‘අධිකරණයේ ස්වධීනත්වය සුරකිනු‘ යන තේමාව යටතේ ඒකාබද්ධ පොදු විපක්ෂය ඇතුළු වෘත්තිය සමිති එකමුතුව මගින් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් කොළඹ පුරහල ලිප්ටන් වටරවුමේදී අද සවස පැවැත්විණි. ශිරානි බණ්ඩාරනායක අග්‍රවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කැරුණු  දෝෂාභියෝගයට විරෝධය පෑම මෙහි ප්‍රධාන අරමුණ වු අතර එම දෝෂාභියෝගය සමිබන්ධයෙන් පත් කැරුණු තේරීමි කාරක සභාවේ තීන්දුව ඒක පාර්ශවික බවටත් එය වහා ඉවත් කර ගන්නා ලෙසත් උද්ඝෝෂකයෝ ආණ්ඩුවට බල කළහ. එක්සත් ජාතික පක්ෂ උප නායක ජෝසප් මයිකල් පෙරේරා ,නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, මහලේකමි තිස්ස අත්තනායක, නව සමසමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණානායක, නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර ඇතුළු දේශපාලන නියෝජිතයෝ ද, සමන් රත්නප්‍රිය,ජෝසප් ස්ටාලින් ,ධර්මසිරි ලංකා පේලි, ඇතුළු වෘත්තිය සමිති නායකයෝද විරෝධතාවට එක් වුහ. යුනියන් පෙදෙස ආශ්‍රිත සියලු මාර්ග කල්තියාම වසා දැමීමට කල්තියාම පොලීසිය කටයුතු කර තිබූ නිසා දැඩි වාහන තදබදයක් ඇතිවිය.