ශ‍්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද
රජයේ සේවකයින් 75000ක් හා පොලිස් නිලධාරීන් 16000ක් ද දකුනු හා බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ඡුන්ද මධ්‍යස්ථාන 4550ක මැතිවරණ රාජකාරී සඳහා යොදවා ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා ලංකාදීපයට අදහස් දක්වමින් පැවසුවේය.
බස්නාහිර හා දකුනු පළාත් සභා මැතිවරණයේ ඡුන්ද විමසීම මාර්තු 29 වැනිදා සිදුකිරිමට නියමිතව ඇත. එම ඡුන්ද විමසීමේ රාජකාරි සඳහා ඡුන්ද මධ්‍යස්ථානවල රාජකාරි කිරීමට රජයේ සේවකයින් 45000ත් 50000ත් අතර ප‍්‍රමාණයක් සේවයේ යෙදවීමට නියමිතව ඇත. එසේම ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල රජයේ සේවයින් 25000ත් 27000ත් අතර ප‍්‍රමාණයක් යෙදවීමටද මැතිවරණ ලේකම් කාර්යාලය සැලසුම් කර ඇත. එසේම පොලිස් නිලධාරින් 8500ක් ඡුන්ද මධ්‍යස්ථානවලට ආරක්ෂාව සැපයීමටද තවත් 2500ක් ජංගම පොලිස් රථවලින් ප‍්‍රදේශයේ ආරක්ෂාව සැපයීමට යෙදවීමටද සැලසුම් කර ඇති අතර ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව සැපයීම සඳහා 3000ත් 5000ත් අතර පොලිස් නිලධාරීන් ප‍්‍රමාණයක් යෙදවීමට සැලසුම් කර ඇති බවද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පැවසුවේය.
බස්නාහිර හා දකුනු පළාත් සභා දෙක තුල ලියාපදිංචි ඡුන්ද දායකයින් 58,98,427ක් සිටින අතර එයින් බස්නාහිර ලක්ෂ 40ක් පමණ ලියාපදිංචිව සිටි. දකුනු පළාතේ ලියාපදිංචිව සිටින්නේ ලක්ෂ 19ක පමණ පිරිසකි. මෙයින් වැඩිම ඡුන්ද දායකියන් ප‍්‍රමාණයක් සිටින්නේ ගම්පහ දිස්ත‍්‍රික්යේ වන අතර එය ලක්ෂ 16කි. කොළඹ සිටින්නේ ඡුන්දදායකයින් ලක්ෂ 15ක් පමණය. එම ඡුන්ද දායකයින් ප‍්‍රමාණය අනුව බස්නාහිර පළාත් සභාවට සභිකයින් 102ක් තෝරා ගැනීමට නියමිතව ඇති අතර දකුණට සභිකයින් 53ක් තෝරා ගැනීමට නියමිතව ඇත.
බස්නාහිරට සභිකයින් 102ක් තෝරා ගැනීම සඳහා කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ලියා පදිංචි පක්ෂ 18න් අපේක්ෂකයින් 974ක්ද ස්වාධින කණ්ඩායම් 15න් අපේක්ෂකයින් 473ක්ද, ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් පක්ෂ 13න් අපේක්ෂකයින් 559ක්ද ස්වාධින කණ්ඩායම් 9න් 382ක්ද, කළුතර දිස්ත‍්‍රික්කයෙන් පක්ෂ 14න් අපේක්ෂකයින් 325ක්ද ලෙස අපේක්ෂකයින් 2743ක් තරඟ වදිති.
දකුණු පළාත් සභාවට සභිකයින් 53ක් තෝරා ගැනීම සඳහා ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් ලියාපදිංචි පක්ෂ 14න් අපේක්ෂකයින් 350ක්ද ස්වාධින කණ්ඩායම් 4න් අපේක්ෂකයින් 100ක්ද මාතර දිස්ත‍්‍රික්කයෙන් පක්ෂ 14න් අපේක්ෂකයින් 280ක්ද ස්වාධින කණ්ඩායම් 5න් 100ක්ද හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් පක්ෂ 9න් අපේක්ෂකයින් 151ක්ද ස්වාධින කණ්ඩායම් 4න් අපේක්ෂකයින් 68ක්ද ලෙස අපෙක්ෂකයින් 1051ක් තරඟ වදිති.
ඡුන්ද භාවිතා කිරිම සඳහා ඡුන්ද දායකයින් තම අනන්‍යතාවය තහවුරු කිරිම සඳහා මැතිවරණ කොමසාරිස් අනුමත කරන හැඳුනුම්පතක් ඉදිරිපත් කළ යුතුය. එලෙස අනුමත කරන ලද හැඳුනුම් පත් ලෙස ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත‍්‍රය, ආමන විගමන බලපත‍්‍රය, රජයේ විශ‍්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත හා මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත භාවිතා කළ හැකි බව මැතිවරණ කොමසාරිස් වරයා පැවසුවේය.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි මැතිවරන නිරික්ෂන මධ්‍යස්ථාන සඳහා 867ක් ලැබී ඇති අතර පොලීසියට පැමිණිලි 119ක් හා පැෆරල් සංවිධානයට 567ක් ද ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 16
47
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
608
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක