IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


විෂ මත මඬින්න බලමුළු 23ක්

(අංජුල මහික වීරරත්න)

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා පිහිටවනු ලැබූ "රටම එකට" ජාතික මෙහෙයුම් සභාවේ සංයුතිය ලෙස පාර්ශව 23ක් පත්කර තිබේ.

මෙහෙයුම් සභාවේ සභාපති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරන අතර එහි ලේකම්වරයා වන්නේ ජනාධිපති ලේකම්වරයායි.

සෙසු පාර්ශව කරුවන් ලෙස  ආගමික නායකයින් විසින් නම් කරනු ලැබූ නියෝජිතයෝ,මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය,ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්,අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්,අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්,පොලිස්පති,ත්‍රිවිධ හමුදාපතිවරු,ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්,රජයේ ප්‍රධාන රස පරීක්ෂක, රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීහු,අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති,සිවිල් සංවිධාන නියෝජනය කරමින් නියෝජිතවරු,විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් නියෝජිතවරු කටයුතු කරති.

මෙම ජාතික මෙහෙයුම් සභාවේ කාර්යභාරය ලෙස විෂ මත්ද්‍රව්‍ය  මුලිනුපුටා දැමීම සඳහා නායකත්වය සහ මඟ පෙන්වීම, ජාතික මෙහෙයුම සැලසුම් කිරීම වැඩසටහන සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීමේ ව්‍යුහය ස්ථාපිත කිරීම, නීතිමය සහ මූල්‍යමය ශක්තිමත් කිරීම යන කරුණු දක්වා තිබේ.

 



අදහස් (2)

විෂ මත මඬින්න බලමුළු 23ක්

Kapila Sunday, 26 October 2025 03:47 PM

පෝට් සිටියට යන කලුගල් ප්‍රමාණය හරියටම කිව්වේ මේ හාදයා නේද?

:       2       0

රනේ Sunday, 26 October 2025 04:39 PM

කපිල මොන පිලේද කියලා අපි දන්නවා. මේ දේශපාලනය නෙමෙයි. මත් රකුසාට එරෙහිව යන ගමනක්. තිරිසන් සත්තු ගාව තියෙන ගුණවත් මේ කපිලලා ගාව නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1460 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1310 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site