිනි. නමුත් ඊට දෛවය හරස් වූයේ අනුරට තවමත් ජීවිත් වීමේ වාසනාව ඇති හෙයිනි. අන්තිමේ දී යහළුවෙකුගේ මාර්ගයෙන් කොළඹ ප්‍රධාන පෙළේ රෝහලක වෛද්‍යවරයෙක් චැනල් කොට පෙන්වීමට අනුර එකඟ වූයේ වෙන කිසිවක් කරගත නොහැකි තැනදීය.  


එම වෛද්‍යවරයාගේ උපදෙස් වූයේ ප්‍රතිකාර කිරීමට පෙර එම්.ආර්.අයි. ස්කෑන් එකක් කළ යුතු බවය. එම ස්කෑන් එකද කළ පසු වෛද්‍යවරයාගේ නිගමනය වූයේ ස්නායු පද්ධතියේ තෙරපුමක් මත මේ අසනීපය සිදු වී ඇති බවය. මේ සඳහා එන්නතක් ලබාදිය යුතු බව වෛද්‍යවරයාගේ නිගමනය විය. එම එන්නත ලබා දීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ රෝහලේ තවත් වෛද්‍යවරයෙක් වෙත යොමු කළේය. එන්නත ලබා දුන්න ද අනුරගේ අසනීපය සුව කිරීමට නොහැකි විය. දවසින් දවස අනුර දිරාපත් වෙනවා හැරෙන්නට එක්තැන් වෙනවා හැරෙන්නට වෙනත් යමක් සිදු වූයේ නැත. කෙසේ හෝ එම රෝහලේ අනුරව බලපු වෛද්‍යවරයාගේ නිගමනය වූයේ ශල්‍යකර්මයක් කළ යුතු බවය. වම් කකුළට යන ස්නායුවක හටගෙන ඇති තෙරපුමක් නිසා මේ අසනීප තත්ත්වය හටගෙන ඇති බවත් ශල්‍යකර්මයක් මගින් එය සුව කළ හැකි බවද වෛද්‍යවරයාගේ නිගමනය විය. නමුත් මෙහිදී වෛද්‍යවරයා අනුරට කියා ඇත්තේ මෙම ශල්‍යකර්මයේ ප්‍රතිඵලය සියයට සියයක් සාර්ථක නොවන බවය.”‍ඔයාට හොඳ වෙයි නමුත් සමහර වේලාවට තුනටියෙන් පහළ පණ නැති වෙයි. මේකෙන් සියයට පනහ පනහ තමයි විශ්වාස කරන්න පුළුවන් යැයී ”‍ වෛද්‍යවරයාගේ මතය විය.  
ඉන්පසු අනුර මහනුවර පිහිටි සිය සහෝදරියගේ නිවසට ගියේ ඉදිරියේදී කළ යුත්තේ කුමක් දැයි පවුලේ අය සමග කතා කර ගැනීමටය. නුවර ආ ගමනේ දී අනුරට පොල්ගහවෙල ප්‍රදේශයේ ස්නායු රෝගවලට ප්‍රතිකාර කරන වෙදමහතෙකු ගැන දැන ගන්නට ලැබී ඇත. ඒ ගැන සොයා බලන විට පොල්ගහවෙල සිට කෑගල්ල පාරේ කිලෝමීටර හතරක් ගිය විට ඉඹුල්ගස්දෙණිය හන්දිය හමුවෙයි. එතැනින් හැරි රඹුක්කන පාරේ මීටර 200ක් පමණ යනවිට හමුවෙන පුරාණ හෙළ වෙද ගෙදර නම් ස්ථානයේ ස්නායු රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන දම්මික ප්‍රදීප් වෙද මහතා ගැන දැන ගන්නට ලැබී ඇත.  


දම්මික වෙදමහතා ස්නායු රෝග සඳහා ප්‍රතිකාර කරන්නේ පාරම්පරිකව වෙදකමට අනුවය. මේ කාලය රටම කොරෝනා වසංගතයට වහපු වකවානුවයි. නමුත් අසනීපයට ප්‍රතිකාර ගැනීමට ඕනැ නිසා අනුර කෙසේ හෝ වෙදමහතා හමු වීමට ආවේය. එලෙස ආ අනුරට තම අසනීපය සුව කර ගැනීමට හැකිදැයි වැඩි බලාපොරොත්තු තිබුණේ නැත. තමන් මෙතෙක් බලපු වෛද්‍යවරු සහ වෙදමහත්වරුන්ට සුව කිරීමට නොහැකි වූ අසනීපය දම්මික වෙද මහතා සුවකරයිද යන සැකය අනුර තුළ විය. අනුරව බලපු වෙදමහතා කියා ඇත්තේ ඔයාව හොඳ කරන්න පුළුවන්. කුදු වුණ එක හරි ගස්සලා කොදු ඇටපෙළේ ඇදය හරි ගස්සලා දෙන්නම් හැබැයි මම කියන විදියට බෙහෙත් කරන්න කියාය.   


වෙද මහතා මොනවා කිව්වද බටහිර වෛද්‍යවරුන්ටද සුව කළ නොහැකි වූ රෝගය මේ වෙදමහතා සුව කරන්නේ කෙසේද කියා අනුරට ගැටලු‍වක් විය. එනිසාම තමන්ගේ ජීවිතය ගැන වගකීම ගැනීමට වෙදමහතාට හැකි දැයි අනුර වෙදා මහතාගෙන් විමසා ඇත. තමන් කියන විදියට ප්‍රතිකාර කළොත් හොඳ කරන බවට වෙද මහතා සහතික වී ඇත. අනුරට එය අස්වැසිල්ලක් විය.  


අවසානයේදී මාස තුනක් පමණ එක දිගට ප්‍රතිකාර ලබන විට අනුර සම්පූර්ණයෙන්ම සුව වී තිබුණි. අවසාන ප්‍රතිකාරයද කළ අනුර දැන් වෙනදා මෙන් බර වැඩ මෙන්ම වගා කටයුතු ද කරයි. යම් හෙයකින් පොල්ගහවෙල දම්මික වෙද මහතා නොවන්නට අනුර සදාකල් අබ්බගාතයෙක් වෙනු ඇත. නැත්නම් සෑමදාම කුදු වී කොඳු ඇටපෙළ ඇද වී ඇවිද යාමට බැරි වෙනු ඇත.  


වීදාගම වෙද පාරම්පරාවේ වෙද දැනුමට අනුව මෙම වෙදකම කළ දම්මික ප්‍රදීප් වෙද මහතා අනුරට ප්‍රතිකාර කිරීම ගැන පවසන්නේ මෙවැන්නකි. අනුරගේ කොඳු ඇටපෙළේ L4-L5 අන්තර් කශේරුකා මඩල එළියට නෙරා තිබූණා. ඔහු බර වැඩ කරන නිසා එහිදී ඇති වූ පීඩනයක් මත මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුලු‍වන්. මේ නිසා අනුරගේ සුසුම්නාව සහ ස්නායු තෙරපීමක් සිදුවෙලා තියෙනවා. කාලයක් තිස්සේ මේක තිබිලා L4-L5 අන්තර් කශේරුක මඩල වේලිලා. ඒ නිසා අනුරට බර දරාගන්න බෑ. කොන්ද කෙලින් තියාගන්න බෑ. කුදු වෙනවා. ලොකු ස්නායු තෙරපීමක් නිසා කොඳු ඇටපේළිය ඇද වෙලා තිබුණේ. ආයුර්වේදයේ මේකට කියන්නේ ගෘද්‍රසි වාත රෝගය කියලයි. අනුරට ශල්‍යකර්මයක් කළත් එය සමහර විටෙක හරි යන්න පුලු‍වන්. නැත්නම් සදාකල් ආබාධිත වෙන්න පුළු‍වන්. එය අවදානමක් වුණා. එයා ආවේ පුටුවකවත් ඉද ගන්න බැරි විදියට. පිළිවෙළට බෙහෙත් ටික කළා. මුලින් අනුර ප්‍රතිකාර කරන විට පරිස්සම් වුණේ අඩුවෙන්. ඒ නිසා හොඳ කරන්න මාස දෙක හමාරක් පමණ ගියා.  


කාලයක් ප්‍රතිකාර කරලා ස්නායු තෙරපීම් හදලා ව්‍යායාම කරලා කොන්දේ ඇදේ සහ කුඳු වීම හොඳ කළා. ඉන් පසු ගෙදර ගිහින් අනුරටම කරගත හැකි ප්‍රතිකාර ලබා දුන්නා. එහෙම කෙටි කාලයක් ප්‍රතිකාර කළ අනුරට දැන් හොඳටම හොඳයි. මේ සඳහා ශල්‍යකර්මයක් කළා නම් සමහර විට හොඳ වෙන්න කාලයක් යයි. එයාට බර උස්සන්න බැරි වෙයි නමුත් තෙරපුන ස්නායු හදලා පාරම්පරික වෙදකමෙන් කළ ප්‍රතිකාර හමුවේ අනුර දැන් හොඳින් බර වැඩ කරලා ඉන්නවා. ගොවිතැන් කරලා හොඳින් ජීවත් වෙනවායි වෙද මහතා පවසයි.  
මේ විදියට කාලයක් තිස්සේ තියෙන කොන්දේ අමාරුවක් නොසලකා හරින්න එපා. කොන්දේ සිට බෙල්ල ආශ්‍රිත වේදනාවක් හිස දක්වාම යනවා නම් නොසලකා හරින්න එපා. දිගු කාලයක් එක දිගට කකුළ හිරි වැටෙනවා නම් නොසලකා හරින්න එපා. මේවා සිදු වෙන්නේ ස්නායු තෙරපීමක් නිසයි.  


එක දිගට එකම ඉරියව්වෙන් වැඩ කරන අය මෙලෙස ස්නායු තෙරපීම්වලට ගොදුරු වෙනවා. බර උස්සන අයට, බිම බලාගෙන එකම ඉරියව්වෙන් වැඩ කරන අයට ඇඟලු‍ම් ක්ෂේත්‍රයේ අයට පරිගණක වැඩ කරන අයට ෆෝන්වලින් නිතරම වැඩ කරන අයට ස්නායු තෙරපීම් එන්න පුලු‍වන්. ඒ වේලාවට එම තෙරපීම නිවැරදි කරන්න ඕනැ. විදාගම වෙද පරම්පරාවේ ප්‍රතිකාර ක්‍රමය අනුව ස්නායු තෙරපීම යථා තත්ත්වයට පත් කරනවා. කොඳු ඇටපෙළේ කාටිලේජ වේලිලා තියෙන කොට ඒවා ලියලන්න අපි බෙහෙත් බඳිනවා. මේ බෙහෙත් ලෝකයේ ප්‍රතිකාර ක්‍රමවල නෑ. ලංකාවේ පාරම්පරික වෙදකමේ පමණයි තියෙන්නේ. අපි කරන්නේ ඒ ප්‍රතිකාර. ඒ නිසා අපි කියන පරිදි ප්‍රතිකාර කළොත් ශල්‍යකර්ම සහ එන්නත් නැතිව ස්නායු තෙරපීම් නිසා ඇතිවෙන රෝගාබාධ සුව කරගන්න පුළුවන් යැයි දම්මික ප්‍රදීප් වෙද මහතා කියා සිටියි.  

 

 

 

 

සටහන
 ප්‍රගීත් සම්පත් කරුණාතිලක